IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කටුනායක කර්මාන්තශාලාවක සේවකයෝ අඛණ්ඩ උපවාසයක

(ටී. කේ. ජී. කපිල )

 
කටුනායක අත් වැසුම් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක සේවකයින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක දැන්වීමක්, සිය කර්මාන්තශාලාවේ දැන්වීම් පුවරුවක ඇලවූ නිසා එහි සේවකයින් 05 දෙනෙකු සේවයෙන් නෙරපා හැරීමට එරෙහිව එහි සේවකයෝ  දින 07 ක සිට  කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ඉදිරිපිට  අඛණ්ඩ  විරෝධතාවක නියැලී සිටිති.
 
මෙම කර්මාන්තශාලාව  බ්‍රිතාන්‍යයට අයත් ආයෝජන ව්‍යාපෘතියකි. කර්මාන්තශාලාවට අයත් තවත් කර්මාන්තශාලා 05 ක් ඇති අතර, මෙම කර්මාන්තශාලාවේ පමණක් සේවකයෝ  1200 ක් පමණ සේවය කරමින් සිටිති.
 
මෙම සේවකයින් තම සේවක වෘත්තීය සමිතිය පිහිටුවා වසර දෙකක් සපිරීම නිමිත්තෙන්, ඉකුත් 2015 වසරේ සැප්තැම්බර් මස ලේ දන්දීමේ ව්‍යාපාරයක් සංවිධානය කර, ඒ පිළිබඳව දැන්වීමක් සේවක නිර්මාණ ඉදිරිපත් කරන "කැට්පත් පවුර'' නැමැති දැන්වීම් පුවරුවේ අලවා තිබේ.
 
මෙයට උරණ වූ කම්හල් පාලනාධිකාරිය ඊට මුල් වූ සේවක වෘත්තීය සමිතියේ නායකයින් 05 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
 
පසුව පසුගිය 11 වැනි දින උදෑසන  8.00 ට මෙම කම්හලේ මානව සහ පිරිස් පාලන අංශයට මෙම සේවකයින් කැදවූ කම්හල් පාලනාධිකාරිය එම විනය පරීක්ෂණයේ අවසාන නිගමනය ප්‍රකාශයට පත් කරමින් මොවුන් 05 දෙනා සේවයෙන් නෙරපා හැර තිබේ.
 
මෙයට එරෙහිවූ සේවකයින් මේ පිළිබඳව මීගමුව සහකාර කම්කරු කොමසාරිස් හමුවේ පැමිණිලි කළ අතර, කම්හල ගත් එම  තීරණයට එරෙහිව අඛණ්ඩ සේවක විරෝධතා ව්‍යාපාරයක් ද එදින සිටම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ඉදිරිපිට ආරම්භ කර තිබුණි.
 
රැකියා අත් හිටුවීමකට ලක් වී ඇති මෙම සේවකයින් මෙම කම්හල වෙනුවෙන් දීර්ඝ කාලීනව ඉටු කර ඇති මෙහෙය වෙනුවෙන් රන් තිළිණවලින් පිදුම් ලැබීමට නිර්දේශ වී ඇතත්, වර්තමාන තත්ත්වය මුල් කරගනිමින්  කම්හල් පාලනාධිකාරිය මොවුන්ට  මෙම තිළිණ ප්‍රදානය කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව මෙසේ විරෝධතා දක්වන සේවකයෝ පැවසූහ.
 
මෙම කම්හල් පාලනාධිකාරිය ආරක්ෂක අංශය ඇතුළු අනෙකුත් කාර්යාලීය නිලධාරී පුරප්පාඩු සදහා විශ්‍රාමික පොලිස් සහ හමුදා නිලධාරීන් බදවා ගනිමින් කම්හල තුළ හමුදා පරිපාලනයක් ඇති කරමින් සේවකයින් පීඩනය පත් කිරීමට ද උත්සාහ ගන්නා බවට ද මෙම සේවකයෝ චෝදනා කළහ.
 
 මෙම දැන්වීම ඇලවූ බව පිළිගත් මෙම කර්මාන්තශාලාවේ තවත් සේවකයෙකු අවවාද ලිපියක් නිකුත් කර දිගටම මෙම කම්හලේ සේවයෙහි තබා ගෙන ඇති බව පවසන මෙම විරෝධතා දක්වන සේවක පිරිස, මෙසේ අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ  මෙම වෘත්තීය සමිති නායකයින් යළි සේවයේ පිහිටුවන තුරු මෙසේ අඛණ්ඩව අරගල කරන බවද පැවසීය. 


 
 



අදහස් (1)

කටුනායක කර්මාන්තශාලාවක සේවකයෝ අඛණ්ඩ උපවාසයක

Not a slave Thursday, 17 January 2019 07:53 AM

EPZ වල නීතිය වෙනස්... ඔය අයියාලට ආයේ රස්සාව හම්බ වෙන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 62 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 405 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 732 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 262 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 226 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 260 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site