(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින උත්සවය කොළඹ නගර ශාලාව පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.
කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලු පක්ෂවල එකමුතුවෙන් පුළුල් පෙරමුණක් ලෙස මෙවර මැයි දින සැමරුම අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට තීරණය කළ බවද මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් කොළඹට එන ජනතාව මාර්ග හතරක් ඔස්සේ කොළඹ නගර ශාලාව පරිශ්‍රයට රැස්වීමෙන් අනතුරුව ජනහමුවක් පැවැත්වීමට නියමිත ඇතැයිද මහ ලේකම්වරයා කීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 4 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දෙන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මාලිගාකන්ද
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එජාපයේ මැයි දින සැමරුම කොළඹ නගර ශාලාව අභියස
Don perera Thursday, 21 March 2019 09:26 PM
සියලු දෙනාට ආරාධනා.
Alan Friday, 22 March 2019 02:38 AM
ගෝල්ෆේස් එකේ තියන්න බැරිද ?
sampath pathirana Friday, 22 March 2019 04:03 AM
ගෝල් ෆෙස් පුර වන්න කතාවනම් ,, දැන් පෙනේ විදිහට පොඩි පිට්ටනියක්වත් පුරවගන්න බෑ වගේ මේ අයට.....
කොලිත Friday, 22 March 2019 04:43 AM
කොළඹ තියෙන ලොකුම පිට්ටනිය ඒකද....? දන්න කෙනෙක් කියනවද?
Amila Friday, 22 March 2019 05:48 AM
ඕකත් කවදා හරි ත්‍රීවීලර් පක්ශයක් වෙනවා රනිල් එක්කම නිකන් වමේ පක්ශ වගේ
smn Friday, 22 March 2019 08:30 AM
කෝලිත,....කොළඹ නගර ශාලාව පරිශ්‍රය ඉඩකඩ මදිවුනොත් ඉදිරියෙන් තියෙන විහාර මහා දේවි උද්‍යානයේත් කට්ටියට ඉන්න පුළුවන්නේ. හේතුව ඒක වෙන්නැති. නැත්නම් ගාලු මුවදොර ලොකුයි.