IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එල්.ඕ.එල්.සී. සමාගමේ කාම්බෝජ කොටස් කෝටි 12,000 කට විකුණයි

කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් වන ‘ප්‍රාසැක් (පී.ආර්.ඒ.එස්.ඒ.සී)’ සමාගමේ එල්.ඕ.එල්.සී. සමාගම සතුව තිබූ සියයට 70ක කොටස් දකුණු කොරියාවේ කුක්මින් බැංකුව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 603ක (රුපියල් කෝටි 12,000කට අධික මුදලකට) මුදලකට අලෙවි කර ඇත.

දකුණු කොරියාවේ කුක්මින් බැංකුව යනු කොරියාවේ විශාලතම බැංකුව වන අතර ලොව හයවැනි විශාලතම බැංකුව ලෙස ද සැලකේ.
කොටස් විකිණීමට අදාළ ගිවිසුමට එළැඹීම සිදුවූයේ ඉකුත් ජනවාරි මාසයේදීය. අදාළ ගනුදෙනුව තහවුරු කරමින් කාම්බෝජයේ සහ දකුණු කොරියාවේ නියාමක ආයතනවල කාම්බෝජ ජාතික බැංකුවේ සහ දකුණු කොරියාවේ මූල්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව අදාළ ගනුදෙනුවේ පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 422ක් මෙරට එල්.ඕ.එල්.සී. පෞද්ගලික සමාගම වත ලැබී ඇත. ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 181ක මුදල 2022 වසරේදී ලැබීමට නියමිත යැයි එල්.ඕ.එල්.සී. සමාගම සඳහන් කරයි.
මෙම ගනුදෙනුවේ පසු වටිනාකම හෙවත් පශ්චාත් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 862ක් ලෙස අගය කර ඇත.

සමස්ථ ලෝකයම ආර්ථික වශයෙන් පීඩාකාරී තත්වයකට මුහුණදෙන මේ මොහොතේ, මෙම ගනුදෙනුව තුළින් දැවැන්ත විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගලා ඒම ඉතා වැදගත් යැයි ද එල්.ඕ.එල්.සී. සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්විණි. 

(055)



අදහස් (10)

එල්.ඕ.එල්.සී. සමාගමේ කාම්බෝජ කොටස් කෝටි 12,000 කට විකුණයි

Dewa Friday, 17 April 2020 06:59 AM

මහ විශාල මුදලක් ලංකාවට... ආවම...ඒ මුදල්වලට මොකද වෙන්නෙ කියලා දන්නෙ නැති නිසයි අහන්නේ...

:       0       17

චතුෂ කුමාර Friday, 17 April 2020 07:20 AM

'සමස්ථ ලෝකයම ආර්ථික වශයෙන් පීඩාකාරී තත්වයකට මුහුණදෙන මේ මොහොතේ, මෙම ගනුදෙනුව තුළින් දැවැන්ත විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට ගලා ඒම ඉතා වැදගත් යැයි ද එල්.ඕ.එල්.සී. සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

:       0       3

රවිහාන්ස් Friday, 17 April 2020 07:58 AM

මේ වගේ දක්ෂ ව්‍යාපාරිකයෝ දහදෙනෙක් හදාගත්තනම් ලංකාව ගොඩ.

:       0       1

mahesh jayawickrama Friday, 17 April 2020 08:58 AM

දැන් ඕක ගලාගෙන ආවා කියල අපිට ලැබෙන්නේ මොන ඉටි ගෙඩියක්ද? නිකන් බොරු බයිලා ගහන්න එපා මහත්තයෝ. මේ කරදර අස්සේ ඔයාල මෙතන ඔයාලගේ නම මාකට් කරගන්නවා. පුලුවන් නම් ඔතනින් රුපියල් කෝටි 100ක් වියදම් කරලා මේ රටේ අන්ත අසරණ මිනිස්සුන්ගේ කුසගින්න නිවන්න,,,... ඒ මිනිස්සුන්ට බෙහෙතක් ගන්න ඕන කරන මුදල් දීල පෙන්වන්න. හරිනම් මේ වෙලාවේ ආණ්ඩුව ලංකාවේ විරැකියාවෙන් පෙලෙන හැම පවුලකටම මාසෙට රුපියල් 25000 ක් වත් දෙන්න ඕන ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගන්න. බොරු පුරසාරම් දොඩවනවා විතරයි. රුපියල් 5000 ක් දීල නිකන් බොරු ප්‍රදර්ශන එපා.

:       333       772

jayanthaSaturday, 18 April 2020 03:15 AM

දැන් ඕක ගලාගෙන ආවා කියල අපිට ලැබෙන්නේ මොන ඉටි ගෙඩියක්ද? රුපියලේ අගය රුපියලට සාපේක්ෂව අඩුවන විට අපට කොතරම් ප්‍රතිලාභ ලැබේදැයි සිතා බැලුවාද ?

:       25       2

athuraSaturday, 18 April 2020 04:44 AM

දැන් මේකෙන් රුපියලේ අගය කියකින් විතර අඩුවුනාද ?

:       0       0

jayanthaSaturday, 18 April 2020 08:20 AM

එම ගනුදෙනුව නිසා රුපියල කොපමණ අගයකින් ශක්තිමත් වුණා දැයි හරියටම කියන්නට බැහැ... නමුත් අනිවාර්යයෙන්ම එහි බලපෑමක් ඇති මොකද රුපියල් දෙසිය ආසන්නයේ තිබුණු ඇමරිකානු ඩොලරය අද වන විට 192 ක පමණ මට්ටමට පැමිණ තිබෙනවා. රුපියල මොනයම් කරුණක් නිසා හෝ ශක්තිමත් වීම රටක් වශයෙන් එහි ජීවත්වන සෑම පුරවැසියෙකුටම වක්‍රාකාරව ප්‍රතිලාභ ලැබෙන කාරණාවක් උදාහරණයක් හැටියට රුපියල පිරිහෙන විට අප විදේශීය ණය සඳහා වැඩි මුදලක් ගෙවිය යුතු වෙනවා. තවද අපි ගොඩක් ආනයන මත යැපෙන ජාතියක්. ඉන්ධන ආදි නොයෙකුත් දේ සඳහා අපි පිටරටට මුදල් ගෙවනවා. මම හිතන්නේ නෑ මම දිගින් දිගට විස්තර කළ යුතුයි කියා..

:       0       1

sameeraSaturday, 18 April 2020 10:34 AM

ඕවත් අරගෙන කාල හරියන්නේ නෑ... මොනා හරි ආයෝජනයක් කරන්ඩයි ඔනී... ඒකත් කන්න කතාව...

:       0       0

Buddhika P Saturday, 18 April 2020 10:04 AM

රටට විදේශ විනිමය ලැබීම අතින් මේ මුදල වැදගත්. මේ මුදල් වලට මොකද කරන්නේ කියන එක මතයි, මෙහි රටක් හැටියට මුල්‍ය වැදගත් කම ඇති වෙන්නේ. LOLC ආදායමෙන් 85% වැඩිය ලැබෙන්නේ මේ වගේ පිටරට තියෙන ශුද්‍ර මුල්‍ය සමාගම් මගින්. වක්‍රව ඒ අයට වාර්ෂිකව තියෙන අනෙක් ලාභාංශ වගේ ප්‍රතිලාභ නැතිවෙනවා. LOLC එච්චර දේශීය වශයෙන් සාර්ථක වුනේ නෑ. කැම්බෝඩියාව වගේ රටක ව්‍යාපාරයක් විකුණලා මෙච්චර මුදලක් ලැබෙන්න හේතුව, micro finance ශේෂ්ත්‍රය 100% වර්ධනයක් ලැබුවා පසුගිය අවුරුදු 10 ඇතුලත. මෙහි උපරිම අවදීයට දැන් ඇවිත් තියෙන්නේ. මුළු රටම දුප්පත් කමේ ණය උගුලක හිර වෙලා. ඉඩ කඩම් පවා සින්න වෙලා. කැම්බෝඩියාව තමයි ලෝකේ විශාලම සාමාන්‍ය ශුද්‍ර මුල්‍ය බර සහිත රට. පේරු රට ඉන්නේ ඊට පස්සේ. දැන් විශාල බැංකුවකට අර මේ වගේ micro finance/leasing ආයතන වලට එච්චර පැවැත්මක් නෑ. LOLC එක හොඳ වෙලාවට අයින් උනේ. ලාංකීය හැටියට සතුටු වෙන්නත් බෑ, අසතුටු වෙන්නත් බෑ.

:       0       0

lankaMonday, 20 April 2020 01:27 PM

ලෝකයේ 6 වන විශාලතම බැංකුව ඔයා තරම් දන්නේ නැහැ . උන් අහුවෙන්නයි යන්නේ .. කොහොම උනත් මේ කියන මිල ගණන් එක්ක බලපුවම ලංකාවේ ඉන්නවනේ ලෝකේ පළමු ධනවතුන් 100 අතර කෙනෙක්... හැබෑටම..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1328 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 417 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 496 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 382 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 558 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4604 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site