එච්.අයි.වී. ආශ්රිත මරණ ගණන 770,000 ක් දක්වා අඩු වී ඇති නමුත් අරමුදල් නොලැබීම හේතුවෙන් රෝගය තුරන් කිරීමට ගෝලීයව ගෙන ඇති ක්‍රියාමාර්ග අඩපණ වෙමින් තිබෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.
2010 වසර හා සැසඳීමේදී එච්.අයි.වී. ආශ්රිත මරණ ගණන 33% කින් අඩු වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
ලොව පුරා මිලියන 37.9 ක් එච්.අයි.වී. ආසාදනය ඇතිව ජීවත්වන බවත් ඔවුන්ගෙන් ඒ.ආර්.ටී. චිකිත්සාව සඳහා ප්‍රවේශ වීමේ පහසුකම් සහ හැකියාව ඇත්තේ මිලියන 23.3කට පමණක් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ ‘එච්.අයි.වී./ඒඩ්ස්’ වැඩසටහන සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් මෙම කරුණු සඳහන් කර ඇත.
1990 දශකයේ මැද භාගයේදී ඒඩ්ස් වසංගතයක් බවට පත්වීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්රමුඛව එක්සත් ජාතීන්ගේ ‘එච්.අයි.වී./ඒඞ්ස්’ වැඩසටහන විශාල ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි එම වාර්තාව කියයි.
එම ප්‍රගතිය නිසා එච්.අයි.වී. ආශ්රිත මරණ සංඛ්‍යාව 2017 වසරේදී 800,000 දක්වා අඩු වූ අතර පසුගිය වසරේදී එය 770, 000ක් දක්වා අඩු වී ඇත.
2010 වසරේදී ඒඞ්ස් ආශ්රිත මරණ සංඛ්‍යාව මිලියන 1.2ක් වූ අතර 2010 වසර හා සැසඳීමේදී පසුගිය වසරේදී එම මරණ සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු වී ඇත.
කෙසේ නමුත් ඒඩ්ස්වලට එරෙහිව ගෙන යන සටන අරමුදල් නොමැති වීම යනාදී ගැටලු නිසා දුර්වල වී ඇතැයි ද එම සංවිධානය අනතුරු අඟවයි.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඒඩ්ස් තුරන් කරන්න ගෝලීයව ගත් ක්‍රියාමාර්ග අඩපණ වෙමින් යයි