(නාලක සංජීව දහනායක)
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට නොදෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ අද (18) සාකච්ඡා කළහ.
බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේදී පැවති මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.
එම හමුවීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍යයට මෙලෙස පැවසීය.
‘‘මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමේ භයානක තත්ත්වය ගැන අපි සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා. මෙම ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීමත් සමඟ අපේ රටේ දැඩි අනතුරකට පත්වෙනවා. මෙම තීරණයට අපි කොතරම් විරුද්ධ වුණත් ආණ්ඩුව තමන්ගේ තීරණය වෙනස් කරන්න සූදානම් නැතිබව මෙම සාකච්ඡාවේදී වැටහුණා යැයිද කීය.‘‘
මෙම සාකච්ඡාව විනාඩි 30ට අධික කාලයක් පැවතිණ. ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩලස් අලහප්පෙරුම, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තාරානාත් බස්නායක, අනුර ප්රියදර්ශණ යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, සිසිර ජයකොඩි, තාරක බාලසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඒකාබද්ධයේ පිරිසක් ගුවන්සේවා ඇමැති සමඟ සාකච්ඡා
සෙනෙවි Wednesday, 18 July 2018 02:46 PM
මග හිටියෙත් තෝ නසී.. ගෙදර ගියොත් අඔුනසියි වෙලා තියෙන්නේ දැන් කිව්වට එදා තමන්ගේ නායකයාට මේ අනවශ්‍ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිම දෙයක් කියන්න බැරි වුණා මේ එක මහතෙකුටවත්....
sampathWednesday, 18 July 2018 03:44 PM
හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ යන යටිතල පහසුකම්. මේ වියපෘතියේ මීලගට එන්න තිබුණේ ආසියාවේ විශාලම හම්බන්තොට නිදහස් වෙළද කලාපයයි. එ්කත් හදල ඉවරකරන්න ඒ නායකයා හිටියා නම් අද ලංකාව ලබන ආදායම සහ ඇතිවෙන රැකියා වෙළඳපොල ඔබතුමාට හිතාගන්නවත් බැරි වෙයි. අපි කඩයක් දාන්න වුනත් ප්‍රවාහන පහසුකම් බලනවා නේද? ඕක ඔබ හිතනවට වැඩිය දැවැන්ත ව්‍යාපෘතියක්. සරලව කියනවා නම් ගිය ආණ්ඩුවෙන් හාලා, වතුර බැඳලා, පොහොර ගහපු කුඹුර පැළ හිටුවන්නත් කලින් මේ ආණ්ඩුවෙන් කොටස් කර විකුණලා දැම්මා. මේ පළිගන්නේ අපේ රටේ අනාගතෙන්...
අංජුල ජයමාල්Wednesday, 18 July 2018 04:20 PM
අනවශ්‍ය ව්‍යාපෘතියක් යැයි කියන්නේ කුමන පදනසකින්ද? අනවශ්‍යනම් කලයුත්තේ විකුනා දැමීම ද? විකල්ප ගුවන් තොටුපලක් අවැසි නැතිද? දැන් මොණරු හැපෙන්නෙ නැද්ද?
NuwanThursday, 19 July 2018 03:04 AM
එහෙම දුර දිග හිතල වැඩ කරන්න අපිට ඕන නෑ. එදාවේල කාල හැන්දෑවට දෙකක් දාලා බුදියගන්න ආර්ථිකයක් අපට දෙන්න.
Wade mudalaaliThursday, 19 July 2018 05:38 AM
මාලිංග නායකයා වීමට නම් ඇදුම් මහන්න කියන්න ඇති නේද?
Saththaya Thursday, 19 July 2018 03:40 AM
මේක ලෝක යුද්ධයකට සැලසුම් කරපු වියප්පෘතියක්? ලංකාව මෙච්චර ලොකු රටක්ද ඔය වගේ තැනක ගුවන් තොටවල් හදන්න. තව ටික දවසක් ගියා නම් ක්‍රීඩා පිට්ටනි වගේ ගුවන් තොටවල් හැදෙනවා. මොකද අන්තිමට ගෙවන්නේ නොකා නොබී මහජනතාව මේවට. අනික් අයට කොමිස් .
Chandra Thursday, 19 July 2018 03:46 AM
මේ සාකච්චා කරන්නේ සෑම දෙයකටම අත උස්සපු කට්ටිය.