IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


එජාපෙ නායකයෝ මැතිවරණ කොමිසමට යති

තරිඳු ජයවර්ධන
 
ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද මැතිවරණ කොමිෂන් සභාවට ගියහ.
 
ව්‍යවස්ථාවට පිටින් මෙම මැතිවරණය පැවැත්වීමේ නීති විරෝධී භාවය ගැන තම මතය මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කළ බවත්, මැතිවරණ කොමිසම ඊට සාවධානව ඇහුම්කන් දුන් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ අජිත් පී පෙරේරා මහතා පැවසීය.
 
මෙම මැතිවරණය පැවැත්වීම සම්බ්නධයෙන් මැතිවරණ කොමිසම කුමක් ප්‍රකාශ කළේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී පෙරේරා මහතා කීවේ ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ අදහස් ප්‍රකාශ කළ නොහැකි බවයි.
 
රාතිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්වූහ.



අදහස් (45)

එජාපෙ නායකයෝ මැතිවරණ කොමිසමට යති

Ruwan Saturday, 10 November 2018 09:10 AM

අද ජනාධිපතිතුමා රටේ මහජනතාවට ඉඩහරලා තියනවා තමන්ට ඕන ආණ්ඩුව තෝරාගන්න. මක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. නැතුව ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා මුදලට හෝ තමන්ගේ වාසියට පිල්මාරු කිරිල්ල නෙමෙයි. තමන් හරි දේ කලානම් මහජනතාව ඉදිරියට යන්න බය වෙන්න ඕන ඇයි?

:       0       0

චතුර Saturday, 10 November 2018 09:18 AM

නඩය බය වෙලා. ඇයි UNP අය ජන්ද වලට ඔච්චර බය. මෙදාපාර ගෙදරම නවතින්න දෙයි ජනතාව.

:       0       0

donkal Saturday, 10 November 2018 09:26 AM

දැන්ද සෙට් එකට මැතිවරණ කොමිසම මතක්වෙලාතියෙන්නේ? අවපාලන ආණ්ඩුව ප්‍රාදේශීය සභා , පළාත් සභා මැතිවරණ කල්දාද්දී ඔයාල බුදියගෙනද හිටියේ? දැන්තමයි ප්‍රජාතන්ත්‍රවාදය , ව්‍යවස්ථාව මතක්වෙලාතියෙන්නේ. පව් ජනතාව ඉදිරියට එන්න මෙච්චරම බයද? හර්දශාක්ෂිය දන්නවනේ එයාල ශ්‍රී ලංකාවට කරපු විනාසය, එකයි හොඳටම බයවෙලා ඉන්නේ.

:       0       0

Thilina Saturday, 10 November 2018 09:33 AM

රටක මැතිවරණ පැවැත්වීම තරම් ප්‍රජාතන්ත්‍රවාදී දෙයක් තවත් නැහැ ..ජනාධිපතිවරයා කලේ වැරදි දෙයක්නම් කිසි දේකට බය වෙන්න දෙයක් නැහැ ..මිනිස්සු නිවැරිදි තීරණය ලබා දේවි..ඒත් මැතිවරණ වලට මුහුණ දෙන්න බය උදවියනම් හතර අතේ දුවාවි..

:       0       0

ගල්කටස් Saturday, 10 November 2018 10:10 AM

මොවුන් කරන්න යන්නෙ කථානායකවරයා⁣ගෙන් කර ගත් දෙම මැතිවරණ කොමිසමෙන්ද කරවා ගැනීමටයි.ස්වාධීන යැයි කියාගන්නා කථානායකවරයා විධායකය අභියෝගයට ලක් කරමින් සිටි.එලෙසම ස්වාධීන යැයි කියාගන්නා මැතිවරණ කොමිසමද ඉදිරියේදි එවන් අභියෝගයක් කිරීමට ඉඩ තිබෙි. එ කොමිසමි වලට පුද්ගලයන් පත් කලෙ රනිල් ,සමිබන්දන් ,ලප කුමාර වැන්නවුන් නිසාය.ස්වාධීන කොමිසමි ස්වාධීන නැති බව ඉිදිරියෙදි ඔබට හැගෙනු අැත. උත්තරීතරම අායතනය වන උසාවියේ පිහිට නොපතා මෙ කරනුයෙ ස්වාධීන යැයි කියාගන්නා අායතන වල සිටින තමන්ගෙ දේශපාලන ගැත්තන් ලවිවා වැරදී තීන්දු පුුකාශයට පත් කරවා ගැනීමයි. ස්වාධීන කොමිසන් සභා ⁣වලින් රටට යහපතක් සීදු වුයෙද යන්න පුශ්නයකි. උසාවිය මගින් විසදා ගැනීම වඩාත් සුදුසුය.කෙදිනකවත් උසාවියනමි වැරදි තිරණ නොගන්නා බව අප තරයෙ විශ්වාස කරමු.අධිකරණයෙන් මිස වෙන කිසිම තැනකින් මෙයට ස්වාධීන තීරණයන් ගත නොහැක.කරැණාකර මෙය අධිකරණයට ගෙනියන්න.

:       0       0

පිටිගල මිලානෝ Saturday, 10 November 2018 10:55 AM

බැඳුම්කර සිද්ධිය සහ හොරු අල්ලපු නැති නිසා කතිරේ බූමරංගයක් වෙයිද?

:       1646       2383

Prase Saturday, 10 November 2018 10:56 AM

අයියෝ... ගොඩක් පව් මේ මිනිස්සු...

:       1028       2046

sirimal Saturday, 10 November 2018 10:57 AM

නඩු දැම්මොත් 113 හදා ගන්න ඉතුරු කට්ටිය බාගන්න ඕනෑතරම් කාලය ලැබෙයි.

:       202       351

ruchi Saturday, 10 November 2018 10:57 AM

පචවෙලා එනව නේද හිටන් ඔක්කොමල්ලා. ජනාධිපතිතුමා නීතිය නවලා නැහැ. එතුමා හරියට වැඩේ කරනවා. බලතල දීලා තියෙන්නේ පාවිච්චි කරන්න.

:       4975       7071

Sana Saturday, 10 November 2018 11:03 AM

තමුන් රටට සේවයක් කරානම් සහ හානියක් කරේ නැත්නම් බය නැතුව ඡන්දයට යන්න. මේ අවුල විසඳන්න ජනතාවට ඉඩ දෙන්න.

:       1643       5382

SuddaSunday, 11 November 2018 12:14 AM

මේ වෙනකොට 1366 ඩිස්ලයික් දාලා. ඡන්දෙට ගිහින් මිනිස්සුන්ට මුණ දෙන්න බය කට්ටිය වෙන්න ඇති.

:       104       228

පෙරේරා Saturday, 10 November 2018 11:05 AM

පොලොන්නරුව කොන්ක්‍රීට් කරන්න බැරිද?

:       513       125

ජ්නක Saturday, 10 November 2018 11:11 AM

පොලොන්නරුවේ පොඩි විජේ සහ මෛත්‍රි අතර ඇති සමානකම නීති කැඩීමයි. නැදැයොද මන්දා..?

:       1337       769

රජින්ද Saturday, 10 November 2018 11:13 AM

රටෙන් භාගයක්ම අනුභව කරලා ඉතුරු ටිකත් අනුභව කිරීමට ඉල්ලන මේ සුන්දර මුහුණු ටික දිහා බලන්න... ව්‍යවස්ථාව ගැන ඔච්චරටම දන්නවා නම්, යන්න ඕනේ මැ.කෝ. ලඟට නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයටයි.

:       81       2047

anura Saturday, 10 November 2018 11:15 AM

එහෙනම් මෙම පක්ෂයේ අය හිතාගෙන ඉන්නේ ජනතා පරමාධිපත්‍යයට ඉඩ නොදී ඡන්ද නොතියා කල් දමමින් ඉන්න එකයි ප්‍රජතන්ත්‍රවාදය කියන්නේ. මොවුන් සමග පිටුපසින් ගමන් කරමින් සිටින මහජනතාව අන්ධයෝ ගොඩක් වගෙයි හැසිරෙන්නේ. ලැජ්ජයි!

:       161       2469

AsankaSaturday, 10 November 2018 02:16 PM

ප්‍රශ්නේ තියෙන්නේ වහල් මානසිකත්වයේ ඉන්න අය මිස ලෝකයත් සමග සමග ඉදිරියට යන්න උවමන අය ලංකාවේ නැතිකම, ඒ නිසා ඡන්දයකින් රජෙක් පත්වෙන්න තියන ඉඩ තමයි වැඩි

:       0       0

Rasi Saturday, 10 November 2018 11:36 AM

113 හද හද පාර්ලිමේන්තුව තව කරගෙන යනවට වැඩි ඡන්දයකට යන එක කොයි තරම් හොඳද? ඔය කියන අති විශාල සංවර්ධනය සහ පහසුකම් ජනතාවට දීලා තියෙනවා නම් ජනතාව උඩපැනලා එජාප එකට බලය දෙයි. බය වෙන්න දෙයක් නැහැ.

:       938       2039

liyanage Saturday, 10 November 2018 11:41 AM

මොකද බය ඡන්දයට...? වීරයෙක් වගේ ඉදිරිපත් වෙන්න.

:       115       2247

sandy123 Saturday, 10 November 2018 12:06 PM

බලයට කෑදර ඒකාධිපති, ජනාධිපති වියරුවට එරෙහිව පෙළ ගැසෙමු. ඩිසලයික් තියේවි. නමුත් සැලෙන්නේ නැහැ.

:       3       1

ප්‍රසන්න Saturday, 10 November 2018 02:14 PM

ඔබතුමන්ලා හරි දෙයක් කලානම් ජනතාව ඔබලාව දිනවලා , පාර්ලිමේන්තු යවාවි. එතකොට බහුතරය පෙන්වලා, ඔබලාගේම රජයක් පිහිටුවාගන්න..

:       0       0

ජගත් Saturday, 10 November 2018 04:19 PM

දැන් පැහැදිලි වන්නේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමක් නොවන බවය, මෙහි දී ජනාධිපති තුමා විසින් අරගෙන තියෙන්නේ ජනතාවාදී වන තීරණයක්මු. ජනතා මුදලින් නඩත්තු වන මන්ත්‍රීන් අලෙවි වෙමින් පවතින ක්‍රමය නවත්වා දමා වරදාන හා වරප්‍රසාද ලබාදීම සඳහා වියදම් කරන විශාල මුදලක් රටට ඉතිරි කර දීමක්.

:       0       0

gunarathna Saturday, 10 November 2018 04:40 PM

මෙතිවරණ කොමසාරිස්ට ඕනේ චන්ද තියන්ට.දෙන් කීවේ බහුතර පෙන්වනවා කියල.එහෙමනම් බය වෙන්ට දෙයක් නෙහෙනේ.චන්දෙකට ගිහිල්ල වෙඩි ආසන ගානක් දිනලා තනි ආණ්ඩුවක් හෙදුවනම් ඉවරනේ.

:       0       0

vipula Saturday, 10 November 2018 04:53 PM

ජනාධිපති ගත්ත හොද තීරණයක්. එක එක හේතු කියල චන්ද පරක්කු කරපු අයට කදිම පාඩමක් වෙලා . දැන් එන්නකෝ ජන්දෙට .

:       0       0

Sethuni Saturday, 10 November 2018 05:21 PM

කරුට වගේ මැකෝ ටත් කියලා ප්‍රකාශ නිකුත් කරවගන්නද හදන්නේ

:       0       0

Nirman Saturday, 10 November 2018 07:50 PM

මුන් රට විනාස කරලා තව ලජ්ජා නැතිඅව නීති ගෙන කියන්න යනවා. රනිල් හිටියනම් තව අවුරුද්දක්, රට විතරක් නොවේ මිනිස්සුන්වත් වහල්ලු වගේ විකුණලා සල්ලි සොයාවි. ජනපති රට බේරගත්ත මිනිසුනුත් බෙර ගත්ත.

:       0       0

Chandima Sunday, 11 November 2018 12:52 AM

ජනාධිපති එදා බලතල අඩු කර ගත්ත එකෙන් ඉතාම අයුතු හිතුවක්කාර විදියට කරමින් ඔහුව නොසලකා පම්පෝරිගහලා අගමැති ඇතුළු කල්ලිය කල අවකල් ක්‍රියාවේ ප්‍රතිඵල තමයි ඔය.

:       1       16

Sumith Sunday, 11 November 2018 01:00 AM

දෙලොව රත් වෙලා..........

:       1       14

රන්ජිත් Sunday, 11 November 2018 01:19 AM

හොරු ටිකට ඇඩ්‍රස් නැති වෙන්නෙ 5 වෙනිදාගෙන් පස්සෙ

:       1       114

wimal Sunday, 11 November 2018 01:41 AM

දෛවයක හැටි! මැතිවරණ ප්‍රමාද කල පවට දැන් එහි යන්නට සිදුවිය!

:       0       39

Lakvidu Sunday, 11 November 2018 02:03 AM

කවුරුත් දැකලා තියෙනවාද හුලන් බැහැපු බැලුම් බෝල....

:       1       30

gallage Sunday, 11 November 2018 03:02 AM

අනේ පව් අප්පා.. මේ කට්ටිය දුකෙන්...

:       1       29

බණ්ඩාර (කැකිරාව) Sunday, 11 November 2018 03:26 AM

ඡන්දයට ගියොත් මෙයාලගේ දේශපාලනය ඉවරයි... ඒ බව හොදටම දන්නා නිසායි මෙවැනි දේවල් කරන්නේ. මොනවකරත් මහජනතාව රවට්ටන්න ඔහෙලට තවත් ඉඩ නැහැ.

:       2       30

Perera Sunday, 11 November 2018 03:50 AM

ඒ ගැසට් එකටත් පුට්නෝට් එක්ක දාලා ආවා කියල ආරංචියි.

:       2       26

suranga Sunday, 11 November 2018 04:05 AM

මුණු ටික බලන්න...චොප්ප වෙච්ච කජු ලෙලි වගේ..

:       1       31

Darshana Sunday, 11 November 2018 05:01 AM

රටට වැඩක් කලානම් ඇයි ඡන්දයකට බය වෙලා .... මේකෙන්ම පෙනෙනවා මේ අය ඡන්ද කල් දැම්මේ ඇයි කියල...

:       1       36

සමන්ත Sunday, 11 November 2018 05:14 AM

19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වාම ඒක අති විශේෂ ගැසට් එකකින් සම්මත කරපු මෛත්‍රීපාලට පාර්ලිමේන්තුව අති විශේෂ ගැසට් එකෙන් විසිරවන්න බෑ කියන එක විහිලුවක් නේද?

:       1       36

Jagath berlin Sunday, 11 November 2018 05:59 AM

හිරුණිකා මැතිණිය ජාතියේ වීර මාතාව අපි ඔබ සමඟයි...

:       315       3

SamSunday, 11 November 2018 08:42 AM

ජාතියේ වීර මාතාව වෙන්න සුදුසුකම මොකක්ද? ඩිෆෙන්ඩර් එකකින් කොල්ලෙක් උස්සවලා පැය දෙකෙන් ඇප ගත්ත එකද. ජාතිය හිනස්සන කතා කියන්න කලින් රට වෙනුවෙන් යුද්දෙට ගිය කෙල්ලන්, තමන්ගේ දරුවන් සහ සැමියන් දන්දීපු කාන්තාවන් වීර මාතාවන් ගැන හිතන්න.

:       1       34

BamunuarachchiSunday, 11 November 2018 01:49 PM

ඔව් ඔව් අර අහිංසක කොල්ලෙකුටත් චණ්ඩිපාට් දාලා දැන් නඩුවකුත් තිබෙන්නේ... අනේ ඔය ගොල්ලො වගේ මිනිස්සුද? මේ රටේ දේශපාලනඥයින් පත් කරන්නේ? ඉතින් මෙරටට මෙහෙම වෙන එක පුදුමයක්යැ. අපි දේශපාලනඥයින්ට බැනලා වැඩක් නැත.

:       0       0

sandy123 Sunday, 11 November 2018 06:35 AM

නරකද මහා මැතිවරණ කාල පරිච්ජේදය අවරුදු දෙකක් කලොත්. එකටනේ ආස. මහත්තයෝ ටික කලකින් ආණ්ඩුව එපා කියා කියා ඡන්ද තියන්න ගත්තොත් අපිට කාගේ පිහිට පතන්නද දන්නේ නැහැ. ඡන්ද තියන්න භාවිතා වෙන්නේ ඒ අයගේ දේපල නෙමේ. දහදිය මහන්සියෙන් හම්බ කරන අපේ සල්ලි. ඡන්ද ඉල්ලන්නෙත් කාගේ උවමනාවටද? ප්‍රාදේශීය ඡන්දය දින්න නිසා මේ දගලන්නේ. හිතන්න පළාත් සභා ඡන්දය පවත්වන්න ජනාධිපති තුමා උනන්දු වුනේ නැත්තේ ඇයි කියලා. වෙනම ඉල්ලුවානම් ඇඩ්රස් නැහැ එකයි. එජාපයට විතරක් බැනලා හරි යනවද? මේවා ඔක්කම මාස්ටර් ප්ලෑන්. දිය යටින් ගින්දර ගෙනිහින්. දැන් ඡන්ද තියන්නේ දෙකම එකතු වුන නිසා. නැතිනම් කීයටවත් ඡන්ද නැහැ. එජාපය නායකත්වය ගැන අපිටත් විවේචන තියෙනවා. නමුත් සිරිසේනට ජනාධිපති වෙන්න (මහින්දගේ) ආණ්ඩුව කියන උදවිගෙන් කීයෙන් කීදෙනාද උදව් කලේ?

:       419       351

Sumith Sunday, 11 November 2018 07:51 AM

ඌව පළාතෙන් තාම එජාපය ගොඩ ආවේ.. ගෙවුණු කාලේ පුරාවට... මොනවද ඌව පළාතට කළේ? ගොවියන්ගේ පොහොර ටික වැඩිකළා... බදුල්ල බණ්ඩාරවෙලට ආවොත් දකින්න පුළුවන් මහින්ද කරපු වැඩ...

:       0       0

isurandi Sunday, 11 November 2018 08:52 AM

කොච්චර කලත් ඔච්චරයි. ඒ නිසා කාලේ නොකා අලුත් නායකයෙක් ඉදිරිපත් කරන්න ඊලඟ සැරේවත්.

:       0       0

Wimal Sunday, 11 November 2018 10:15 AM

පෙන්ෂන් එක රැක ගන්න නහින නැහිල්ලක්. ඡන්ද වලට ඇයි මෙයාලා මෙච්චර බය?

:       0       0

ROHAN DAYADARA PARIS Sunday, 11 November 2018 10:17 AM

විධායකයාද ...? ප්‍රජා තන්ත්‍රවාදයද ? වස්ථාදායකයා ද ...? සර්ව බල ඡන්දයද ...? තීන්දුව අධිකරණය මත වගකීම පවතී ....මහජනයා සර්ව සාධාරණ තීන්දුවක් අපේක්ෂා කරයි ...

:       0       0

OXi, Czech Republic Sunday, 11 November 2018 11:29 AM

ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා ගත්තේ ඉතා වැදගත් තීරණයක්... ජනතාව තවත් ගොනාට අන්දන්න බැරි බව එජාපයේ හා ජවිපෙ ප්‍රතික්ෂේප වන දේශපාලන කවටයන් දන්නවා. අනිත් කරුණ නම් ජනාධිපතිතුමා ගත් තීරණයක් අධිකරණයක විනිශ්චය කිරීමට ව්‍යවස්ථාවට අනුව අවම වශයෙන් බැරි බව පෙනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 772 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 401 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 229 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 165 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 289 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 486 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site