IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එන්ජින් දෙකම නැවතී - පණගැන්වුණ ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබස්වයි

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට අගනුවර වන කැන්බරා දක්වා ගමන්ගත් ගුවන් යානයක් ගොඩබැස්වීමට යාමේදී එහි එන්ජින් දෙකම ක්‍රියා විරහිත වී තිබේ. එහෙත් පුදුමයකට මෙන්ම එම එන්ජින් දෙකම තත්ත්පර කිහිපයට පසුව නැවතත් ස්වංක්‍රීයවම පණගැන්වීම නිසා ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට ගුවන් නියමුවන්ට හැකිවී ඇත. 


දැඩි වර්ෂාව මැද ඇතිවන්නට ගිය මෙම අනතුර සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ආරක්‍ෂණ කාර්යාංශය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. 


‘වර්ජින්’ ගුවන් සේවයට අයත් ඒ.ටී.ආර්. 72-600 වර්ගයේ මෙම ගුවන් යානය එන්ජින් දෙකකින් සමන්විතය. එය අඩි 11,000 පමණ ඉහළ අහසේ සිට පහළට එද්දී එහි දකුණු එන්ජිමේ ක්‍රියාකාරීත්වය ඇණහිටි අතර ගිනිදළු කිහිපයක් විහිදී ගියේය. මෙවන් ගිනිදළු පැන නගින්නේ එහි ඉන්ධන දහනය වන කොටසේ ගිනිදළු ඇතිවීමේදීය. එවන් අවස්ථාවකදී එය එන්ජිම ඉබේම ක්‍රියාවිරහිත වූ සුළං පෙති කරකැවීම නවතා දමයි. 


තත්ත්පර 5 කට පසුව එන්ජිම ස්වංක්‍රීයවම පණගැන්විණි. ඒ වන විට අඩි 10,000 මට්ටමේ තිබුණ ගුවන් යානය උපද්‍රවයකින් තොරව පහතට එන්නට විය. ඒ සමගම වාගේ වම් පස එන්ජිමද ක්‍රියා විරහිත වී නැවතත් ස්වයංක්‍රීයව පණගැන්විණි. වහාම ක්‍රියාත්මක වූ ගුවන් නියමුවෝ ස්වයංක්‍රීය නොවන එන්ජිම පණගන්වා ගනිමින් යානය නිරුපද්‍රිතව කැන්බරා ගුවන් තොටුපොළට ගොඩබැස්වූහ.

 
වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවයේ ප්‍රකාශිකාවක් කියා සිටියේ එන්ජිමේ ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ආරක්‍ෂණ කාර්යාංශය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි. 


“මෙම ගුවන් යානය සිඞ්නි සිට කැන්බරා දක්වා ගිය එකක්. එය කිසිම ප්‍රශ්නයකින් තොරව ගොඩබාලා තියෙනවා. මගීන් කිසිවකුට එයින් බලපෑමක් ඇතිවී නෑ” යයි ඇය කීවාය. 

(63226 )



අදහස් (7)

එන්ජින් දෙකම නැවතී - පණගැන්වුණ ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩබස්වයි

සෙනෙවි Tuesday, 18 December 2018 12:52 PM

සිදුවීමට ගිය කණගාටුදාායක සිදුවීම අහඹු ආකාරයට වැළකීයාම සතුටුදායකයි. අහඹු සිදුවීම් නිතර සිදු නොවන බැවින් දෝශ නිරවුල් කිරීම සිදුවිය යුතුය

:       0       66

පිටිගල මිලානෝ Tuesday, 18 December 2018 04:15 PM

ඉන්ධන සමග ඉතා සුළු ප්‍රතිශතයක් ජලය මිශ්‍ර වී තිබෙනවා. ඉහල අහසේ ඇති ඉතා අඩු උෂ්ණත්වයේදී මෙම ජලය අයිස් බවට පත්වෙන නමුත් එම අයිස් දහන කුටියට යාම වැලක්වීමට විවිධ ෆිල්ටර වර්ග යොදාගැනෙනවා. මෙම අයිස් මුළු ෆිල්ටරයම අවහිර කලොත් දහනය සඳහා තෙල් නොමැතිවීමෙන් එන්ජින් තාවකාලිකව ක්‍රියා විරහිත වෙනවා. එසේත් නැත්නම් ඉහල අහසේදී ගිනිකඳු වලින් නිකුත්වූ අළු ඉන්ජින් තුලට ගියාමත් මෙසේ වෙනවා.

:       167       133

raviTuesday, 18 December 2018 06:07 PM

පිටිගල, ගුවන්යානා ඉන්ධන ටැංකි තුලට ජලය කොහෙත්ම ඇතුළු වෙන්නේ නැහැ. ඇතුලු වෙනවානම් වෙන්න අධික පීඩනයක් තියෙන "පොලොව මට්ටමේයි " අහසේදී අඩු පිඩනයකදී මෙය කවමදාකවත් නොවෙන්නකි.

:       102       78

LalTuesday, 18 December 2018 10:04 PM

රවී, පිටිගල අදහස් කලේ වතුර ඉහල අහසේදී එකතු වෙනවා කියන එක නෙවෙයි ඉන්ධනවල ඇති සුළු ජල ප්‍රතිශතයයි. රවිත් ඉතාලියේ වගෙයි පෙනෙන්නේ දන්නා තරම ගැන හිතනකොට නම්.

:       72       100

ප්‍රියන්ත Wednesday, 19 December 2018 04:29 AM

RAVI, කරුණු දැක්වීම හරියට කියවන්න ඊට පසුව උත්තර දෙන්න!!!

:       21       2

Saman Tuesday, 18 December 2018 10:31 PM

රවීගේ ටිකිරි මොලේ!!!!!

:       0       27

Lusena Wednesday, 19 December 2018 06:10 AM

ඔය ප්ල්නේ එක ලංකාවට එවන්න දියවන්නාවේ කට්ටිය යවන්න.

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 140 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 476 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 504 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1301 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2753 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1804 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site