IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඒ එස් පී 37කට උසස්වීම්

තරිඳු ජයවර්ධන

සහකාර පොලිස් අධිකාරීවරුන් 37 දෙනකු පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (21) තීරණය කළ බව එම කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

සහකාර පොලිස් අධිකාරී ධුරයේ නියමිත කාලය සම්පූර්ණ කර ඇති එම නිලධාරීන් 37 දෙනා පොලිස් අධිකාරී ධුරයට උසස් කරන විශේෂ පොලිස් පණිවුඩය නිකුත් කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන බව ද ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

මීට අමතරව දීර්ඝ කාලයක් තිස්සේ එකම නිලයේ කටයුතු කරන පොලිසියේ පහළ නිලධාරීන් සම්බන්ධයෙන් ද සම්මූඛ පරීක්ෂණ පවත්වා උසස්වීම් ලබා දීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඊට අදාල කාර්ය පටිපාටිය පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබ ඇති අතර ඉදිරි දිනවලදී අදාළ සම්මූඛ පරීක්ෂණ පවත්වන ලෙස කොමිසම දැනුම් දී තිබේ.

එකම තනතුරේ දීර්ඝ කාලයක් කටයුතු කිරීම නිසා පහළ පොලිස් නිලධාරීන් රැසක් අතෘප්තියට පත්වී ඇතැයි ද, පොලිස් සේවයේ  සතුටින් කටයුතු කිරීමට හා වැඩි සේවාවක් ලබා ගැනීම සඳහා නිසි කාලයට උසස්වීම් ලබා දිය යුතු යැයි ද, ඒ අනුව ඉදිරියේ දී නියමිත කාලය සපුරන සියලු පොලිස් නිලධාරීන්ට  අදාළ අනිකුත් සාධක සම්පූර්ණ වී ඇත්නම් උසස් වීම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නේයැයි ද ජාතික පොලිස් කොමිෂන් සභාවේ උසස් නිලධාරියේ ප්‍රකාශ කළේය.



අදහස් (0)

ඒ එස් පී 37කට උසස්වීම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 498 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 315 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1033 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 63 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2307 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 428 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site