IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එස්. පී. බාලසුබ්‍රමනියම්ට ජීවිතාධාරක යන්ත්‍රයක සහය



ඉන්දියාවේ සුප්‍රකට චිත්‍රපට පසුබිම් ගායකයකු වන එස්. පී. බාලසුබ්‍රමනියම් මහතා තවදුරටත් ජීවිතාධාරක යන්ත්‍රයක සහාය ඇතිව සිටින නමුත් ඔහුගේ තත්ත්වය ස්ථාවර බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එස්.පී. බාලසුබ්‍රමනියම් මහතා කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් චෙන්නායිහි එම්.ජී.එම්. හෙල්ත්කෙයාර් ආයතනයට ඇතුළත් කර තිබේ.

“ඔහු ස්ථාවරව සිටින අතර වෛද්‍යවරුන් ඔහුගේ සායනික පරාමිතීන් හොඳින් නිරීක්ෂණය කරමින් සිටිනවා” යැයි එම්ජීඑම් හෙල්ත්කෙයාර්හි වෛද්‍ය සේවා සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය අනුරාධ බාස්කරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම සුප්‍රසිද්ධ ගායකයා, අගෝස්තු 5 වන දින සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් පළ කරමින් කියා සිටියේ තමන්ට කොරෝනා වයිරසය වැළඳී ඇති බවයි. එහෙත් තමන් හොඳින් සිටින බවත් බාලසුබ්‍රමනියම් මහතා  සිය රසිකයින්ට සහ අනුගාමිකයින්ට දැනුම් දී තිබේ. කෙසේ වෙතත් සිකුරාදා (14 වැනිදා) ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම සුප්‍රකට ගායකයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි.

තෙළිඟු, දෙමළ, කන්නඩ, හින්දි සහ මලයාලම් චිත්‍රපට වෙනුවෙන් සිය කටහඬ මුසුකළ බාලසුබ්‍රමනියම් සදාකාලිකව පවතින ආකාරයේ  ගීත දහස් ගණනක් ගායනා කර තිබේ.
වැඩිදුර කියවන්න



අදහස් (7)

එස්. පී. බාලසුබ්‍රමනියම්ට ජීවිතාධාරක යන්ත්‍රයක සහය

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Saturday, 15 August 2020 01:41 PM

ලොව ගීත 50,000 කට වැඩිය (දෙමල ගීත 25.000 ට වැඩිය) ගායනා කල සුප්‍රකට ගායක S.P.B ට ඉක්මන් සුවය පතමු.

:       0       190

Raveendra Saturday, 15 August 2020 02:00 PM

අප කව්රුත් අන්තිම තප්පරයේදීද ජීවත්වීමට කැමති බව කිසිවෙකුට තේරුම් නොයන්නේ නම් එය පුදුමයකි.. කව්රු කෙසේ කිවත් මා මෙන් ඔබද අන්තිම මොහොත තෙක් ජීවිත යදින්නන් බව අමතක නොකරමු. ඒ අප සියල්ලන්ම මනුෂ්‍යයින් නිසාවෙනි. එය තමයි යතාර්ථය..

:       0       64

Demuni Uduwara Saturday, 15 August 2020 02:01 PM

බාලසුබ්‍රමනියම්ට ඉක්මන් සුවය ලැබේවා..!!!

:       0       162

විජිත් Saturday, 15 August 2020 04:05 PM

මම චූටි කාලේ අපේ ගෙදර තිබුණු වෑල්ව් රේඩියෝවේ ටියුනරය එහෙට මෙහෙට කරකවද්දී ඉඳලා හිටලා දෙමළ චැනල්ස් ළඟ නවතිනවා. නිවේදකයා ද්‍රවිඩ භාෂාවෙන් මේ තුමාගේ නම කියනවා. ඊට පසුව ගීතය පටන්ගන්නවා. ගොඩක් වෙලාවට මෙයාගේ නමමයි අහලා තියෙන්නේ... ඒ නිසා මම හිතුවා දෙමළ ගීත කියන්න ඉන්නේ එක ගායකයයි කියලා. අවාසනාවකට දෙමළ භාෂාව ගැන දැනීමක් නැතිවුණාට, සංගීතය කියන්නේ එක භාෂාවක් නිසා මම ඒ ගීත අාසාවෙන් අහගෙන හිටිය කාලයකුත් තිබුණා. දෙමළ යහළුවන්ගෙන් තේරුමත් අහලා තියෙනවා. ඉතින් මුළු ලෝකයක්ම ආදරේ කරන මෙතුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා...

:       0       196

KamalSunday, 16 August 2020 12:59 AM

ඔබගේ වෑල්ව් රෙඩියෝ එක තාම තියෙනවද? ඇන්ටික් වශයෙන් දැන් ඒවා ඉතාම වටිනවා.

:       0       0

සෙනෙවිරත්න Saturday, 15 August 2020 04:43 PM

ඉක්මනින් සුව වෙන්න... ඔබ වැන්නවුන් ලොකයේ විරලයි.

:       0       203

Karunarathna Gampola Sunday, 16 August 2020 03:09 PM

ඔබතුමාට ඉක්මණින්ම සුවය ලැබේවා..!!! නිරෝගී වේවා..!!! සුවපත් වේවා...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 60 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 78 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 137 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 395 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3353 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 674 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site