IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඒකාබද්ධයෙන් තේරීම්කාරක සභාවක් ඉල්ලයි

(නාලක සංජීව දහනායක)

පසුගිය රජය සමයේ පොත්පත්වල සටහන් නොතබා රහසිගතව ණය ලබාගෙන ඇති බවට අගමැතිවරයා කළ ප්‍රකාශය ඇතුළු කරුණු හතරක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (10) පැවැසීය.

ඒ අනුව අගමැතිවරයා සඳහන් කළ පරිදි ලංකා ආණ්ඩුව රහසිගතව ණය ගෙන තිබේද, 2008 වසරේ සිට 2014 දක්වා වංචා සහගත ලෙස බැඳුම්කර නිකුත් කර තිබේද? පුරවැසිකම නැති පුද්ගලයෙකු අත්සන් තැබූ මුදල් නෝට්ටු නිකුත් කිරීම සහ රජයේ විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණය අනුව රටට දැරිය හැකි ප්‍රමාණයට වඩා වැඩියෙන් ණය ලබා ගෙන තිබීම යන කරුණු හතර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෙම තේරීම් කාරක සභාව පත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සඳහා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විපක්‍ෂ මන්ත්‍රීවරයකුද සහිතව මෙම තේරීම් කාරක සභාව පත්කරන ලෙස කතානායකවරයාට යෝජනා කරන බව ද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

 මෙම විමර්ශනය මඟින් අගමැතිවරයාගේ ප්‍රකාශය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳ පොළේ රට පිළිබඳව ඇති වූ වැරදි වැටහීම දුරුකර ගැනීමට ලැබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.  ඔහු මෙසේ පැවැසුවේ පුංචි බොරැල්ල, වජිරාස්‍රම බෞද්ධ විහාරයේදී ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් ඊයේ (10) පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

 



අදහස් (2)

ඒකාබද්ධයෙන් තේරීම්කාරක සභාවක් ඉල්ලයි

Hafeel Monday, 11 December 2017 10:21 AM

පුංචි කාලේ හොරා පොලිස් සෙල්ලම වගේ තමයි මේකත්. දෙගොල්ලම හොරු....

:       0       1

Nandalal DE SILVA - France Monday, 11 December 2017 08:26 PM

මහින්ද මහත්තයා ආයෙමත් වරක් එයාගේ දේශපාලු ටෝක් දැමීමට "පන්සල් සරණ" පතා තිබීම නිරයේ වැටෙන පවක් බව තේරුම් ගෙන නැහැ. මේ වගේ වැඩ සඳහා මුන්ට පන්සලක් හැරෙන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 174 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 478 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1177 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1451 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 469 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 216 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site