ඉන්දීය සිනමාවේ ජනප්‍රියතම ගායකයකු වූ එස්.පී. බාලසුබ්රමනියම් අද අවසන් හුස්ම හෙළීය. එස්.පී.බී. යනුවෙන් සියලු දෙනා අතරේ ජනප්‍රියව සිටි මෙම විශිෂ්ට ගායකයා මිය යන විට වයස අවුරුදු 74 කි.
අගෝස්තු පළමු සතියේ දී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වූ නමුත් එය එතරම් බරපතළ තත්ත්වයේ නොතිබූ හෙයින් නිවසේදී නිරෝධායනය වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. එහෙත් බාලසුබ්රමනියම්ගේ පවුලේ සාමාජිකයන් ඔහු ගැන වඩාත් සැලකිලිමත් වූ නිසා හෙතෙම රෝහල් ගත වීමට තීරණය කළේය.
සැප්තැම්බර් 23 වැනිදා ඔහුගේ තත්වය නරක අතට හැරුණු අතර ඔහු අසාධ්‍ය රෝගියකු ලෙස සලකනු ලැබීය.
ඔහුගේ පුත් එස්.පී.චරන් මාධ්‍ය අමතමින් කියා සිටියේ, "මගේ තාත්තා දහවල් 1:04 ට අවසන් හුස්ම හෙළුවා...ඔහු වෙනුවෙන් කළ ඔබගේ සුබප්රාර්ථනාවන්ට ස්තුතියි...ඔහුගේ රසිකයන්ගේ හදවත් තුළ, මගේ තාත්තා දිගු කලක් ජීවත් වනු ඇත" යන්නයි.
සාවිත්‍රි බාලසුබ්රමනියම් ඔහුගේ බිරිඳ වන අතර පල්ලවි බාලසුබ්රමනියම් ඔහුගේ දියණියයි.
අගෝස්තු මාසයේදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසුව අගෝස්තු 13 වනදා දක්වා ඔහු යහපත් තත්ත්වයේ පසුවිය. එහෙත් එදින රාත්‍රියේ ඔහුගේ තත්වය නරක අතට හැරුණි.
අනතුරුව මාසයකට වැඩි කාලයක් ඔහු ස්වසන ආධාරකයක ප්‍රතිකාර ලබමින් සිටියේය.
සැප්තැම්බර් 13 වන දින ඔහු කොරෝනා වයිරසයෙන් මිදුණු නමුත් ඔහුගේ අනෙකුත් අසනීප තත්ත්වයන් දිගටම පැවතිණ.
නිතරම සිනහ මුසු මුහුණින් සිටි බාලසුබ්රමනියම්ගේ අකල් වියෝව දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයට විශාල පහරකි.
එස්පීබී බහු කුසලතා සහිත දුර්ලභ කලාකරුවෙකි. ඔහු ගායකයෙකු, නළුවෙකු, සංගීත අධ්යක්ෂවරයකු, හඬ කැවීමේ ශිල්පියකු ලෙසද මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස විවිධ භාෂාවලින් කටයුතු කර ඇත. දශක පහක් පුරා පැවති ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු භාෂා කිහිපයකින් ගීත 40,000 කට වඩා ගායනා කර තිබේ.
බාලසුබ්රමනියම්ගේ දීර්ඝ වෘත්තීය ජීවිතය තුළ ඔහු සිය කටහඬ වෙනුවෙන් සම්මාන කිහිපයක් දිනා ගෙන තිබුණි. වැඩිම ගීත සංඛ්‍යාවක් පටිගත කිරීම වෙනුවෙන් ගිනස් ලෝක වාර්තාව දිනාගෙන සිටියේද බාලසුබ්‍රමනියම්ය. ඔහු හය වතාවක් හොඳම පසුබිම් ගායකයා සඳහා ජාතික සම්මානය ලබාගෙන ඇති අතර තෙළිඟු සිනමාවේ නන්දි සම්මාන 25 වතාවක් දිනා ගෙන තිබේ.
එස්. පී. බාලසුබ්රමනියම්ට වසර 2001 දී ඉන්දියාවේ උසස්ම සම්මායක් වන පද්ම ශ්‍රී සම්මානය පිරිනැමුණු අතර වසර 2011 දී ඔහු පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලැබීය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එස්.පී. බාලසුබ්රමනියම් සමුගනී
ferna Friday, 25 September 2020 08:41 AM
නිවන් සුව.. ඔබ සදා අප අතර !!!
Sanath Kandy Friday, 25 September 2020 08:53 AM
මගේ ප්‍රියතම ඉන්දියානු ගායකයා. හරිම දුකයි.
පූජා Friday, 25 September 2020 09:01 AM
ඉතාම කණගාටුදායක පුවතක්. ජාති බේදයක් නැතිව, ලොව මුලුමහත් සංගීත ලෝළින් සංගීතයෙන් නැලවූ, ආදරණීය ගායකයාණෙනි, ඔබගේ අඩුව පිරවීමට සමත් කෙනෙක් නැවත නූපදිනු ඇත. ඔබට ආදරය කළ රසිකයින්ගේ හද තුළ ඔබතුමා සදා අමරණීයව වැජඹෙනු ඇත. ඔබතුමාගේ ආගමට අනුව..., ඔබතුමාගේ ආත්මයට ශාන්තිය උදාවේවා කියා, හදපිරි සොවින් පතන්නම් සොඳුරු ගායකයාණෙනි..!!!
විජිත් Friday, 25 September 2020 04:30 PM
මටත් හරිම කණගාටුයි පූජා. මම චූටි කාලේ ඉඳලා මෙතුමාගේ නම අහලා තියෙනවා. සින්දුත් අහලා තියෙනවා. නමුත් තේරුනේ නැතිවුණත් මම හිතුවා ජනප්‍රිය ගායකයෙක් වෙන්න ඇති කියලා. එතකොට මට අවුරුදු 5 ක් විතර ඇති. ඒ කාලේ මම හිතුවේ දෙමළ සින්දු කියන්න ඉන්නේ මෙයා විතරයි කියලා. කාලෙකට පස්සේ තමයි මෙතුමා ගැන සම්පූර්ණම විස්තරය දැනගත්තේ... ලෝකයක් වසඟ කළ ඒ කට හඬ අද නිහඬයි. මම මියගිය බාලසුබ්රමනියම් මහත්මයාට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා.
Raveendra Friday, 25 September 2020 09:45 AM
ඔබට නිවන් සුව අත්වේවා !!!
සමිත සේනක අලුත්ගමගේ. Friday, 25 September 2020 11:18 AM
සංගීතය නැමැති විශ්ව භාෂාව තුළින් ලොව සිටින සංවේදී මිනිසුන්ගේ සිත්සතන් අමන්දානන්දයට පාත්රකළ ඔබගේ සොඳුරු ගීත නිසා ලොව බොහෝ හදවත් සුවපත් කළ ඔබ අද ඒ සැම ඇතර ගොසිනි. ඒත් ඒ මධුර හඬ සාදා අප දෙසවන් හා හදවත් තුළ සිටිනු ඇත...