IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එතනෝල් ලීටර් 15,300 ක් රාජසන්තකයි

(ඉන්දිකා රාමනායක)

නයිලෝන් මිශ්‍ර ටයර් රැහැන් බව පවසමින් නීති විරෝධීව මෙරටට ආනයනය කර තිබු  එතනෝල් ලීටර් 15,300 ක ප්‍රමාණයක් සහිත බහාලුමක් රාජසන්තක කළ බව රේගුව පවසයි.

මෙම වංචාවෙන් රජයට රුපියල් කෝටි 2 ට ආසන්න බදු මුදලක් අහිමිව ඇති බවද රේගුව කියයි. 

මහනුවර ව්‍යාපාරියකු විසින් ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කර ඉකුත් වසරේ මැයි මස  චීනයේ ෂැන්හයි වරායේ සිට මෙම බහාලුම මෙරටට එවා තිබු බව රේගු ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයෙන් මෙම වංචාව හෙළිව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මස ව්‍යාපාරිකයා ඇතුලු සැකකරුවන් 6 දෙනෙක්  අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 7 ක දඩයක් නියම කර තිබු බවද රේගු ආරංචි මාර්ග පවසයි.

මෙම බහාලුමේ බැරල් 80 තුළ මෙම එතනෝල් තිබු බවත් එතනෝල් වල වටිනාකම රුපියල් ලක්ෂ 20 ට අධික බවද පැවසේ.

මෙම එතනෝල් බහාලුම අද (20) තොටළග ග්‍රේලයින් අංගනයේදී මුල් වරට මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට රේගුව පියවර ගත්තේය.

මේ අවස්ථාවට රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

කන්ටේනරයේ තිබු එතනෝල් සහිත බැරල් රේගු අධ්‍යක්ෂ ජනරාල් (විශ්‍රාමික මේජර් ජනරාල්) විජිත රවිප්‍රිය මහතා ඉදිරියේ රේගු නිලධාරීන් පරීක්ෂාවට ලක් කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

(ඡායාරූපය - නිමල්සිරි එදිරිසිංහ)



අදහස් (18)

එතනෝල් ලීටර් 15,300 ක් රාජසන්තකයි

Pradeep Tuesday, 20 October 2020 03:54 PM

මෙම ව්‍යාපාරිකයාට අනුබල සහ උදව් දුන් දේශපාලකයින් ගැනත් පරීක්ෂණ කරන්න. මොකද එවැනි උපකාර නොමැතිව මෙවන් දෙයක් කිරීම අසීරුයි.

:       0       15

NuwanTuesday, 20 October 2020 05:00 PM

ඔය අල්ලපු ටික සතියක් දෙකක් ගිහින් ගෙනාපු කෙනාට වඩා ප්‍රබල කෙනෙක් අරගෙන යනවා. වුණේ නැතිනම් මේක ශ්‍රී ලංකාව නොවේ..

:       0       0

chandima Tuesday, 20 October 2020 05:21 PM

ඉඳලා හිටලා ගාණ ලැබුණේ නැතිව ගියාම පත්තරවලට එන්න කියලා මේ වගේ සංදර්ශනයක් දාන එක රේගුවේ වගේම හොර මත්පැන් අල්ලන නිලධාරින්ගෙත් සංදර්ශනවල කොටසක්... ඒත් මේ සංදර්ශන වලට අධ්‍යක්ෂ ජනරාල්තුමාවත් ඇඳගන්න එකයි දුක...

:       0       0

Kuma Tuesday, 20 October 2020 08:09 PM

බය වෙන්න කාරි නෑ. තව ටික දවසකින් ස්කාගාරවලට ගිහින් තියෙයි.

:       0       0

ලුම්බිණි Wednesday, 21 October 2020 01:13 AM

සිද්ධියට සම්බන්ධ අයට නඩුත් දාලා නම්, මේක උනේ ජනවාරිවල නම් මේක මාධ්‍ය සංදර්ශනයක් විතරක් නේද?

:       0       1

Perera Wednesday, 21 October 2020 04:31 AM

ඕවා වෙන්දේසි කරපුවාම අඩුගාණකට ජොනියට ගන්න පුළුවන් වේවි.

:       0       8

Kamal KoyralaWednesday, 21 October 2020 05:37 AM

ගන්න දෙයක් නැහැ. මේවා ජොනී වසන්තගේ... වෙනත් නම්වලින් ගෙන්වා ගන්නේ. මෙදා සැරේ ගෙන්නලා වැඩෙත් ඉවරයි. බලාගෙන ඉන්න.. රේගුව කවද්ද ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්නේ කියලා.

:       0       1

prabha Wednesday, 21 October 2020 07:03 AM

වරායේ ස්කෑන් යන්ත්‍ර තියෙද්දී එළියට එන බඩුවල සම්පූර්ණ වගකීම රේගු නිලධාරීන් සතුයි. ඔවුන්ට නිසි දඬුවම් දෙන්න.

:       0       1

de silva Wednesday, 21 October 2020 07:18 AM

ඕවා ජොනී මහත්තයාගේ බඩු නොවේ. අනිවාර්යයෙන්ම මධූෂ්ගේ, පොඩි ලැසීගේ, වෙලේ සුදාගේ බඩු.

:       0       1

fairoos Wednesday, 21 October 2020 07:42 AM

මේක අහුවෙලා මාස 4යි. දැන් එතනෝල් වතුර වෙලා ඇති.

:       0       1

ROHAN DAYADARA PARIS Wednesday, 21 October 2020 08:58 AM

සුදත් සිල්වා කියන්නේ රටට ආදරේ කරන ජීවිත තර්ජනය නොතකා ආධිපත්‍යය වෙනුවෙන් කැපවී සේවය කරන රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමෙක් මෙවන් නිලධාරීන් තවතවත් අපේ මව්බිමේ බිහිවේවා..!!! 

:       0       0

isuru Wednesday, 21 October 2020 08:59 AM

නියෝජ්‍ය අධ්‍යක්ෂක සුදත් සිල්වා වැනි නිලදරුවන්ගේ සේවය රටවැසියෝ වන අපි අගයමු.

:       0       0

jinasiri Wednesday, 21 October 2020 09:21 AM

සුදත් සිල්වා අවංක නිලධාරියෙක් බව ආයතනය දන්නවා. නීතිය අකුරටම ඉටුකරන්න.

:       0       0

thanuja Wednesday, 21 October 2020 09:23 AM

සුදත් මහත්තයෝ ප්‍රවේශමෙන්... ජීවිත තර්ජන එන්න පුළුවන්... ආරක්ෂාකාරීවන්න.

:       0       0

kalani Wednesday, 21 October 2020 09:25 AM

මේවාවල ඇත්ත අයිතිකාරයෝ හොයන්න බැරිද? එකම රටක්.. එකම නීතියක් පුස්සක් වෙමින්ද යන්නේ මැතිතුමනි...?

:       0       0

DAYAN Wednesday, 21 October 2020 10:18 AM

නියෝජ්‍ය අධ්‍යක්ෂක සුදත් සිල්වා මහතා මේ රටට කරන සේවය අපි ඉතා ඉහළින් අගයමු.

:       0       0

OSTIN Wednesday, 21 October 2020 10:21 AM

සුදත් මහතාට තව තවත් මෙවන් වැටලීම් කරන්න එතුමාට එස්.ටී.එෆ්. එකේ ආරක්ෂාව අවශ්‍ය බව මේ රජයට යෝජනා කරනවා.

:       0       0

JINASIRI Wednesday, 21 October 2020 10:24 AM

මේ වගේ වැටලීම් කරද්දී ජීවිත තර්ජන එමටයි.. ඒ නිසා මෙතුමාට? එස්.ටී.එෆ්. ආරක්ෂාව විශේෂයෙන් ලබාදිය යුතුයි. මෙතුමාව ආරක්ෂා කර ගැනීම උදෙසා....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 0 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 307 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 439 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1207 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2647 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1762 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site