IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඔයාලා කව්ද කියා සනත් - මුරලි දෙදෙනාගෙන් අසති

සිය බාල සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දෙමින් මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ විවිධ නගර වලට යමින් සිටින මුත්තයියා මුරලිදරන් සහ සනත් ජයසූරිය දෙදෙනාගෙන් කිසියම් පිරිසක් “ඔයාලා කව්ද” කියා විමසා තිබේ. මැතිවරණ රැස්වීමකට සහභාගි වීම සඳහා බගවන්තලාව ප්‍රදේශයට යමින් සිටියදී මුත්තයියා මුරලිදරන් සහ සනත් ජයසූරිය දෙදෙනා මෙම සිදුවීමට මුහුණ දී ඇත. 

එකම දේශපාලන පක්ෂයෙන් තරග කරන තවත් අපේක්‍ෂකයකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් මුරලිදරන් සහ ජයසූරිය දෙදෙගෙන් “ඔයාලා කව්ද” යයි විමසා තිබේ. පසුව පැවැති රැස්වීමකදී ඒ සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් සහ සනත් ජයසූරිය දෙදෙනා අදහස් දැක්වූයේ මෙලෙසිනි.

මුත්තයියා මුරලිදරන් මෙසේ කීවේය.

“අද අපි ගියා තැනකට බගවන්තලාව කියලා.... බගවන්තලාව පාරේ අපි වාහනේ යනකොට පාලමක් ආවා. අපි නැවැත්තුවා. එතන පිරිසක් හිටියා...මම මේ දේශපාලන සිදුවීමක් ගැන කියන්න යන්නේ”

“එක්කෙනෙක් ඇවිල්ලා මගෙනුයි සනත්ගෙනුයි ඔයාලා කවුද කියලා ඇහුවා..... අහලා ඊට පස්සේ මේක මගේ ගම. ඔයගොල්ලන් මොනාටද එන්නේ කියලා ඇහුවා... ඒත් එයා දන්නේ නෑ මේක අපේ රට කියලා”

“අපි රට වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ. මේ රට ගැන ලෝකෙටම පෙන්නලා දුන්න පුද්ගලයෝ දෙන්නෙක්. ඒත් මේගොල්ලෝ අපි දෙන්නාව දන්නේ නෑ. ඒ වගේ දේශපාලනයක් තමයි මෙතන තියෙන්නේ”

“එක මේ ප්‍රදේශයේ දේශපාලකයන්ගේ දේශපාලනය. ඒ දේශපාලනය ප්‍රචාරය කරන කට්ටිය ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවාම මට ඒ ගැන ඉතාම කණගාටු හිතුනා...” යයි කි මුරලිදරන් මහතා ඔහුට පිළිතුරු දී ඇත්තේ මෙලෙසිනි.

“මේක ඔයාගේ ගම වෙන්න පුලුවන්. ඒත් මේක මගේ රට.....”

“මට මේ රටේ ඕන තැනකට යන්න පුලුවන්... යාපනේටත් යන්න පුලුවන්. දකුණටත් යන්න පුලුවන්. උතුරටත් යන්න පුලුවන්.

කාටවත් ඒක නවත්වන් බෑ. ඒක මගේ අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකමවත් දන්නේ නැතුවද කතා කරන්නේ...ඒ වගේ දේශපාලනයක් තමයි මෙහේ තියෙන්නේ”

“මම හිතනවා. අපි යන්න ඕන හොඳ දේශපාලනයකට. මාතෘ දේශපාලනයකට”

“මිනිස්සු බලයි කවුද වැඩ කරන්නේ කියලා... වැඩ කරන්න පුලුවන් කට්ටියට ඡන්දය දෙයි”

“අපි මේ ලංකාව පුරා ගොඩක් වැඩ කරලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න අහන එක ගැන අපිටත් දුකයි. මෙච්චර මහන්සි වෙලා ලංකාවට කීර්තියක් ගෙනාව. 1996 වල්ඞ් කප් එකක් ගෙනාවා. ඒ වගේ ලොකු කීර්තියක් අපි ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරන්නේ නිකන්ම නිකන් ඉන්න පුද්ගලයෙක්.

“මේ ඡන්දයේදී ඒගොල්ලන්ට පාඩමක් උගන්නන්න. මං ඒක හින්දා ඡන්දේ ඉල්ලනවා නෙවේ. පාඩමක් උගන්නන්න”

“මේ වගේ දේශපාලකයෝ මේ පලාත්වල ඉන්න හින්දා තමා ඔයගොල්ලේ තාමත් දුගී දුප්පත් කමින් ඉන්නේ. ඒක හින්දා මං ඉල්ලීමක් කරනවා මේ වගේ දේශපාලකයන්ට පාඩමක් උගන්නන්න. මේ පාර හොඳ වැඩ කරන්න පුලුවන් ඒ වගේම වැඩක් කරලා තියෙන පුද්ගලයන්ව ඔයගොල්ලන් පාර්ලිමේන්තුවට යැව්වොත් තමා ඔයගොල්ලන්ගේ දේවල් ලබාගන්න පුලුවන්” යයි මුරලිදරන් කීවේය.

ශ්‍රී ලංකාව පුරා සමාජ සත්කාර කටයුතු රාශියක් කර ඇති ගුණ - ජය - සතුට පදනමේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් මුත්තයියා මුරලිදරන් කටයුතු කරයි. එහි අනුබද්ධ සංවිධානයක් වන ‘හදගැස්ම’ සංවිධානය මුරලිදරන්ගේ නිර්මාණයකි.

“මම මේ ‘හදගැස්ම’ පදනම හැදුවේ මේ හේතුව හින්දා. ඔයාලා දකින්න ඇති හැම පලාතකම තියෙනවා. ඒ වගේම මං ඔයගොල්ලන්ට අද පොරොන්දුවක් වෙනවා මේ ගුණ-ජය-සතුට පදනමෙන් හදගැස්ම කියන ශාඛාවල් 8 ක් මේ නුවර එළිය දිස්ත්‍රික්කයට මං දෙනවා කියලා” යයිද මුරලිදරන් පැවසීය.

මුරලිදරන්ට පසුව අදහස් දැක්වූ සනත් ජයසූරිය මෙසේ පැවසීය.

“මුරලිලාට මේ නුවරඑළිය පිට තැනක් නෙවේ. ඒ ගොල්ලන්ගේ දෙමව්පියෝයි දෙමව්පියන්ගෙත් දෙමව්පියොත් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමයි හැදිලා වැඩිලා තියෙන්නේ. මෙහේ තමයි පාසල් ගිහිල්ලා තියෙන්නේ”

“මුරලිගේ තාත්තලා මෙතනින් තමයි ව්‍යාපාර කරලා නුවරට ගිහිල්ලා තියෙන්නේ. ඒත් අවාසනාවට වගේ අපෙන් ඇහුවා ඔයගොල්ලෝ කොහෙන්ද කියලා.”

“ඉතිං මුරලි කිව්වා අපි ලංකාවෙන් කියලා.... ඉතිං ඒ වගේ දේශපාලනයක් තමා මේ දිස්ත්‍රික්කයේ තියෙන්නේ.. අද දේශපාලනය ඒ තැනට ගිහින් තියෙන්නේ”

“අපි කව්රුවත් ගහගෙන මරාගෙන තව කෙනෙක්ගේ වැරදි කියාගෙන දේශපාලනය කරලා වැඩක් නෑ. අපි මොනවා හරි දෙයක් කරනවනම් ඒක මේ දෙමව්පියෝ ඒ වගේම මේ සහෝදර සහෝදරියෝ තීරණය කරාවි හොඳද නරකද කියලා”

“අපි එක පාරක් හරි ඇවිල්ලා වැරද්දක් කලොත් ඊළඟ පාර අපිත් වැටෙන්නේ ඒ පරණ ඉන්න කට්ටියගේ වලටම තමා. අපි ඒ වලට වැටෙන්නේ නෑ. අපි වෙනම වැඩ පිලිවෙලක් ගෙනියන්නේ. ඒ ගැන සැකයක් හිතා ගන්න එපා” යයිද සනත් ජයසූරිය මහතා පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සනත් ජයසූරිය කලක් නියෝජ්‍ය තැපැල් ඇමතිවරයා ලෙසින්ද කටයුතු කළේය.

 

 

 



අදහස් (19)

ඔයාලා කව්ද කියා සනත් - මුරලි දෙදෙනාගෙන් අසති

විපරමා Sunday, 02 August 2020 03:05 PM

ආ.. ඒ ගොල්ලන් පොහොට්ටුවට කඩේ යන අයනේ.. ප්‍රභාකරන් එතනෝල් කේස් එහෙකටත් අහුවෙලා යන්තම් ගොඩ ගියා...

:       0       0

de silva Sunday, 02 August 2020 03:49 PM

සාඩින් බයියන්ට කඩේ යන්න ගියාම මොන ජගතාට වුණත් ඔහොම වෙනවා.

:       0       11

de silva Sunday, 02 August 2020 03:49 PM

සාඩින් බයියන්ට කඩේ යන්න ගියාම මොන ජාතියකට වුණත් ඔහොම වෙනවා.

:       0       10

Vajira Sunday, 02 August 2020 04:33 PM

එතනෝල් බිස්නස් කරන මල්ලි වෙනුවෙන් ඉදිරිපත් වීම ලැජ්ජාවක්...

:       0       0

chandana Sunday, 02 August 2020 05:01 PM

දේශපාලනය නැමැති මඩ ගොහොරුවට බැස්සාම ඕවා අහන්න වෙනවා. ඔබලා තවම දේශපාලනයේ ළදරුවෝ... ඉදිරියේදී චණ්ඩිකම්වලට, කැපිලි කෙටිලි නීතිය අවභාවිතාව දක්වා ගොඩාක් දේවල්වලට හුරු වේවි. තමා ලබපු කීර්තිය තියාගෙන වැදගත් විදිහට උන්නානම් මේවා අහන්න වෙන්නේ නැහැ නේද?

:       0       24

Binnkundaa Sunday, 02 August 2020 05:56 PM

සනත්, මුරලි අද ඉන්න හොර නඩයක් එක්ක... ඒ නිසා ඔයාලා හරියට බල්ලාගේ නැට්ටේ බැඳපු මී වදයක් වගේ..

:       0       0

Champa Sunday, 02 August 2020 06:07 PM

මට නම් හිනා ගියා මේ කතාවට. ඒ මොකද කිව්වා නම් කතාව ඇත්ත නිසා. මුරලි සහ සනත් ඒ කතාවට දේශපාලනය ගාවන්න හැදුවත්, එතන ඇති දේශපාලනයක් නැහැ. ඒ තමයි නුවරඑළිය ජනතාවගේ හද ගැහෙන රාවය. ඔවුන්ට කොළඹින් එන ලොකු ලොකු නම් තියෙන මිනිස්සුන්ගෙන් වැඩක් නැහැ. ඇත්තටම ඒ මිනිස්සු දන්නේ නැතුව ඇති මේ කවුද කියලා. දැනගත්තත් ඔවුන්ට වැඩක් නැහැ. මුරලියි, සනතුයි ක්‍රිකට් ගැහැව්වා කියලා නුවරඑළියේ ජනතාවගේ බඩ පිරුණේවත්, පසුම්බිය පිරුණේවත් නැහැ. ඒ දෙකම පිරුණේ මුරලිගේ සහ සනත්ගේ. මුරලි සහ සනත් රට පුරා පදනම් හැදුවට නුවරඑළියේ මිනිස්සු ඒවා දන්නේ නැතුව ඇති. හේතුව මුරලි, සනත් හෝ ඒ පදනම් මගින් මේ දක්වා නුවරඑළියේ ජනතාවට කිසි දෙයක් කරලා නැති නිසා. කරන්න තිබුනේ ඒ පදනමෙන් වැඩක් කරපු පළාතකට ගිහින් සහයෝගය ඉල්ලන්න. මම නම් කියන්නේ, කවුරු වුණත්, මොන පක්ෂේ වුණත්, අර බගවන්තලාව පාරේ පාලම ලඟදී මුරලි සහ සනත්ගෙන් "ඔවුන් කවුද කියලා" අහපු සහෝදරයා ඉන්න පක්ෂෙට ඡන්දෙ දෙන්න. ඡන්දෙ කාලෙට කොළඹ ඉඳන් ගම්වලට පාත්වෙන පියාඹන පීරිසි වලින් වැඩක් නැහැ. ගමේ ගහට, ගමේ හරකට ඡන්දෙ දෙන්න. ඔවුන්ගෙන් අඩුගානේ ඵලදාව සහ ගොම ටික හරි ගන්න පුළුවන්...

:       23       39

Perera Sunday, 02 August 2020 07:20 PM

ක්‍රිකට් ගහලා ලෝකප්‍රකට කීර්තියක් දිනාගෙන අර අරවින්දලා වගේ පැත්තකට වෙලා ඉන්නේ නැතිව දේශපාලන අසූචිවලට බැහැගෙන නිකන් පහළට යනවා.

:       0       0

Demuni Uduwara Sunday, 02 August 2020 08:45 PM

ප්‍රශ්නය හරි... ඔබ දෙදෙනාට අභියෝග කළ නොහැක. දේශපාලනයට වඩා ඔබ ක්‍රිකට් ගැන හොඳින් දන්නවා.

:       0       0

සත්‍යාංගනී Sunday, 02 August 2020 09:44 PM

ඒ පුද්ගලයා අහපු ප්‍රශ්නය හරියට හරි ! අනුන්ගේ ගේ දේවල් හොයන්න යනවාට වඩා තමුන්ගේ දේවල් හොයන්න ඕනෑ

:       0       0

සමන් ඕස්ට්‍රේලියාව Monday, 03 August 2020 12:53 AM

නම අැහුවයි කියලා ඕකට ඔච්චර තරහ ගන්න ඕනේ නැහැනේ... මමත් ගමේ ඉස්කෝලෙට ගියේ.., එ්කේ ක්‍රිකට් තිබුනේ නැහැ. එ් නිසා ඔය අයගේ නම් දන්නෙත් නැහැ...

:       56       0

Sam Monday, 03 August 2020 03:52 AM

ඇත්ත වශයෙන් ඔබලා ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් බව අපි දන්නවා.

:       0       48

Ano Monday, 03 August 2020 04:05 AM

කුසල් මෙන්ඩිස් ව නම් දන්නවා ඇති... අති දක්ෂ ක්‍රීඩකයෙක්නේ...

:       0       2

sameera Monday, 03 August 2020 04:57 AM

ඔයගොල්ලන් ශ්‍රේෂ්ට ක්‍රීඩකයො. නමුත් දැන් කරන්නෙ පක්ශ දේශපාලනය​. ක්‍රීඩාවෙන් පොදු ජනතාව මුලු හදවතින් දුන් අභිමානය ඔය වගේ එක් පක්‍ෂයක් වෙනුවෙන් විකුනන්නෙ නැතිව හිටියනම් හොඳයි.

:       0       1

KUMA Monday, 03 August 2020 05:01 AM

මට නම් දෙන්නා ගැනම දුකයි මුරලි - සනත් ... මේ දේශපාලන මඩ වලේ නාන්න ගියාට

:       0       13

amila Monday, 03 August 2020 05:40 AM

ඔයාලා ගැන නොදන්නා බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා ක්‍රිකට් නොගහන,

:       0       2

de silva Monday, 03 August 2020 07:31 AM

නම්බු පිටින් ගෙදරට වෙලා හිටියා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ක්‍රිකට් ක්‍රීඩකයන්ට බොරු චෝදනා එල්ල කරන දේශපාලන පක්ෂවලට කඩේයන කොට ඔයවගේ කතා අහන්න සිදුවෙනවා.

:       0       4

sam Monday, 03 August 2020 08:30 AM

ඔයාලා කව්ද කියලා ඇහුව එක මහලොකු දෙයක් වගේ.

:       73       1

sharm warn Tuesday, 04 August 2020 03:17 AM

සනත්, මුරලි... ඔබලා හරිම නිවැරැදිව මේ රටේ සිදුවන කාලකණ්ණි දේශපාලනික ප්‍රවාහය දැකපු එක ගැන මට හරිම සතුටුයි. විශේෂයෙන්ම සනත් ඔබ ටික කලක් හරි දේශපාලනයේ හිටියා. ඇත්තටම අපි ලැජ්ජා වෙන්න ඕනෑ. දකුණේ අපි, නුවර අපි, අරෙහේ අපි, මෙහේ අපි කියලා කියලා තමන්ට අනවශ්‍ය අන්තවාදයක් හදාගන්න ගිහින් නිකරුණේ භේද වන මිනිස්සු අපි අතර බිහිවෙන එක ගැන. මමත් ඔබ වගේම තමයි ඔවැනි කතාවලට උත්තර දුන්නේ මගේ යාළුවන්ට... මමත් කියලා තියෙනවා සහ තවමත් කියන්නේ මම ලංකාවේ, මුලු ලංකාවම මගේ, මේ රට කොතන ගියත් ඒ මගේ රට කියලා. ස්තුතියි මුරලි ඔබේ අර්ථවත් කතාවට ඔබ හැමදාමත් අපිට ‘අපේ මුරලි‘ ඔබ ජාතික වස්තුවක් අපිට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 118 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 679 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 1057 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 927 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 154 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2606 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site