IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කනගරායන්කුලම රිය අනතුරකින් කොස්තාපල් ඇතුළු දෙදෙනෙක් මරුට

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංඛ)
           

යාපනය , නුවර ඒ නවය මාර්ගයේ කනගරායන්කුලම කිලෝමීටර 216 වැනි කණුව අසලදී යතුරු පැදියක් ලොරි රථයකගැටී පොලිස් කොස්තාපල්වරයකු  හා තවත් පුද්ගලයකු අද උදෑසන (03) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කනගරායන්කුලම පොලිසිය පවසයි.
           
යාපනය දක්වා ගමන්ගත් ලොරි රථයක්  කාර්මික දෝශයක් හේතුවෙන් මාර්ගය අසල නවතා තිබියදී පසුපසින් පැමිණි  යතුරු පැදිය ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.
           
මියගොස් ඇත්තේ මඩකලපුව පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල් (94584) ජෙයමූර්ති රිෂිකාන්තන් (19) නැමති යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචිකරුවකු හා ඔහුගේ මිත්‍රයාවූ යාපනය , පලාලි පදිංචි නික්මන් ධනුෂන් (20) නැමැත්තෙකි.
           
පොලිස් කොස්තාපල්වරයා තම යතුරු පැදියෙන් මඩකලපුව පොලිස් ස්ථානයේ සිට නිවාඩු ලබා පැමිණ ඇති අතර පෙරදින රාත්‍රියේ වවුනියාව ප්‍රදේශයේ මිතුරකුගේ නිවසෙහි නවාතැන්ගෙන තිබූ අතර උදෑසන මිත්‍රයාද සමඟ පොලිස් කොස්තාපල්වරයා යාපනය නිවසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත්  පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ යතුරු පැදිය පැදවූ පොලිස් කොස්තාපල්වරයාට වේගය පාලනයකරගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැකපලකරන බවයි.
           
අනතුර සම්බන්ධයෙන් ලොරිරථයේ රියදුරු කනගරායන්කුලම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
           
මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ සහ අනෙක් පුද්ගලයාගේ සිරුරු සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.
           
කනගරායන්කුලම රථවාහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


(ඡායාරූප - සිතුම් චතුරංග)

(ඡායාරූපය-රොමේෂ් මධුසංඛ)

 

 



අදහස් (3)

කනගරායන්කුලම රිය අනතුරකින් කොස්තාපල් ඇතුළු දෙදෙනෙක් මරුට

Ranjith Wednesday, 03 June 2020 06:43 AM

කුමන ජාතියකට අයත් වුවත් මේ නිලධාරින් රජයේ සේවකයන් ලෙස රටේ සාමය රකින්නන්... මොවුන්ට නිවන් සුව පතමු.

:       0       36

de silva Wednesday, 03 June 2020 09:25 AM

පාර අයිනේ නවතලා තිබුණු වාහනයක, අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් ගැටුණාම වාහනයේ රියැදුරු අත්අඩංගුවට අරගන්න ඕනෙද? කරුණාකර මේ කාලයට ඔබින්නේ නැති නීතිරීති ගැන නැවතත් සමාලෝචනය කර බලන්න. සාමාන්‍ය මනුෂ්‍යයිනුත් අපරාධ කාරයින් සමග හිරකූඩුවට දැම්මාම.. ඔවුන් නිකන්ම අපරාධකාරයන් සමග ඇසුරට වැටී අපරාධ කිරීමට පෙළඹෙයි.

:       4       24

Jay Wednesday, 03 June 2020 09:29 AM

ඔය ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත්තා කිව්වට වඩා වෙන විදිහක් නැද්ද කියන්න...? පොලිස් භාරයට ගත්තා වගේ... මොකද මේ වගේ අවස්ථාවක රියදුරු අතේ වරදක් නැතත් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඔහුගේ නිර්දෝෂී බව සනාථ කිරීම සදහායි. ඒ වගේ අවස්ථාවක් අත්අඩංගුවට ගැනීමක් වෙන්නේ නැහැ.

:       0       46

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 198 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 910 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2313 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1601 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 934 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2175 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1440 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site