IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඔසාකා උළෙලේ විශිෂ්ටතම නිළි සම්මානය නිල්මිණි සිගේරාට

 (ටී. කේ. ජී. කපිල )
 
ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙලේ තරගකාරී අංශයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ නිල්මිණි සිගේරා මහත්මිය, ‘අසන්ධිමිත්තා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සිනමා උළලේ විශිෂ්ටතම රංගනය සඳහා පිදෙන "යශිකෝ මුතු" සම්මානය දිනා ගත්තාය.
 
ඇය අද(19) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, ඇය පිළිගැනීම සදහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනූෂා ගෝකුළ මහත්මිය, අධ්‍යක්ෂ අශෝක හඳගම මහතා ඇතුළු නළුනිළියන් පිරිසක් ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
 
ආසියානු රටවල් 14 ක සහභාගීත්වයෙන්  මාර්තු 08 වන දින සිට මාර්තු 17 දින දක්වා මෙම චිත්‍රපට උළෙල ජපානයේ ඔසාකා නුවරදී පැවැත්විණි.
 
සම්මානිත ලේඛක සමන් වික්‍රමාරච්චි මහතා විසින් රචිත "අසන්ධිමිත්තා" නවකථාව ඇසුරෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මෙම චිත්‍රපටය නිපදවා තිබේ.
 
ඇයට මෙම ජයග්‍රහණය වෙනුවෙන් වටිනා සහතිකයක් සහ ජපානයේ ස්වභාවික මුතුවලින් නිපදවූ යශිකෝ මුතු මාලයක් ද එම චිත්‍රපට උළෙලේ සංවිධායකවරුන් විසින් පිරිනමා තිබුණි.
 
නිල්මිණි සිගේරා මහත්මිය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන අතර, ඇය රඟ පෑ පළමු චිත්‍රපටය මෙය වේ.


 



අදහස් (7)

ඔසාකා උළෙලේ විශිෂ්ටතම නිළි සම්මානය නිල්මිණි සිගේරාට

mohan Tuesday, 19 March 2019 04:28 AM

අපගේ උණුසුම් සුබ පැතුම්

:       0       3

wijaya Premadarshana Tuesday, 19 March 2019 04:45 AM

උණුසුම් සුභ පැතුම්

:       0       20

Cisco Tuesday, 19 March 2019 04:51 AM

ඉස්සර හිටිය හොඳ රුපවාහිනී නිවේදිකාව විශිෂ්ටතම නිළිය වී සිටීම පිළිබඳ අපගේ සුබපැතුම්.

:       0       40

Raveendra Tuesday, 19 March 2019 06:17 AM

සුන්දර සිනාවෙන් ඔබ අප සතුටු කලේ... මතකය නැගෙනවා රුපවාහිනී නිවේදනේ... සැමවිට සිනාවෙන් සිටි ඔබ අප සිත්ලේ... සැමදා නොමැකෙනි ඔබේ සුන්දර සිනහවනේ..

:       0       13

Raveendra Tuesday, 19 March 2019 06:25 AM

කෙනෙකුගේ රුපකායට විශේෂයෙන් කාන්තාවකට සුන්දර සිනහාව මිල කළ නොහැකි ආභරණයකි. එම ආභරණයෙන් සැමවිටම සැරසී සිටින ඔබට අපගේ උණුසුම් සුබපැතුම්!!!

:       0       11

Thilina nuraj Tuesday, 19 March 2019 07:42 AM

ගුරු මවිනි ඔබට අපේ උපහාරය..

:       0       7

Sanath Kandy Tuesday, 19 March 2019 09:55 AM

අපේ තරුණ සිනමා කරුවෝ මේ විදිහට ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම සතුටට කරුණක්. එත් අද සිනමාව පොදු ජනතාවගෙන් ඈත් වෙලා කියල මට හිතෙනවා. රුපවාහිනියේ ආගමනය නිසා ජනතාව සිනමාවෙන් ඈත් උනා කියලා තමා විචාරකයෝ කියන්නේ. එත් බලන්නකෝ ඉන්දියාවේ. අලුත් චිත්‍රපටියක් ආවම රසිකයෝ පොර කකා බලන්නේ. එක රසිකයෙක් එකම චිත්‍රපටිය දහදොළොස් වතාවක් බලනවා. අපේ සිනමාවට එහෙම ජනතා ආකර්ෂණයක් දිනාගන්න බැරි ඇයි?

:       0       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 44 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 48 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1349 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3225 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1300 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 217 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site