IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කතානායක-ජනපති ධූර දෙකම කතානායකට දැරිය හැකියි

අංජුල මහික වීරරත්න

 

කතානායකවරයාට කතානායක සහ ජනාධිපති යන ධුර දෙකම දැරීමට හැකි ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවක දී අද (18) පැවසීය.

රටේ අරාජික නායකත්වයක් ඇති වුවහොත් ආණෟඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 (2) වගන්තිය යටතේ කතානායකවරයාට ඒ සම්බන්ධයෙන් අගවිනිසුරු වෙත ලිඛිතව දන්වා යැවිය හැකි බව කී මන්ත්‍රීවරයා රට අරාජික බවට අගවිනිසුරු පිළිගතහොත් කතානායකවරයාට ජනාධිපති ධුරය ද දැරීමට අවස්ථාව හිමිවන බවද පැවසීය.

එහිදී අගවිනිසුරුවරයා රට අරාජික වීමට හේතු විමසා බලන අතර චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුවී ඇත්දැයි යන්න විමසා බලන බවද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (36)

කතානායක-ජනපති ධූර දෙකම කතානායකට දැරිය හැකියි

Nishantha Sunday, 18 November 2018 11:43 AM

අපරාදෙනේ ජනාධිපති කෙනෙක් ඉන්නේ...

:       131       2453

Udara Sunday, 18 November 2018 11:48 AM

ඔහෙලා එක එක දේවල් කියලා අර වයසක මනුස්සයා තමයි අන්තිමට අමාරුවේ වැටෙන්නේ...

:       14       2340

channa Sunday, 18 November 2018 11:50 AM

අනේ එතකොට පොලොන්නරුවේ මහතා...

:       2014       144

sandy123Sunday, 18 November 2018 12:20 PM

ගෙදර යන ගමන්....

:       230       172

Hafeel Sunday, 18 November 2018 02:30 PM

ආප්ප විකුණලා හරි ජීවිතය ගත කරාවි.

:       44       153

සමන්ත Sunday, 18 November 2018 11:50 AM

එහෙනම් ඉතින් ජනාධිපතිවරණය නොතියා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා කතානායක පත් කරමු.. පාර්ලිමේන්තුවේ ස්වාධීන නැති මේ කතානායක ජනාධිපති බලතල ගත්තොත් මොනවා වෙයිද...?

:       1025       3019

Bamunuarachchi Sunday, 18 November 2018 12:07 PM

හලෝ අපි කියන බණේ තේරෙන්නේ නැද්ද? ජනතාව ඉල්ලන්නේ මහජන ඡන්දයක්... මන්ත්‍රී ඇමති ඡන්දයක් නොවෙයි.

:       174       2131

Bamunuarachchige ammaThursday, 22 November 2018 04:52 AM

ඡන්දෙ ඉල්ලන්නේ අපේ සල්ලි හොරකපු උන්ගේ නඩු ටික එනවා ඊලග මස 6 .... නඩු ටික මග අරින්නයි මෙහෙම කරන්නේ.... නැතිව අපට ආදරේට නෙවෙයි.

:       0       1

Bamunuarachchi Sunday, 18 November 2018 12:07 PM

හලෝ අපි කියන බණේ තේරෙන්නේ නැද්ද? ජනතාව ඉල්ලන්නේ මහජන ඡන්දයක්... මන්ත්‍රී ඇමති ඡන්දයක් නොවෙයි.

:       2366       6249

සමන්තSunday, 18 November 2018 12:52 PM

ඇයි, ඔයා හිතන් ඉන්නේ ජනතාව කියන්නේ ඔයාගේ දේශපාලන මතය කියලද? නිකන් යන්න මහත්තයා යන්න බයිලා කියන්නේ නැතුව​...

:       2669       685

BamunuarachchiSunday, 18 November 2018 04:49 PM

බයිලද පැල්කවිද කියලා අහන්න දීල බලන්නකෝ, මොකද දෙන්න බය? පරදින බව දන්නා නිස්සනේ. මොකක්ද හිතනවාද 18 පෙබරවාරි වලින් පස්සේ රනිල්ට මිනිසුන්ගේ කැමැත්ත වැඩි උනාකියලා.? ඒ නිසාද පක්ෂෙන් සජිත් තෝරන්නේ?

:       6       0

roshan prananduSunday, 18 November 2018 01:15 PM

ජනතාව කියන්නේ අපි, අපි ඉල්ලන්නේ ජනාධිපතිවරණයක්.., නැත්නම් අායෙත් මේ ජනාධිපති ප්‍රශ්න ඇති කරනවා. මෙයාව යවන්න ඕනෑ.

:       2230       497

BamunuarachchiSunday, 18 November 2018 04:55 PM

මෙයාව යවලා ගන්නේ ඝෝටාභය. එජාපෙ ජනාධිපතිකම දෙන්නේ රනිල්ටද? නරකද ඒ ඡන්දෙ කුණුබක්කියට දාන එක. අගමැතිකම කොරගන්න බැරි කෙනා කොහොමද ජනාධිපති කමක් කොරන්නේ. අපි දන්නවා එජාපෙන් පොල් පිත්තක් ආවත් ඡන්දෙ දෙනබව. එජාපෙ ඉන්නවාද ජනාධිපති කම කොරන්න කෙනෙක්.

:       26       0

Chanak Los angelesSunday, 18 November 2018 06:25 PM

හලෝ අපි කියන පිරිත තේරෙන්නේ නැද්ද? ඕවට වියදම් කරන්නේ හලෝගේ බූදලයෙන්ද?

:       104       1

ගල්කටස් Sunday, 18 November 2018 12:42 PM

ඕන් පටන් ගත්තා තව විශාරදයෙක්... යකෝ අපිට ඕනෑ දැන් ජනාධිපතිලා, කථානායකලා නෙමෙයි, ඡන්දයක්.. එ්ක දීපල්ලා.. අපි බලාගන්නම් කව්ද එවන්න ඕනෑ.. කව්ද යවන්න ඕනෑ කියලා..

:       755       3139

Dayan Sunday, 18 November 2018 01:18 PM

මහින්ද රාජපක්ෂ යටතේ ගල්කටස් වලින් ඡන්දෙ කරාවි ෂුවර් එකටම...

:       2382       490

Vishaka Sunday, 18 November 2018 01:32 PM

අම්මපා. එහෙනම් රනිල් එ්කත් බදාගනියි.

:       123       2378

menna Sunday, 18 November 2018 01:56 PM

දැන් තමයි තේරෙන්නේ ඒජාපෙට රට ගැන කිසිම අවබෝධයක් නැති පක්ෂයක් කියලා. 1815 ගිවිසුම් ගහලා සුද්දෝ ලංකාව යටත් විජිතයක් කළාට, 2015 ගිවිසුම් ගැහුවේ කළු සුද්දෝ හින්දා අතේ මාට්ටු... ඔය එන්නේ ඒජාපෙ යටි අරමුණු... ඡන්දෙකින් දිනන්න බැරි ජනාධිපතිකම ජනාධිපති රට අරාජික කරනවා කියලා බොරු කියලා ජනධිපතිකම් ගන්න... මේ වෙනකන් ඒජාපේ කටයුතු ගැන මධ්‍යස්ථව බලන් හිටියා.. ඒ වුණාට මේ වගේ දේවල් වෙන්නම ඕනේ.. මොනවගේ කුරුමානම් කරන්නද බලන් ඉන්නේ කියල බලන්න.

:       124       2486

chinthakaMonday, 19 November 2018 06:14 AM

මේ මිනිහට පිස්සු. මොන ක්‍රමේකින් හරි බලයේ ඉන්න තමා බලන්නේ

:       0       21

buddhima Sunday, 18 November 2018 01:56 PM

දැන් බලන් ගියාම ජනතාවගේ ඡන්ද අයිතියත් මේ ගොල්ලොම තීරණය කරනවනේ...

:       2       742

sachith Sunday, 18 November 2018 02:07 PM

අගමැතිලා දෙන්නෙක් ඉන්න රටේ ජනාධිපතිලා දෙන්නෙක් වැඩි නෑ...

:       54       116

Amila Sunday, 18 November 2018 02:18 PM

එක්කෝ මේ වෙලවේ හැටියට රනිල් සහ මහින්ද එකඟතාවයකට පැමිණ මේ පොලොන්නරුවේ කේස් එක ගෙදර යැවිය යුතුය.

:       530       443

විජිත් Sunday, 18 November 2018 03:59 PM

මේ නාකි දේශපාලකයන්ගේ අදහස් අපිට හරියන්නේ නැහැ. මේ ඔක්කොම නඩු අහලා බලු කූඩුවට දමලා අලුත් තරුණ උගත් බුද්ධිමත්, වෙනස්ම පක්ෂයකින් එන නායකයෙක් පත්කර ගනිමු...

:       0       0

Bamunuarachchi Sunday, 18 November 2018 05:02 PM

මහින්ද ගල්කටස් බැරිනම් කැටපොල් එකෙන් හරි කමක් නැහැ මත්තල වී ගබඩාවක් කොරන්න තරම් වී හාල තිබුණු මෙරට වී නැති රටක් කරපු එජාපෙ ගෙදර යවනවානම්. මහා බැංකුව කොල්ලකාපු මේ ආණ්ඩුව තියා ගන්න ඕනේ කියන්නේ මොන ලාංකිකයාද?

:       0       116

Jaya Sunday, 18 November 2018 11:21 PM

මාර මෝඩ චුන් තමයි දැන් තියෙන්නේ.

:       1       115

සෙනෙවි Monday, 19 November 2018 12:42 AM

අප්පුවා රජ උනා වගේ තියෙයි

:       0       75

disa Monday, 19 November 2018 02:34 AM

මේ වෙලාවේ මේකට සුදුසුම විසදුම කතානායකට බාර දීමයි.

:       120       37

Deepal Nirosh Monday, 19 November 2018 03:18 AM

මේ කතානායකට ජනාධිපතිකම දෙන්න? දැන් මෙහෙම නම් ජනාධිපතිකම නොවෙයි අගමැතිකම ලැබුනොත් කොහොම වේද?

:       7       133

Pasindu Monday, 19 November 2018 04:11 AM

එතකොට ජනාධිපති, අගමැති මොකටද ? අර පර්ලිමේන්තුවේ කතානයක ඡන්දය විමසන්නේ ශබ්දය අනුව. ලොකේ පලවෙනි පර්ලිමේන්තුව ඔහොම දෙවල් වෙන. රටට බුදු සරණයි මහත්තයෝ. විරුද්ධයි ඕකට නම්.

:       311       142

keerthi senarath Monday, 19 November 2018 07:28 AM

එය ඉතා ඉක්මනින් කරන්න

:       109       2

parakkrama Monday, 19 November 2018 08:11 AM

පසිඳු මයා, චමල් රාජපක්ෂ මැතිතුමා කතානායක වශයෙන් කටයුතු කරන අවදියේ කිහිප වතාවක් ශබ්දය අනුව තමාගේ සිතැඟි පරිදි ඡන්දයේ ප්‍රතිඵල පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයට පත්කර ඇති බව නොදැන සිටීම ගැන කනගාටුයි.

:       60       1

aruna Monday, 19 November 2018 08:22 AM

මේ අවස්ථාවේ රට බේරා ගැනීමට තිබෙන හොඳම ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමයි...

:       48       3

amali Monday, 19 November 2018 10:14 AM

කතානායකතුමාට ජනාධිපතිකම දුන්නොත් වඳුරට දැලි පිහිය දුන්නා වගේ තියේවි එයා එජාපයේ කතානායක මිසක් පාර්ලිමේන්තුවේ කතානායක නෙවෙයි එක ඕනෑවටත් වඩා පහුගිය ටිකේ දැක්කා...

:       1       63

Bamunuarachchi Tuesday, 20 November 2018 04:37 AM

එතකොට ජනාධිපති ධුරයයි කතානායක ධුරයයි දෙකම ජනාධිපතිට දරන්න බැරිද?

:       0       0

sam Wednesday, 21 November 2018 01:08 AM

මේ ප්‍රශ්නයේදී පෙනෙනවා කතානායක ජනපතිකම ගන්න සීතල යුද්ධයක් ගෙනියනබව. ඔහු මේ හදන්නේ තමන්ගේ බෑනා වන නවීන් දිසානායකව උඩට ගන්නයි. ඔය ගේම් එකේදී රනිල් එලියට යනවා. නවීන්ගේ තාත්තා ට්‍රයි කරලා බැරිවුනුදේ තමයි මේ පාර කතානායක තනතුර හරහා කරන්න යන්නේ. 1991දි ගාමිණි දිසානායකට වැරදුනේ කතානායක ප්‍රේමදාස මහතාට පක්ෂවූ නිසා. මේ පාර රනිල්ට සහ සජිත්ට වරදින්නේ නවීන්ට පක්ෂ කතානායක නිසා. සිරිසේන රාජපක්ෂ රනිල් ප්‍රශ්නේ මග යන අස්සේ කරු සහ නවින් ගෙනියන්නේ මාර ගේමක්. ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කියන්නේ නිකම් නෙවෙයි.

:       1       0

rohana kumara mendis Wednesday, 21 November 2018 08:17 AM

බමුණුආරච්චි කිසිම දෙයක් දන්නෙත් නෑ දන්නවා වගේ ලියන්නේ. මහින්දට කඩේම යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 58 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 183 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 444 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 75 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 68 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 659 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site