IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ලක්ෂ 580ක ආධාර

( තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේ හදිසියේ ඇතිවූ නායයෑම් හා ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමට ඕස්ටේ‍්‍රලියාව විසින් රුපියල් ලක්ෂ 580කට ආසන්න (ඕස්ටේ‍්‍රලියා ඩොලර් ලක්ෂ පහක්) වටිනා ආධාර තොගයක් මෙරටට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙලෙස  ඕස්ටේ‍්‍රලියා රජය විසින් ලබා දෙන ආධාර අතර පානීය ජලය , ආහාර ද්‍රව්‍ය , පීඩාවට පත්වූ ජනයා මුදා ගැනීමේ මෙහෙයුම් වලට අවශ්‍ය ඩිංගි බෝට්ටු,පිටත දහන එන්ජින් ඇතුළු ද්‍රව්‍ය රැසක් තිබෙන අතර මෙම ආධාර තොගය රැගත් නෞකා ඉදිරි දින දෙක ඇතුළ මෙරටට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියා මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

පීඩාවට පත්වූ ජනතාවට සහන සලසන්නැයි ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර වශයෙන් මෙම ආධාර ශ්‍රී ලංකාවට ලබා දෙන බව  ඕස්ටේ‍්‍රලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය අද (30) නිවේදනය කළාය.
ගංවතුරින් හා නායයෑම් වලින් පීඩාවට පත්වූ ජනතාවගේ පවුල් වෙත ශෝකය ප‍්‍රකාශ කරන බවත් ඔවුන් ගේ ජීවිත යළි නගා සිටුවීම සඳහාත් ,ඔවුන්ගේ ඉදිරි අවශ්‍යතා සැපිරීම සඳහාත්  ඕස්ටේ‍්‍රලියා රජය පෙනී සිටින බවත් ශ්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියා මහ කොමසාරිස් බ‍්‍රයිස් හචිසන් මහතා කියා සිටී.

එසේම පීඩාවට පත්වූ ජනයාට සහන සැලසීමේ කටයුතු වලදී ශ්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියා මහකොමසාරිස් කාර්යාලය හැම විටම රජයේ බලධාරීන් සමඟ සමීපතම සහයෝගයෙන් කටයුතු කරන බවද එම මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මේ සහනාධාර ලබා දීමේ කටයුතු වලට අමතරව එක්සත් ජාතීන් ගේ ළමා සංවර්ධන අරමුදල විසින් කරනු ලබන පානීය ජල ලබා දීමේ හා ළමුන් වඩාත් සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතීන් සඳහාද  ඕස්ටේ‍්‍රලියාව සහයෝගය ලබා දෙයි.

  



අදහස් (3)

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ලක්ෂ 580ක ආධාර

nuwan Tuesday, 30 May 2017 11:10 AM

කට්ටිය සාක්කු වල දාගෙන අවතැන් උන අසරණයන්ට යන කොට පන්සීය අසුවක් වත් ඉතිරි උනොත් පුදුමයි

:       0       3

දාවිත් Tuesday, 30 May 2017 12:46 PM

ඕකෙන් එක ඇමතියෙකුට විතරනෙ වාහනයක් ගන්න පුලුවන්. මෙහමෙත් හිගන රටවල්... දෙනකොට දෙන්න එපෑ ඇමතිවරු 100කටවත් වාහන ගන්න....

:       0       11

sumudu Tuesday, 30 May 2017 01:00 PM

ඔකෙනුත් ඇමතිලා ගහයදා දන්නේ න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 164 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 387 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 70 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 65 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 636 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3416 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site