IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එජාපයේ නව සන්ධානය පිහිටුවීම කල් යන ලකුණු

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානය පිහිටුවීම තවදුරටත් ප‍්‍රමාදවීමේ තත්වයක් උද්ගතව පවතී.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ කටයුතු අවසන් කිරීමේ අරමුණින් එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයින් අරලියගහ මන්දිරයේ දී හමුවුවද සන්ධානය පිහිටුවීමේ එකඟත්වයක් ඇතිකරගැනීමට නොහැකි වූ බව පක්ෂ නායකයකු පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ නියේජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාද අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවට සහභාගී වී සිටියේය.

එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් සන්ධානය පිහිටුවීමේ කටයුතු දිගින් දිගටම ප‍්‍රමාදවීමෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම තවත් කල් යාමේ තත්වයක් උද්ගතව ඇතැයිද එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයකු වැඩිදුරටත් පැවසීය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට පෙර ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් නොකළ යුතු බවට එක්සත් ජාතික පෙරමුණු නායකයින් අතර පවතින මතය ද ඊයේ (13) රාත්‍රී  පැවති හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කර තිබිණි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ තවත් සාකච්ඡා වටයක් ලබන සෙනසුරාදා (17) පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී  පැවැත්වෙන බවත් එම හමුවේදීවත් සන්ධානය පිහිටුවීමට අදාළව අවසන් තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බවත් එක්සත් ජාතික පෙරමුණු  පක්ෂ නායකයා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (28)

එජාපයේ නව සන්ධානය පිහිටුවීම කල් යන ලකුණු

රජින්ද Wednesday, 14 August 2019 08:34 AM

හුඟක් මිනිස්සු දැන්නම් දන්නවා මේ රටේ මීළඟ නායකයා කව්රුන්ද කියන වග...? මම හිතන්නේ මේ පක්‍ෂය ඇතුළු අනෙක් පක්‍ෂ හෝ සංවිධානවල අපේක්‍ෂකයින් දැම්මත් නොදැම්ම ගානයි. ඒ නිසා දැනට කරළියේ ඉහත්තාවේ වැජඹෙන අපේක්ෂකයාටම මෙදා පාර දිනන්න දීලා සජිත් 2030දී වගේ බැලුවොත් නරකද?

:       2470       2630

RasikaWednesday, 14 August 2019 09:04 AM

ඔය කියන පුද්ගලයා ජනාධිපති වුණොත් මේ රටේ ආයෙත් ඡන්දයක් බලාපොරොත්තු වෙන්න එපා. කෙළින්ම ජනාධිපති ගමනක් යන්නේ. ලංකාවේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නේ ඔය කියන පුද්ගලයා හදිසියේවත් ජනාධිපති වුණු දවස තමයි.

:       2560       2499

sisraWednesday, 14 August 2019 09:41 AM

එතකොට ජනාධිපති විය යුත්තේ බැංකු මංකොල්ල කන රට විකුණන උදවියද?

:       26       524

MannWednesday, 14 August 2019 10:44 AM

ඒක පදනමක් නැති හිතලුවක්. ඡන්දය කල්දාන්න අනේකවිධ උප්පරවැට්ටි කරමින් ඉඳලා අපේක්ෂකයා තේරීමත් දැන් ඇදඇද ඉන්න අය කාටත් පේනවා.

:       2       228

rasiWednesday, 14 August 2019 11:03 AM

අර ඔයාලා 2015 පත් කළා වගේ මෙලෝ රහක් නැති මෛත්‍රිපාල වගේ කෙනෙක්, එහෙම නැත්තම් මහදවල් බැංකුවලට තම විශ්වාසය ඇතිමකෙනා ගෙනැල්ලා ගේම දෙන රනිල් වගේ අගමැති කෙනෙක්, ඒ වගේම අගේට තියෙන රටක බෝම්බ පුපුරවන්න ඇරලා අන්තිමට පිපිරෙව්වේ කවද කියල දන්නේ නැති, හොයාගන්න බැරි නායකයෝ දෙන්නෙක්. 1994 ඉඳලා 2005 වෙනකන් හිටපු නායකයෝ අපිට තව පත්කර ගන්න කියන්නේ. දැන් හොඳටම ඇති, දෙයියන්ගේ පිහිටයි කට වහගෙන ඉන්න. දැන් ඉන්න අයත් අාවේ ව්‍යවස්ථාව වෙනස් කරලා යන්න නෙමෙයි. යන්න වෙලා තියෙන හින්දා කරගන්න දෙයක් නැතුව ඉන්නේ...

:       2       477

SidathWednesday, 14 August 2019 02:30 PM

මේ රටේ තවත් මේ වගේ මෝඩ අදහස් තියන මිනිස්සු ඉන්න එක පුදුමයක්.. ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ල කෑවේ මහ බැංකුව කොල්ලකාපු ඡන්ද භීතිකාවෙන් පෙලෙන එකා කියලා රටම දන්නවා. තවත් බලන්නේ ජනාධිපතිවරණයත් පුලුවන්නම් නොපවත්වා ඉන්න. එයාගේ හෙංචයියන් කියනවා අහවල් පුද්ගලයා ආවොත් ඡන්ද තියන්නෑලු.. මට ඉඳන් ඉන්න බෑ.. පස්ස පැත්ත නවත්තන් නැතුව හිනාවෙනවා..

:       1       178

මුණසිංහ Wednesday, 14 August 2019 09:01 AM

දැන් කියාවි... තවත් කට්ටිය එකතු වෙන්න ඉන්න නිසා කල්දැම්මා කියලා. ඉන්න ටිකත් අද, හෙට පනිනවා.. අනිත් පැත්තට..

:       159       609

ලසන්තWednesday, 14 August 2019 01:02 PM

ජනාධිපතිවරණය වැනි විශේෂ කාර්යයකදී පක්ෂයේත් අනෙක් හිතවතුන්ගේ පක්ෂවලත් අදහස් ගත යුතු අතර සැමගේ කැමැත්තෙන්ම කෙනෙකු තෝරා ගත යුතු වුවත් මෙහිදී එක් පුද්ගලයෙක් උගතුන් බුද්ධිමතුන් සිටියදී තමාම අපේක්ෂකයා ලෙස තෝරාගෙන නටන නාඩගම නිසා සංධානය පිහිටුවීම මේ වසරේ ජනාධිපතිවරණය දක්වාවත් පිහිටුවා ගැනීමට හැකිවේදැයි කියා සැකයක් ඇතිවෙනවා.

:       3       26

sirimal Wednesday, 14 August 2019 09:30 AM

අර බ්‍රේකින් නිවුස් වල වුවමනාවට වැඩකරන්න ගියොත් "සොරි ඩොට් කොම් " තමා ඉතින්. ඒ ගොල්ලන්ගේ මීළඟ රැස්වීම මාතරදී පවත්වන්නැයි සුදානම. මතක තියාගන්න ලංකාවේ මාධ්‍ය අතරින් දැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ වුවමනා, එපාකම් හේතුවෙන් සම්පුර්ණ ප්‍රචාරයන් ගෙනියන්නේ දැනටම තරඟ පිටියට බැහැලා ඉන්න අපේක්ෂකයාට කියලා...

:       0       93

sam Wednesday, 14 August 2019 09:38 AM

දැන් ෆීල්ඩ් මාෂල්තුමත් ඉල්ලන්න ඕනෑ කියන නිසා අලි වලිගේ වෙලාද? ගෝඨාභයට ඡන්දෙ නොදෙන සුළු ජාතිකයන් සරත් ෆොන්සේකාට ඡන්දෙ දේවිද? එතකොට කරු ජයසුරිය සහ රනිල් වික්‍රමසිංහ මහත්වරු ඉල්ලන්නේ කොහෙන්ද?

:       66       43

akila Wednesday, 14 August 2019 09:53 AM

අපි නම් රනිල් සර්ට...!

:       212       250

wimal Wednesday, 14 August 2019 09:55 AM

ආණ්ඩුව හදාගෙන රට කෑව අයට අායෙමත් ආණ්ඩුවක් ලැබෙන්නේ නැහැ. එයාලා කොහොමද එක තීරණයකට එන්නේ...? ටික දෙනෙක් සතුටු කරගෙන රට විනාශ කෙරුවා. එ්කනේ මේ අවුරුදු 4ක් කරේ. දැන් එකඑකා මරා ගන්නවා. මිනිස්සු හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. මේ ගමන හදන ආණ්ඩුවට පුළුවන් රටට හොඳ දෙයක් කරගන්න ශක්තිය ලැබේවි.. (එය පොහොට්ටුව විය හැක.) කොහොමත් දැන් රැවටෙන අය අඩුයි ලංකාවේ... සමහර ආණ්ඩුවලට ඕනෑ මිනිස්සු හැමදාම දුප්පත්කමෙන් තියාගන්න. මොකද ගම්වල නොතේරන අය දැනුම දියුණුවට අාවොත් මෙයාලට බොරු කියලා හෝ එමිටේෂන් දේවල් දීලා රවට්ටා ගන්න අමාරුයි. ලංකාවේ ඉන්න සමහර අඩු ජාතිය අයට රට ගැන කැක්කුමක් නැහැ එයාලා කැමති නැහැ. මේ රට ලෝකේ හොඳ තැනකට එනවට...

:       1       60

wana Wednesday, 14 August 2019 10:22 AM

අපි නම් නාගානන්ද කොඩිතුවක්කු මහත්තයාට... මේ දෙගොල්ලොම කලේ රට කෑව එක... නාගානන්ද චරිතය ගැන නෙමෙයි.. ඒ වැඩපිළිවෙල ගැන බුද්ධිමත්ව බලන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.

:       125       2

රජින්දWednesday, 14 August 2019 10:58 AM

ඔබතුමාගේ ඡන්දය ගැන කණගාටුයි. මේ රටේ පවතින ක්‍රමය වෙනස් කරන්න නම්, නීතිගරුක විනීත ඍජු නායකයෙක් අවශ්‍යයි ඔහුට හැකියි ඔහු වටා ඉන්න පිරිස සහ ඔහුගේ අනුගාමිකයින්ව විනයගරුක කරන්න. ඊට පස්සේ ඔය නාගානන්දලා කියන ව්‍යවස්ථාව විතරක් නෙවෙයි, සමස්ථ පාලන තන්ත්‍රයම වෙනස් වෙයි. නාගානන්දට ඒ ගමන යන්න තව බොහෝ දේ ඉගෙන ගතයුතු වෙනවා.

:       2       52

ranilWednesday, 14 August 2019 11:11 AM

අනේ තුවක්කු ගත්තු අයට නම් අපි බයයි.

:       2       8

උදාරWednesday, 14 August 2019 03:21 PM

නාගානන්ද මහතා බ්‍රිතානයේ පුරවැසියෙක් නේද? කොහොමද මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ...

:       2       98

San80Thursday, 15 August 2019 07:28 AM

ඇමරිකන් පුරවැසියෙක් ජනාධිපතිවරනෙට ඉල්ලන්නේ කොහොමද කියල කාටවත් මතක් වෙන්නේ නැත්තේ ඇයි ?

:       0       0

SidathWednesday, 14 August 2019 11:37 PM

තුවක්කු මහත්තයා කියනවා ජනාධිපතිවරනේ දිනුවම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. හිතාගන්න පුළුවවන්නේ එතුමාගෙ ගැන.

:       0       0

We want Sajith Wednesday, 14 August 2019 11:48 AM

සජිත් සජිත්...

:       60       32

ranilWednesday, 14 August 2019 12:20 PM

සජිත් නෙවෙයි අනේ.., බලන්න මේ සින්දුව කොහොමද කියලා.. ජඃ ජලනි ජලනි ජලනි!! ගැලපෙන තේමා ගීතය නේද අනේ?

:       5       63

siri Wednesday, 14 August 2019 08:41 PM

"නොකෙරෙන දීගෙට කෝදුරු තෙල් හත් පට්ටයක් තිබුනත් මදි"

:       0       1

sarath Thursday, 15 August 2019 12:40 AM

ලංකාවේ ඉන්න එකම ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපති නායකයා රනිල්

:       0       2

chandima Thursday, 15 August 2019 02:10 AM

පොඩ්ඩක් ඉන්නකෝ, බැරිවෙලාවත් පළාත් සභා මැතිවරණෙ ඉස්සරවෙලා තිබ්බොත්, සජිත් ලොක්ක වෙලා බැහැනේ?

:       1       0

Sugath Premalal Thursday, 15 August 2019 04:31 AM

එක්සත් ජාතික පක්ෂය දැන් හරියටම සිරියාව වගේ ....කවදාවත් නැගිටිල්ලක් නැහැ...ජනාධිපතිවරණයෙන් පස්සේ ඔය කියන සන්ධානය හදා ගන්න 30% වත් චන්ද ලැබෙන්නේ නැහැ.වගකීමෙන් කියන්නේ.

:       0       0

de silva Thursday, 15 August 2019 04:43 AM

ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න . ඊට පස්සේ පුළුවන් කැමති කෙනෙකුට ඔහු සමග සන්ධාන ගතවෙන්න

:       0       0

Ramendra Thursday, 15 August 2019 05:13 AM

රටේ හරි විදිහට හිතන පසුගිය වසර 70 පුර මෙම සියලුදෙනා කරපු දේවල් බලල ජනතාව තීරණය කරවී කාවද දිනවන්න ඕනේ කියලා , නැතිනම් රටේ ජනතාව ඡන්දය නොදී ඉන්න එක හොඳයි කාටවත්ම.

:       0       0

Chanak los angeles Thursday, 15 August 2019 05:53 AM

ප්‍රශ්නයක් නැහැ කල් අරගෙන හරි දූෂණ, වංචා, භීෂණ පවුල්වලට සම්බන්ධයක් නැති පුද්ගලයෙක් නම් කරන්න. එහෙම නැතිව කොටින්ට ආයුධ දීලා ඒ ආයුධ වලින්ම රජයේ හමුදා කඳවුරු නිලධාරීන් විනාශ කිරීමට මග සලසා දීපු නායකයෙකුගේ ලේ තිබෙන ගෑවෙන ඒ ගියමග යනවා කියන කෙනෙකුව පත්කළොත් නම් වහකෑවා තමයි.

:       0       0

kamil Thursday, 15 August 2019 10:05 AM

ඉක්මණට සංධාන ගතවෙලා සජිත් අපේක්ෂකයා ලෙස නම් කරන්න..

:       3       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 281 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2671 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 579 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1204 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 157 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 99 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site