(තිළිණි ද සිල්වා)
ඉන්දීය සාගරයේ පොදු ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඕස්ටේ්රලියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගිතාව වර්ධනය කර ගැනීමට ‘ඉන්දු - පැසිෆික් එන්ඩේචර් 2019’ වැඩසටහන යටතේ ඕස්ටේ්රලියානු ඒකාබද්ධ කාර්ය කණ්ඩායමක යුද, නාවික සහ ගුවන් හමුදා අංශ වලින් සමන්විත කණ්ඩායමක් හෙට (23) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණෙන බව මෙරට ඕස්ටේ්රලියා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව ඕස්ටේ්රලියාවේ නෞකා හතරකින් දහසකට අධික පිරිසක් අද (22) කොළඹට සහ ත්‍රිකුණාමලය වරායන් වෙත ළඟාවීමට නියමිත බව මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
එම කණ්ඩාම ලබන 30 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට පෙර ආපදා සහයෝගිතා සැලසුම්, සහයෝගය වර්ධනය කරන නාවික උපක්‍රම සහ හමුදා පුහුණු ක්‍රියාකාරකම්, හුරුපුරුදුකම්, අන්තර් ක්‍රියාකාරී හැකියාවන් සම්බන්ධයෙන් ඕස්ටේ්රලියානු සහ ශ්‍රී ලංකා හමුදා එක්ව කටයුතු කරනු ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඕස්ටේ්රලියානු වැඩබලන මහ කොමසාරිස් ජෝන් පිලිප් සඳහන් කළේ කලාපය තුළ ඉහළ යන අන්තර් සම්බන්ධතාවයන් සහ ගතිකයන් සමඟින් අඛණ්ඩ වර්ධනයේ ප්රතිලාභ සියලූ රටවලට හිමිවන ස්ථාවර, සුරක්ෂිත, නීතිය මත පදනම් වූ වැඩපිළිවෙළක් ඉන්දීය සාගරයේ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට ඕස්ටේ්රලියාව කැප වී සිටින බවයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඕස්ට්‍රේලියාවේ හමුදා කණ්ඩායමක් ලංකාවට
dias Friday, 22 March 2019 12:21 PM
මේක ඇහිලා විමල් වීරවංස බයට ඇඳ යට හැංගිලා ඉන්නවා කියලා ආරංචියි.
chandima Friday, 22 March 2019 03:20 PM
සිංගප්පූරුවත් ඔය විදියටම ගිවිසුම් ගහලා සහයෝගිත අත්සන් කරලා තිබෙනවා. නමුත් ඒ සිංගප්පුරුවේ සාමාන්‍ය මිනිසුන්ටත් වාසි වෙන විදියට. සිංගප්පූරු වැසියන්ට ඒ රටවල මනා පිළිගැනීමක් තිබෙනවා. සිංගප්පූරුවේ ලැබූ අධ්‍යාපනයට සමතැන් දෙනවා. වෙන එකක් තියා ඇමෙරිකාවේ කෙටිකාලීනව රැකියාකර ආපසු යන්නටත් අවසර දී තිබෙනවා. ඉතින් අපිත් මේ විදියට ඔය රටවල් සමග ගිවිසුම් ගහද්දී ඒ පහසුකම් ජනතාවටත් දැනෙන විදියට ගිවිසුම්වලට එකඟ වෙනවා නම් මෙව්වට ජනතා විරෝධයක් මතුවෙන්නෙත් නැහැ. ඔය ගිවිසුම් ගහද්දි ජනතාවගේ බදු මුදල් වලින් වැටුප් අරන් යහමින් වැජඹුණු උපායමාර්ග අැමතියෙකුත් අවුරුදු ගණනක්ම උන්නා නේද?... ඔය රටවල් වල මුළු ලංකාවේම මිනිස්සු ගියත් ඇතිවෙන්න ඉඩකඩ තිබෙනවා. අපි ප්‍රකෝටි ගානක් වියදම් කරලා උගන්වන දරුවන් අතින් ගානකුත් ගෙවලා ඒ රටවලට යවනවා වෙනුවට අපේ උගතුන්ට වසරකට හෝ දෙකකට ඒ රටවල සේවය කිරීමටවත් අවස්ථාව ලැබෙන විදියට ගිවිසුම් වලට ඇතුල් කරනවා නම්... අපේ කොල්ලන්ටත් එහෙ ගිහින් එ් රටවල හා සමාන වැටුප් ලබාගෙන එන්නට කිහිප දෙනෙකුට හෝ අවස්ථාව ලැබෙනවා. ගව්වක දුර නම් පෙන්නවා කියනවා. එ්ත්... අනේ මන්දා..
mendisFriday, 22 March 2019 04:20 PM
ඔබ කියන කතාව ඇත්ත. නමුත් තවමත් ලෝකයේ බොහෝ රටවල් ලංකාව හඳුනන්නේ දුප්පත්, ණය බරින් පීඩිත, එතරම් අධ්‍යාපනයක් නොමැති, ගෝත්‍රික යුද්ධ පවතින රටක් හැටියටයි. එබැවින්, තවමත් මෙවැනි රටවල් සමග පවතින ද්විපාර්ෂික ගිවිසුම්වලදී අප රටට වාසිදායක වන අන්දමින් කේවල් කිරීමේ ශක්තියක් අපට නැහැ. මට සිතෙන හැටියට, බොහෝවිට මේ ඕස්ට්‍රේලියානු නාවික හමුදා කාණ්ඩය ලංකාවට පැමිණීම පිටුපස තිබෙන්නේ, ලාංකිකයින් මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට නීති විරෝධී අයුරින් ගමන් කිරීම වැළැක්වීම සඳහා ලංකාවේ නාවික හමුදාව පුහුණු කිරීමයි...
chandimaFriday, 22 March 2019 07:57 PM
ලංකාවේ කොහෙද අධ්‍යාපනයක් ලබපු මිනිස්සු ඉන්නේ. ඒ සේරම එරටවල් වලට අදාල ගන්නවා කිසිම වියදමක් නොමැතිවම. හරියට අපි වී ඉස්සට පස්සේ වෙන එකෙක් ගොයම් කපාගෙන යනවා වගේ? ඔය ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර උපදේශක සමාගම් වල ඉහලම පෙලේ උපදේශකයෝ ඉන්නෙත් ලංකාවේ මිනිස්සු. සමහරු ලංකාවටම උපදේශක සේවා සපයන්න එනවා ඒ සමාගම් වෙනුවෙන්. අපෙ රටේ අහිංසක මිනිස්සු ඒ උගත්තු බිහිකරන්න ගත්තු ණය ගෙවනවා දහදුක් විඳගෙන.
rasika Friday, 22 March 2019 05:14 PM
ලංකාවේ ඉන්නේ ගොඩක්ම ලෝකය ගැන නොදන්නා, බොහොමයක් මෝඩ මිනිසුන්... ඒ නිසාම තමයි හොරු ටිකක් හැමදාම ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන්නේ... ඕක තමයි ඇත්ත.. ලංකාවේ මිනිස්සු බොහොමයක් නූගත්, දැන් කියයි ලංකාවේ සාක්ෂරතාව තියෙනවා කියලා.. ඒ කියන්න ලියන්න කියවන්න පුළුවන් කියන එකනේ.... එ්කෙන් උගත්කම මනින්න බැහැ.. ලංකාවෙන් අවේ කිව්වාම බලන්නේ සරණාගතයන් එහෙම නැත්නම් හොරු විදියට.. වැදගත් කෙනෙක්ටවත් වෙන රටකට ගිහින් ජීවත් වෙන්නවත් බැරි කරලා තියෙන්නේ.. මේවා වෙනස් කරන්න නම්.. මුලින්ම ලංකාවේ ඡන්ද දායකයා බුද්ධිමත් කරන්න ඕනේ.. වෙන විසඳුමක් නැහැ. ඡන්ද දායකයා මෝඩයෙක් වෙන තරමටම දැන් ඉන්න දේශපාලක්නයට හොඳයි.. එ්කනේ අධ්‍යාපනයට සලකන හැටි පේනවනේ...