IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


එයාර්බස් සමාගමේ වගකීම ගැන එරාන් කියයි

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවට ගුවන් යානා විකිණීමේදී අදාළ සමාගමට ද ඒ සම්බන්ධයෙන් වගකීමක් තිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පැවැසීය.

කුඩා සේවයක් හා කුඩා ආර්ථිකයක් සහිත එමෙන්ම ප්‍රධාන පෙළේ මූල්‍ය අර්බුදවලට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව වැනි රටකට ඒ. 350-900 වර්ගයේ ගුවන් යානා 8ක් විකිණීමේදී යුරෝපීය ගුවන් යානා නිෂ්පාදන සමාගමක් වන ‘එයාර්බස් ඒ.සී’ සමාගමට ද වගකීමක් තිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය. 

ඇඩ්වොකාටා ආයතනය සංවිධානය කළ ආර්ථික නිදහස සමුළුවේ, සෞභාග්‍ය සඳහා ප්‍රතිපත්ති රාමුවක් ලෙස ආර්ථික නිදහස යන මැයෙන් කොළඹ ග්ලෝබල් ටවර්ස් හෝටලයේ පැවැති ප්‍රධාන සැසියේ දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එම කරුණු කීවේය. 

එහිදි තවදුරටත් අදහස් දැක් වූ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.

“මම හිතනවා ‘එයාර්බස් ඒ.සී’ සමාගමට ද වගකීමක් තිබුණා කියලා. කුඩා දළ දේශීය නිෂ්පාදිතයක් සහිත, කුඩා රටකට ඒ වගේම ජාත්‍යන්තර සමඟ තරග කරන කුඩා ගුවන් සේවයක් තිබෙන රටකට එම ගුවන් යානා විකිණීමේදී සමාගමටත් හිතන්න තිබුණා. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට වැඩි අවධානයක් යොමු කරන්න තිබුණා. ආර්ථිකයකදී ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් යන දෙපාර්ශවයටම වගකීමක් තිබෙනවා”. 

ගුවන් යානා හතරක ගනුදෙනු අවසාන කිරීමේදී ශ්‍රී ලංකා රජයට එක්සත් ජනපද ඩොලර් මිලියන 100කට වැඩි මුදලක් ගෙවීමට සිදුවීම අවාසනාවන්ත සිදුවීමක්‘‘ යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ඉතිරි ගුවන් යානා හතරේ ගනුදෙනු ද අවසන් කළ යුතුව තිබෙන බව ද කීවේය. 

ඒ. 350-900 වර්ගයේ ගුවන් යානා ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමට සුදුසු නැති බව ද රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා එහිදි පෙන්වා දුන්නේය. 

මෙම ගැටලුව ආර්ථික හෝ මූල්‍ය හෝ ගැටලුවක් නොවන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මෙය දේශපාලන ප්‍රශ්නයක් බව ද කීවේය. 

“දේශපාලන ප්‍රශ්නවලට අවශ්‍ය වන්නේ දේශපාලන පිළිතුරු. ඇතැම් විටෙක අපිට දේශපාලන තීරණ ද ගැනීමට” සිදුවෙනවා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කීවේය. 



අදහස් (12)

එයාර්බස් සමාගමේ වගකීම ගැන එරාන් කියයි

kanishka Tuesday, 17 October 2017 02:43 AM

මුළු ලෝකෙටම හොද 350-900 ලංකාවට හොද නෑලු.. අනේ අපොයි කියලා තමයි කියන්න වෙන්නේ.. ඉන්ධන පිරිමැස්ම අතින් ඉහලම් ගුවන් යානයක්.. මේවා තිබ්බනම් දිගුදුර ගමනාන්ත වලට ගමන් කරන්න අපිට හැකියාවක් තිබ්බා...

:       23       87

මම1Tuesday, 17 October 2017 08:15 AM

ඒක අර රඹුටන් ගහේ කථාව වගේ..... ඕනම ගුවන් සේවයක් කුලියට හෝ බද්දට ගත්ත ගුවන් යානා යොදාගෙන ගමනාන්තයක් අත්හදා බලල ඒකට ඉල්ලුමක් තියෙනවනම් තමයි ඒකට සරිලන ගුවන් යානා මිලට ගන්නේ. පගාව සරිකරගන්න තමයි සරිලන ගමනාන්ත නැතිව ගුවන් යානා ඇණවුම් කරන්නේ.

:       11       3

naradhaTuesday, 17 October 2017 09:54 AM

350-900 ගුවන් යානා හොඳ නෑ කියනවා නොවේ. ඒවාට යන වියදම ලංකාව වැනි ණය බරින් පීඩිත ආර්ථිකයකට දැරිය නොහැකි වීමයි ප්‍රශ්නය.

:       10       13

Gihan Tuesday, 17 October 2017 03:31 AM

ඒ වගේම තමයි බිලියන ගානක බැදුම්කර හොරකම් කරන්න කලිනුත් ඒ ගැන හිතුව නම් අද ඔය යානා ටික ගන්න තිබුණා.

:       2       118

වර්නන් Tuesday, 17 October 2017 04:29 AM

එයා බස් වෙත වැරැදී පැටවීම මහා මෝඩ කතාවකි. A350 අනවශ්‍ය බව ඔබ දැනගත්තේ 2015 ටත් කලිනි. ඒවා ඇනවුම් අවලංගු කිරීමට ඔබලා මෙතරම් ප්‍රමාද වූ නිසා, පාඩුව වැඩිවූ බවත් එයට ඔබතුමා ඇතුළු ඔබ රජය වගකිවයුතු බව ඔබ පිලිගත්යුතුය.

:       2       104

මම1 Tuesday, 17 October 2017 08:18 AM

බයියන්ට අනුව බිලියන 1 කට ලංසු ඉල්ලා බිලියන 10 ක් ණයට ගත්කළ, පොලී අනුපාතිකයේ 2% ක වෙනසක් වූවානම්, අවුරුදු 30 බැඳුම්කරයේ පාඩුව බිලියන 10,000,000,000 කි. (මෙය බැඳුම්කර වංචාව සාධාරණීකරනය කිරීමක් නොවේ)

:       7       0

rohana kumara mendis Tuesday, 17 October 2017 08:58 AM

ඇයි අනේ තරු 4ක් හම්බ වුනාලු නේද ඇයි මේ බය? අර එමිරේට් එක්ක එකතුවෙලා කරගෙන ගියානම් අද ගොඩ. ලෝකේ හැම ගුවන් සේවයක්ම කරන්නේ එකතුවෙලා. අපේ අය තනියම කරන්න හදනවා

:       4       3

susantha Tuesday, 17 October 2017 09:49 AM

ඒ විදිහට ගත්තොත් ලංකාව වගේ රටේ ණය වාරික ගෙවාගන්න තව තවත් ණය ගන්න සහ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ ලෝකේ පහසුකමක් නැති හිඟන රටක ඇමතියන්ට සහ මන්ත්‍රීන්ලට ලෝකේ දියුණුම රටවල ඇමැතිවරුන්ටවත් නොදෙන තරම් සැපවාහන ගෙන්වද්දීත් ඒ වාහන සමාගම් හිතල බලල නොවිකුණ ඉන්න එපැයි එරාන්! ඉස්සරහට කියයිද දන්නේ නෑ කෝටි ගණන් වියදම් කරලා හැටහුටහමාරක් අමතියන්ටයි මන්ත්‍රීන්ලටයි පෝලිමේ සුපිරි වාහන ගෙන්වන එකේ වැරැද්ද වාහන නිපදවන සමාගම් අතේ කියල.

:       0       51

naradhaTuesday, 17 October 2017 10:24 AM

සම්පුර්ණ ඇත්ත.

:       0       2

Sarath Tuesday, 17 October 2017 12:17 PM

කරන්න බැරිනම් ආපහු ඒ අයට බාරදෙන්න මහත්තයෝ.

:       0       0

sampath Tuesday, 17 October 2017 01:52 PM

ඇමතිතුමා, 2014 අයවැයේදී ජනාධිපති වියදම රුපියල් මිලියන 9600 ක් කියල මැරෙන්න හදල ගෙනාපු සරල නායකගේ 2018 සදහා යෝජිත ජනාධිපති වියදම රුපියල් මිලියන 9984. මේක යහපාලන ආණ්ඩුවේ වියදම් පෙන්වන එක උදාහරණයක් පමණයි. 'තමන්ගේ බඩ ගන්නවා වගේම රට ගැනත් හිතන්න මහත්තයෝ'.....ඔබ හිතනවට වඩා ලෝකේ දැන් හරි දියුණුයි.... අන්තර්ජයලයෙන් මේ තොරතුරු ගන්න අපට වැය වෙන්නේ විනාඩි දෙකයි. එක නිසා මිනිස්සුන්ව රවට්ටන්න ටිකක් අමාරුයි මහත්තයෝ. දැන් වත් ඇමති මණ්ඩලය නඩත්තුව නවත්තල ඒ සල්ලි වලින් රටට වැඩක් වෙන මේ වගේ දයක් හරි කරන්න.

:       0       47

de silva Tuesday, 17 October 2017 03:05 PM

ශ්‍රී ලංකන් අර්බුදයට මුල එයාර් බස් මිලදී ගැනීම නොව, ශ්‍රී ලන්කන් සමාගමේ වෘත්තිය සමිති මෙල්ල කරගැනීමට රජයට ඇති නොහැකියාව. ඔය කියන ගුවන් යානා මිලදී ගත්ත නම් අප සතුව තිබු දිගු ගමන් වලට මේවා යොදවා ලාභ ලබන්න පුළුවන්කම තිබුණා.

:       0       35

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 754 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1782 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 850 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 157 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 640 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 371 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site