කන්කසන්තුරේ වරාය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර ඉකුත් ද ගිවිසුමට අත්සත් තැබිණි. ගිවිසුමට අනුව කන්කසන්තුරේ වරාය දියුණු කිරීම සඳහා ඉන්දියාවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 45.26ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 6.9ක) ණය සහනයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
ගිවිසුම වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග සහ ඉන්දියාව වෙනුවෙන් ඉන්දීය එක්සිම් (අපනයන ආනයන) බැංකුවේ කළමනාකරණ අධ්යක්ෂ ඬේවිඞ් රස්කුවින්හා යන මහත්වරු අත්සන් තැබූහ. ගිවිසුමට අත්සන් තැබුණේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීය.
කන්කසන්තුරේ වරාය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2011 වසරේ ජූලි මාසයේදී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 වසරේ ඉන්දියාවේ කළ සංචාරයේ ප්‍රතිඵලයක් එම ගිවිසුමට අත්සන් තැබිණි.
(055)
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කන්කසන්තුරේ වරාය දියුණු කරන්න ඉන්දියාව සමඟ ගිවිසුමක්
සපුමල් බණ්ඩාර Tuesday, 16 January 2018 08:57 AM
මේක හරිම කණගාටුදායක තත්වයක්. උතුරේ හැම දෙයක්ම කරන්නේ ඉන්දියානු ආධාර වලින්. එතකොට උතුරේ දෙමළ ජනතාව හිතන්නේ ඉන්දියාව එයාලට හරිම ආදරෙයි කියලා. තිස් අවුරුද්දක් යුද්ධය නිසා දකුණේ ජනතාවගෙන් ඈත් වෙලා හිටපු මේ ජනතාවගේ හිත්වල අපිත් ශ්‍රී ලාංකිකයෝ කියන හැගීම ඇති වෙයිද එහෙම වුනහම? කලින් පැවති රජයත් මේ වැරැද්දම කළා.
anura Tuesday, 16 January 2018 11:07 AM
දකුණ ( හම්බන්තොට ) චීනයට, උතුර ( කන්කසන්තුරය ) ඉන්දියාවට , බටහිර හා නැගෙනහිර කාටද දෙන්නේ?
කුමාර් (ගල්ෆ්) Tuesday, 16 January 2018 12:41 PM
හොඳට තියෙයි, හාවාගේ බෙනේ ඉත්තෑවා රිංගුවා වාගේ.