IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඒකාබද්ධය ජී.එල් පීරිස්ගේ සභාපතීත්වයෙන් පක්‍ෂනායක කමිටුවක් පිහිටුවීමට යයි

(නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේ)

ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් පක්‍ෂනායක කමිටුවක් පත්කිරීමට අද (14) ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයෝ තීරණය කළහ.

පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රී කණ්ඩායමක් ලෙස කටයුතු කළහොත් මුහුණදීමට සිදුවිය හැකි ගැටළු, නීතිමය තත්ත්වයන් හා අනෙකුත් කරුණු පිළිබඳව ගැඹුරින් සළකා බලා ඉතාම ඉක්මනින් වාර්තාවක් සකස්කර එය ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ලංකාදීපයට පැවසීය.

මෙම කමිටුවේ කැඳවුම්කරු ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පත්කරනු ලැබ සිටියි. ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පක්‍ෂ නායකයන් පිරිසක්ද ඒ කමිටුවට පත්කර ඇතැයිද මහාචාර්යවරයා කීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂනායක රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අද (14) පැවැත්විණ.

පස්වරු 6.00 ට පමණ ආරම්භවූ මෙම රැස්වීම පුරා පැය දෙකකට ආසන්න කාලයක් පැවැතිබව ප‍්‍රකාශකයකු කීය.

ආණ්ඩුවෙන් ඉවත්වූ සුසිල් පේ‍්‍රම්ජයන්ත,ජෝන් සෙනෙවිරත්න,එස්.බී දිසානායක යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.



අදහස් (5)

ඒකාබද්ධය ජී.එල් පීරිස්ගේ සභාපතීත්වයෙන් පක්‍ෂනායක කමිටුවක් පිහිටුවීමට යයි

jayatissa Wednesday, 15 August 2018 01:01 AM

ජනපතිතුමාගේ උන බෝවෙලා වගෙයි.කමිටු කමිටු.තෙපර බබා ඉන්නැතුව තීරණ අරන් තිබ්බනම් ක්‍රියාත්මක කරන්න විතරනේ තියෙන්නේ.

:       0       0

Saththaya Wednesday, 15 August 2018 01:59 AM

ඊලග චන්දෙදි අලුත් පක්ෂයකින් එන්න , රටේ කාලය නාස්ති කරන්න එපා , උගත් මහතාණෙනි . අපි හාමතේ, කරපු දේශපාලුව නිසා.

:       34       103

Mahee Wednesday, 15 August 2018 04:35 AM

මොන විදිහකින් හරි බලයට එන්න තියෙන කෑදර කමට මේ කට්ටිය නොගහන දහම් ගැටයක් තියෙනවද අම්මප? හිටපු කාලෙ මතක් වෙනකොට නලියනව ඇති නේ.

:       69       154

duhee Wednesday, 15 August 2018 06:20 AM

මහී මල්ලිට දැන් හොඳයි වගේ. එහෙම එකෙක් හරි ඉන්න එක ලොකු දෙයක්.. වෙනස සැප එකෙක් ඉන්නවෝ.

:       0       8

Asiri Wednesday, 15 August 2018 09:07 AM

නාගහකන්ද නීතිඥතුමා මෑතකදී පීරිස් උන්නැහේව ළඟ තියාගෙන කිව්ව කතාව සිහිවෙනවා " රටේ නීති සාධාරණත්වය හරියටම ක්‍රියාත්මක වුනානම් අද ජී ඇල් ඉන්න ඕනේ හිරේ " මේ ගැන තවදුරටත් කතා නොකරන්නෙමි. මන්ද මේවා අපිට පිළිකුල්ය.

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 89 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 239 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 623 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 896 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 330 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 161 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site