IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එල්.ටී.ටී.ඊ.ය නැගිට්ටවන්න දහස් ගණනින් මුදල්

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත සක්‍රීය කිරීමට යැයි විශ්වාස කළ හැකි ආකාරයේ මූල්‍ය ගනුදෙනු කිහිපයක් සිදුව ඇති බවත් එහිදි අති විශාල ධනස්කන්ධයක් හුවමාරු වී ඇති බවත් මැලේසියානු පොලිසිය අනාවරණය කළේය.

මැලේසියානු පොලිසිය ඔක්තෝබර් 10 වැනිදා සහ 12 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ යැයි සැකකෙරෙන 12 දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී අදාළ ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

“සැකකරුවන් නවාතැන් ගෙන ස්ථාන පරීක්ෂාවට ලක් කළා. ඔවුන්ගේ ජංගම දුරකතන ද පරීක්ෂා කළා. එහිදි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයන්ගේ ඡායාරූප, එම සංවිධානයේ පෝස්ටර් සහ කොඩි ද අනාවරණය කරගත්තා. ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී මූල්‍ය ගනුදෙනු සිදු ඇති බව අනාවරණය වුණා.

එම ගනුදෙනුවලදී අති විශාල මුදල් කන්දරාවක් හුවමාරු වී තිබෙනවා” යැයි මාධ්‍යයට කරුණු අනාවරණය කරමින් මැලේසියානු පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ  විශේෂ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩාටුක් අයොබ් මහතා පැවැසීය.

“අදාළ මූල්‍ය ගනුදෙනු මැලේසියාව තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීම සහ එයට පිරිස් බඳවා ගැනීමේ අරමුණින් කරන ලද බව අප විශ්වාස කරනවා” යැයි හෙතෙම කීවේය.

සිදුව ඇති මූල්‍ය ගනුදෙනුවල වටිනාකම කොපමණ දැයි අනාවරණය නොකළද එල්.ටී.ටී.ඊ. සංවිධානය මැලේසියාවේ සෑම ප්‍රාන්තයක් තුළම ශාඛා ආරම්භ කර ඇති බව හෙළිදරවු වී ඇතැයි ද ඩාටුක් අයොබ් කීය.

“මැලේසියාව තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය සක්‍රීය කිරීමේ උත්සහායක් තිබෙනවා. ඒ නිසා එය ව්‍යාප්ත වීම වැළැක්වීමට අපි පියවර ගනිමින් ඉන්නවා. සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා” යැයි ඔහු කීවේය.

“සැකකරුවන් දෙදෙනකු රට තුළ තනි පුද්ගල ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබෙනවා. ඔවුන් 2016 වසරේදී මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රහීම් සහිබ් අන්සාර් මහතාට ද තුවාල කළේය.

දේශපාලනඥයන් දෙදෙනා ගත්තේ ඔවුන්ගේ දේශපාලන මතවාදය හෝ පක්ෂය නිසා හෝ නෙවෙයි. එය අපට අදාළ නැහැ. ඔවුන් අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදී ක්‍රියාවකට සැකකෙරෙන නිසා. ඔවුන් ප්‍රචණ්ඩත්වයට සහයෝගය දක්වා තිබෙනවා. කුමන දේශපාලන පක්ෂයක වුවත් අපට අදාළ නැහැ. අපි අපේ රාජකාරීය ඉටු කරනවා.

මුදල් සැපයූ අය පිළිබඳවත් අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ දැනටමත් ඔවුන් කවුරුන්දැයි සොයාගෙන යනවා” යැයි ද නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩාටුක් අයොබ් පැවැසීය.

(නිව් ස්ට්‍රේට්ස් ටයිම්ස් ඇසුරිනි)

055

 

 



අදහස් (16)

එල්.ටී.ටී.ඊ.ය නැගිට්ටවන්න දහස් ගණනින් මුදල්

මෝ Tuesday, 15 October 2019 11:41 PM

මිනිස්සුනේ දැන්වත් තේරුම් ගන්න ඉදිරියේ ඇති අවදානම.

:       85       356

SuranimalaWednesday, 16 October 2019 03:04 AM

සරත් ෆොන්සේකාව හමුදාපති කරන්න ගත්ත තීරණය ඉතාම කලෝචිතයි. සජිත්ගේ හොද තීරණයක්.

:       670       714

samWednesday, 16 October 2019 04:06 AM

සරත් ෆොන්සේකාව හමුදාපති කරේ මහින්ද සහ ගෝටාභය. හැබැයි ෆොන්සේකා සජිත් යටතේ ආරක්ෂක ඇමතිවෙලා ජනාධිපති කම අරගන්නත් ඉඩ තියෙනවා. රනිල් මොකද එයාට නීතිය හා සාමය මුලින්ම නුදුන්නේ?

:       207       153

BamunuarachchiWednesday, 16 October 2019 04:23 AM

සරත් ෆොන්සේකාව හමුදාපති කලේ රාජපක්ෂලා 2005 කාලයේ. සජිත් කල දෙයක් නැත. යුද්ධ කාලේ සජිත් කෙනෙකුගේ නමක් කියවුනේවත් නැත. මෙයා මේ මොනවද ලියන්නේ?

:       413       358

BamunuarachchiThursday, 17 October 2019 01:33 AM

හලෝ මෙතන බොරු ලියලා පච වෙන්නේ නැතිව හිටියොත් හොඳයි නේද?

:       4       11

senaWednesday, 16 October 2019 10:51 AM

ඉතාමත් අවදානම් සහගත තත්වයක්. සරත් පොන්සේකා මැතිතුමාට රටේ ආරක්ෂාව බර දිය යුතුමයි.

:       10       1

Shan Tuesday, 15 October 2019 11:42 PM

සජිත් ඕනේ කියල යාපනේ පොල් ගැහුවෙත් මේගොල්ලොද?

:       237       251

Ruwan Wednesday, 16 October 2019 12:14 AM

ඔව් ඔව් ඡන්දෙ ඉවර වෙනකං කොටි නැගිටිනවා. isis ගහනවා

:       1894       1635

මුණසිංහ Wednesday, 16 October 2019 02:12 AM

බලාගෙන යන කොට එල්ටීටීඊ ය මර්ධනය කරන්න මැලේසියාවට තිබෙන උවමනාව ලංකාවේ රජයට නැහැ. ලංකාවේ ආණ්ඩුව තියෙන්නේ මැලේසියාවේ කියල හිතන්න වෙනවා.

:       58       602

Ravi Wednesday, 16 October 2019 02:29 AM

මැලේසියා වල ඡන්දෙ ඉවර වෙනකන්ද රුවන්?

:       168       1112

Prabha Wednesday, 16 October 2019 07:46 AM

පුවත හරියට කියවන්න. මේවා කියන්නේ ලංකාවේ පොලිසියෙන් නෙමෙයි මැලේසියාවේ පොලිසිය

:       1       63

Anu Wednesday, 16 October 2019 03:00 AM

රුවන්, ඔබ මෙම ප්‍රවෘත්තිය කියවා නැති බව හොදින්ම පෙනෙනවා. අඩුම ගානෙ මේ බව කියන්නේ මැලේසියානු පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ විශේෂ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක බවවත් ඔබට තේරුනේ නැත්තේ කොළ පාට කන්නාඩියක් දාලා බලපු නිසා වියහැකියි. කරුණාකර මේ රට දිහා බලද්දී පාට පක්ෂ අමතක කර මතු පරපුර, රටේ අනාගතය ගැන හිතල කතා කරන්න, ලියන්න, තීරණ ගන්න.

:       84       1583

Shan Wednesday, 16 October 2019 04:25 AM

ප්‍රතිචාර දිහා දැක්කම රටේ පත්වෙන පත්වෙලා තියන නායකත්වයන් ගැන පුදුම වෙන්න විදියක් නෑ.

:       0       72

krishantha Wednesday, 16 October 2019 04:28 AM

2015දී වෙනවාය කියපුවා ඔක්කොම වුනා. කොටි නැගිට්ට, බෝම්බ පිපුරුවා, හොරකම් ඉහලින්ම වුනා. අපේ ඡන්දදායකයෝ පොඩ්ඩක් වත් ඉදිරිය පෙන්නේ නැති මෝඩ පිරිසක්. මේක තනිකරම ඡන්දදායකයාගේ මෝඩකම නිසා වුන දෙයක්. මේ පාරත් මොනා කරාවිද මන්දා .

:       169       444

Bandara Wednesday, 16 October 2019 09:05 AM

මෙපමණක් රට, ජාතිවය, පරිහානියට ලක්වූවද තවමත් ඇතැම් මිනිසුන් ආවඩන්නේ රට, ජාතිය පාවාදුන් පිරිසටය. තමන්ගේ දරුවෙක් වියෝවනතුරු ඔවුන් එය තේරුම් නොගනී.

:       9       24

nishantha Wednesday, 16 October 2019 09:14 AM

ඡන්දෙ කාලෙට නැගිටින තාජුදින්, එක්නැලිගොඩ වගේම තමයි මේවත්... ඇත්ත කතා නොකර මිනිස්සු බියවද්දලා ඡන්දය කොල්ල කන අයගේ ප්‍රධානම තුරුම්පු. කොටි නැගිටීම මේවා අතර ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක්...

:       40       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 0 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 304 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 437 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1205 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2646 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1762 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site