(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ලබන බදාදා (12) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.
එම යෝජනාව මේ වනවිට පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී ඇති බව එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රිවරුන් සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා එම යෝජනාව බාරදීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.
පවතින දේශපාලන අර්බුදය අවසන් වීමෙන් පසු රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා බවට පත්කිරිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සියයට සියයක එකඟතාවයකින් යුතුව කටයුතු කරන බවද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා මහතා පැවැසීය.
රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලූම නායකයන් මේ අර්බුදයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ ඒකමතයක සිට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.
මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජල
මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.
ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
එජාපෙ නායකයාට විශ්වාසය පළ කරන යෝජනාවක් බදාදා පාර්ලිමේන්තුවේ
sudath Friday, 07 December 2018 11:41 AM
සංවිධානාත්මකව මහබැංකුව මංකොල්ල කෑවට පස්සේ මෙතුමාට විශ්වාසය පලකරන්න පුළුවන් වන්නේ මුදල් නිසි පරිදි ලබාගත්ත උදවියට පමණි.
Cisco Friday, 07 December 2018 12:29 PM
මහා ජනතාවගේ විස්වාසය තමයි වඩා වැදගත්.
menna Friday, 07 December 2018 01:19 PM
එයට කලින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න වුණොත් මොකද වෙන්නේ?
sirimal Friday, 07 December 2018 02:23 PM
ජවිපෙ ඕවට නැතිලු ඔන්න...
anura Saturday, 08 December 2018 03:04 AM
ගරු අධිකරණයෙන් දීමට තිබෙන තීන්දුව ලැබෙන තෙක් ඉවසා නොහිට කරන මෙවැනි බොළඳ ක්‍රියාවලින් සිදුවන්නේ අනාගත මැතිවරණයකදී ලැබෙන්න තිබෙන ඡන්ද ටිකත් නොලැබී යාමයි.
Bamunuarachchi Saturday, 08 December 2018 03:33 AM
ඔයිට වඩා හොඳ නැද්ද එජාප නායකයාට තිබෙන රටවැසි විශ්වාසය බලන්න රටවැසියන්ගේ ඡන්දෙකට යන එක...? ගිහින් බලන්නකෝ රටවැසියෝ ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසය. හැබැයි රටේ ප්‍රධාන පුරවැසියා එජාප නායකයා කෙරෙහි සතේක විශ්වාසයක් නැති බවනම් රට වැසියෝ දන්නවා.
V.warnakulasuriya Saturday, 08 December 2018 09:43 AM
දැනට පාර්ලිමේන්තුවේ ඉන්නෙත් ඡන්දයකදී රටවැසියන්ගේ විශ්වාසය දිනා ගත්ත ජනතා නියෝජිතයින් තමයි. ඒ නියමිත කාලයක් සඳහාය. අද දේශපාලන වශයෙන් අනාථ භාවයේ සිටින ජනාධිපතිවරයාගෙත්, බරපතල චෝදනා වලින් නිදහස් වීමේ අවශ්‍යතාවයේ සිටින කල්ලියේත් වුවමනාවට වර්තමාන තත්ත්වය නිර්මාණය වී ඇති බව පෙනෙන්නට ඇත. මේ මොහොතේ ඇත්තේ පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් විසඳාගතයුතු ගැටළුවක් මිස ජනතාව ඉදිරියට යාමක් නොවේ. යමෙක් අගමැති ධුරයට සුදුසු නොවන්නේ නම් හෝ නැවත පත්කර ගන්නේ නම් හෝ වර්තමාන තත්ත්වයක් ඇති කර නොගෙන ඉතා පහසුවෙන් පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට වර්තමාන ජනාධිපතිවරයාට හැකියාව තිබුණි. පාලකයින්ගේ අසාර්ථකත්වයන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පමණක් නොව අවු. 70 ක්ම පොදුවේ අපි දැක ඇත්තෙමු.
BamunuarachchiSaturday, 08 December 2018 06:12 PM
2018 පෙබරවාරි මාසේ ජනතාව ලක්ෂ 67 ක ඡන්දයකින් පෙන්නුවා රට කිසිම සේවයක් නොකරපු අය එපා කියලා. කියන්නකෝ හලෝ මේ රටට මේ අවුරුදු 4 ට කල සේවය. දැනට පාර්ලිමේන්තුවේ ඉන්නේ බැංකුව මංකොල්ල කන්න උදවු වෙච්ච ටිකක් කියලා ජනතාව දන්නවා
DarshanaSaturday, 08 December 2018 09:46 AM
රට වැසියන් විශ්වාස නැහැ කියලා ඒ අය තේරුම් අරගෙන තියෙන්නේ.. එ්කයි වෙනවෙන මාර්ගවලින් බලය ලබා ගන්න බලන්නේ...
RaveendraSaturday, 08 December 2018 11:57 AM
මෙයා නාන්න තුවාය ඇඳගෙන ඔලුවෙන් හිටගෙන කිව්වත් රට වැසියන්ට සූත්තර පුංචාව සත පහකට විශ්වාස නැහැ. මොකද මෙය වැසිකිළි යන්නෙත් බටහිරට ඕන විදියටනේ... නිදහසේ වතුර බාල්දියක් අරගෙන වත්ත පහළ වැසිකිළියට යන්න කොහෙත්ම සූදානමක් නැහැනේ... අනිත් අය 224 ත් එච්චර තමයි . සතෙකට විශ්වාස කරන්න බැහැ...
NissankaSaturday, 08 December 2018 04:09 PM
මහමැතිවරණයකට කලින් තියන්න නියමිත ජනාධිපතිවරණය තියලා බලමුද එහෙනම්? හා ඔට්ටුද? එතකොට බලාගන්න පුළුවන් ජනාධිපතිට තියෙන ජනතා විශ්වාසයත් කොහොමද කියලා.
Bandara Saturday, 08 December 2018 07:54 AM
අර කාගෙද අම්මගෙන් පේන අහනවා වගේ...
ajith Saturday, 08 December 2018 02:22 PM
බැංකු සිද්ධිය, රට බෙදීමේ හොර ගිවිසුම් රටේ දේපළ විකිණීම මහජනතාව කෙරෙහි විශ්වාසය නැතිව නොමනා අැග්‍රිමන්ට්වලට යටත්ව... තව මොන විශ්වාසයක්ද ඔබලා කෙරෙහි... අලිබබා සහ හොරු 40 වගේ ඔබලා ඔබලාට විශ්වාසයි..
rohan kumara mendis Saturday, 08 December 2018 03:18 PM
බමුණුආරච්චි එහෙනම් රට වැසියා කා ගැනද විශ්වාසය තියල තියෙන්නේ? රටවැසියා ඔය කියන කෙනාව ගෙදර යැව්වේ... එ්ක තමයි කලින්ම... මේ පාර ගෙදරම යැව්වා ආයේ තව මොනවද?
BamunuarachchiSaturday, 08 December 2018 06:22 PM
ජනතා විශ්වාසය කාටද තිබෙන්නේ කියලා බලන්න තමයි ඡන්දෙකට යන්න කියන්නේ. මොකද මෙපමණ භය ඡන්දෙකට යන්න.
Lakvidu Saturday, 08 December 2018 03:57 PM
ඇයි එහෙනම් ඔච්චර විශ්වාසයක් තියන පුද්ගලයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී වෙන පක්ෂයකින් හොරෙන් පැනපු කෙනෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ?
Nuwan Saturday, 08 December 2018 04:43 PM
ගමේ, නගරේ, විශ්වාසය පලකරන දවස ආවම... වෙනස දැනෙයි.
Amila Saturday, 08 December 2018 05:21 PM
මෙයා එක්කෝ අපලම නැකතකින් ඉපදිලා තියෙන්නේ එක්කෝ අනිත් අයගේ අපල උග්‍ර කාලවලදී මෙයාට පොඩි කාලයකට බලය ලැබෙනවා. 1994 සිට ප්‍රබල පක්ෂයක නායකයා, ඒත් ආණ්ඩු කරලා තියෙන්නේ අවුරුදු පහක් විතර... ඒකත් වසර දෙකක් සහ වසර තුනක් ලෙස දෙසැරයකට. රටේ නායකයා වෙන්නම බැරි වුණා. මෙයාගේ කාලයේ අනිත් පක්ෂවල නායකයින් තුන්දෙනෙක්ම රටේ නායකයා වුණානේ. අනික මෙයාගෙන් රටටත් අපලයි වගේ... ලෝකේ බොර තෙල් මිලත් අඩු වුණා. මෙයාගේ බලේ නැතිවීගෙන යන කාලයෙත්... කොහොමත් මේ යන විදියට මෙයාට ඔය තනතුරු නම් ගන්න ලේසි නෑ.
Lakvidu Sunday, 09 December 2018 08:12 AM
ඔව් අනේ, අර බැඳුම්කර වංචාවේ හොරුටික අල්ලන්න මෙයා කමිටුවක් පත්කරලා පත්කරලා, ඒ හොරු ඔක්කොම කරමුලින්ම අල්ලා දීලා කොච්චර විශ්වාසයක් දිනාගත්තද අනේ?