IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල්

 

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම නිර්දේශ කිරීමට පක්ෂ කළමනාකරණ කමිටුව අද (23) තීරණය කළේය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාරගන්නා ලෙස පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අත්සන් සහිතව ලිපියක් ද බාරදෙනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කළමනාකරණ කමිටුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරවරුවේ  රැස්විය. එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග යන මහත්වරුන් විසින් ජාතික මන්ත්‍රී ලැයිස්තු ධුරය සඳහා මෙයට පෙර යෝජනා කර තිබූ  රනිල් වික්‍රමසිංහ මහතාගේ නම  කළමනාකරණ කමිටු රැස්වීමේදී දීර්ඝව සාකච්ඡාවට ගැණිනි.

රැස්වීමට පැමිණි සියල්ලන්ම එම අදහසට විරුද්ධ නොවූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නැයි ඉල්ලා සියලු දෙනාගේ අත්සන් සහිත ලිපියක්  රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට ද එම කමිටු සාමා‍ජිකවරු කටයුතු කළහ.
මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ



අදහස් (54)

එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රනිල්

pradeepa Monday, 23 November 2020 02:28 PM

එජාපය බිමට හාන්සි කරපු කෙනාම පාර්ලිමේන්තු එවනවා. විලිලැජ්ජාවේ බැහැ.

:       5       6

NMTuesday, 24 November 2020 11:14 AM

රනිල්ට බැහැ කියලා මතයක් හදලා රටේ ජනගත කළාට මුළු රටටම GSP ලබාදීම, යුරෝපීය මතය තහනම ඉවත් කර ගැනීම, ඇමෙරිකාවේ ඇඟලුම් තහනම ඉවත් කරගැනීම නිසාම ලංකාවේ ලක්ෂ ගණනකට අහිමිවෙමින් තිබූ රැකියාවන් සුරක්ෂිත කිරීමට මෙතුමාට 2015 වල හැකිවීමම මෙතුමාගේ හැකියාවන් පෙන්නුම් කරන මහ පරිමාණ නිහඬ වැඩ ඔය රනිල්ට බැහැ කියන කණ්ඩායම කුහක කමට කියන දේවල් මෙන්ම මහින්ද ජිනීවා විදුලි පුටුවෙන් බේරා ගැනීමත් කලේ කවුද කියලා රටම දන්නවා...

:       3       9

Pathum Monday, 23 November 2020 02:41 PM

මෙයාට ලැජ්ජාව ගෑවිලාවත් නැහැ.

:       59       81

Hafeel Monday, 23 November 2020 04:29 PM

එයාගේ ශබ්ධකොශයේ එහෙම වචනයක් නැහැ.

:       0       0

Raveendra Monday, 23 November 2020 03:06 PM

දශක දෙක තුනක්ම පිනටම ගිල ගිල සියලු සැපසම්පත් විදිමින් හිටපු මම කොහොමද එකපාරටම රොටියක් පුච්චගෙන ලුණුමිරිස් ටිකක් එක්ක පැල් කොටේට කොටා බාන්නේ අප්පා.... මේ මිනිස්සුන්ට එක නොතේරෙන හැටි....අනික මගේ පිඟානයි, කෝප්පෙයි දියවන්නාව පට්ටියෙන් යනකොට අරගෙන යන්නත් බැරිවුණා..

:       18       56

chandima Monday, 23 November 2020 03:08 PM

යාලු ප්‍රජාව කිව්වද... ආයෙත් උත්සාහ කරන්න උදව් කරන්න කියලා. අනේ මන්දා අපේ ටොමියත් ඔයවගේ වැසිකිළියට වහවැටිලා.

:       13       46

abesiri Monday, 23 November 2020 03:15 PM

අපි හිතුවේ මෙයා නැහැයි කියලා... අපි මෙයා වෙනුවෙන් දන්සැලකුත් දුන්නනේ..

:       24       45

සේනක Monday, 23 November 2020 06:12 PM

දන්සල් නෙමෙයි, නිවන ප්‍රාර්ථනා කරලා දානයක් දුන්නා කියන්න....

:       3       4

ChathuraMonday, 23 November 2020 11:25 PM

හුස්ම යනකල් නොඉඳ පණ අදිද්දී පාංශුකූලය දුන්නාම ඔහොම තමයි වෙන්නේ කාටත්...

:       4       1

VINIVIDA Monday, 23 November 2020 03:24 PM

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා බරගතයුතු සැමදෙනාගේම මතය වේ. නමුත් පක්ෂයේ අනාගතය සහ රට තුළ තිබෙන්නා වූ සියලු කරුණු කාරණා පමණක් නොව 2/3 රජයේ ව්‍යාකූලත්වය හොඳින් විශ්ලේෂණය කළහොත් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිස්ව තිබීම වඩා සුදුසු වේ. නීත්‍යානුකූලව අසුන පිරවිය යුතුනම් එසේ කළයුතුවේ. එසේ නොමැති නම් අවශ්‍ය නොමැත. රනිල් වික්‍රමසිංහ යනු YES සහ NO යන වචන දෙකෙහි නිවැරදි තේරුම අනුව ප්‍රතිපත්තියක් මත සිට දේශපාලනය කරන නායකයෙකි. යථාර්තය පෙන්වාදීමට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු හෝ රනිල් වාදියකු වීමට අවශ්‍ය නැත..

:       2       4

chandima Monday, 23 November 2020 03:30 PM

නැති දාට නම් පාර්ලිමේන්තුවේ දින 7ක් පිරිත් කියන්න වෙනවා.

:       4       2

Nandalal DE SILVA - France Monday, 23 November 2020 04:15 PM

කවුරු කොහොම මොනවත් කිව්වත්, රනිල් මැතිතුමා මැති සබයේ සිටිය යුතුම චරිතයක්... හැම තැනක වගේම... දේශපාලන ජීවිතයේත් ජය පැරදුම් ඇතිවීම ස්වභාවික දෙයක් බව සමහරුන්ට අමතක වීම විමතියට කරුණක්... පාර්ලිමේන්තුවේ අසුනක් එතුමාට පිදුවත්, යළිත් එජාපය නැවත ගොඩනැංවීමේ බහුතර කටයුත්ත පක්ෂයේ තරුණ මන්ත්‍රීන්ට භාරදී එතුමා එහි කෘතහස්ත අනුශාසකයෙක් හැටියට කටයුතු කරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි. රනිල් මැතිතුමාටත්, පක්ෂයටත් ජයවේවා... !!!

:       2       5

නිර්පාක්ෂික Monday, 23 November 2020 05:08 PM

පාර්ලිමේන්තුවේ ඉන්න අනිකුත් දුෂිත දේශපාලුවෝ සෙට් එක දිහා බැලුවාම රනිල් වගේ කෙනෙක් ගන්න එකේ ඇති වැරැද්දක් නැහැ. පවුල් පාලනේ අයට වඩා රනිල්ට පිලිගැනීමක් තියෙනවා.

:       2       6

මෝ Monday, 23 November 2020 06:17 PM

රටක් පාලනය කරපු පක්ෂයක් එකට බස්සලා රෙද්දක් ඇඳගෙන කවුන්සලේට යන්න ඇහැකැයි ආයිබොවං?

:       3       3

Rata Perata Monday, 23 November 2020 08:20 PM

ඩී. එස් සේනානායක හිටියා නම් මේ මනුස්සයා එලවලා ගොඩක් කල්.

:       3       4

Danushka Monday, 23 November 2020 10:12 PM

පාලිතට ඇමැතිකමක් දෙන්න.

:       1       1

Gayan Monday, 23 November 2020 10:39 PM

ඉතා විශිෂ්ඨ තීරණයක්. ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික සහ දේශපාලනික දිශානතිය නිර්ණය කිරීම සඳහා ඉදිරි දශකයක කාලය තුළ ගරු රනිල් වික්‍රමසිංහ ශ්‍රීමතාණන්ගේ මාර්ගෝපදේශක නායකත්වය ඉතා ගෞරව බහුමානයෙන් යුතුව අපේක්ෂා කොට සිටින්නෙමු. චිරං ජයතු, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි.

:       5       6

Chandima Monday, 23 November 2020 10:41 PM

කට්ටඩියට කට කැඩෙනකල් කිව්වා කුප්පිය ඈත මුහුදටම දාපන් කියලා. කුප්පිය වෙන වලකට වැටිලද කොහෙද? කුප්පියෙන් පැනගෙන වගේ.

:       2       2

සෑම් Monday, 23 November 2020 11:30 PM

ඔන්න ඕක තමයි ලංකාවේ දේශපාලනය සහ රට නන්නත්තාර වන හේතුව....

:       1       3

ranjith Monday, 23 November 2020 11:31 PM

ජාතියටවත්, ආගමටවත් ලෙන්ගතුකමක් නැති, මේ රට, ජාතිය නිවට තත්වයට පත්කරමින් තමන්ගේ පක්ෂය බින්දුවටම පහත හෙළලා තවත් ලැජ්ජාවක් නැහැ. කූඩැල්ලා වගේ එල්ලිලා ඉන්නවා මෙයා පාර්ලිමේන්තු යවන එක පක්ෂයේ ඉතුරු ටිකක් විනාශ වෙන්න හොඳ වැඩක්...

:       4       1

සමන්ත Monday, 23 November 2020 11:37 PM

සමහර දේවල් පුද්ගලිකව අපි කැමති වුවත්, අකමැති වුවත් පොදු යහපත උදෙසා සහ ඒ ගැන සිතා කල යුතුමයි. එක්සත් ජාතික පක්ෂය නමැති ඉතිහාසගත අතීතයක් ඇති පක්ෂයක් එසේමෙසේ නිකම් විනාශ මුඛයට යන්නේ නැත. එයට මුල් ඇත, කඳක් ඇත, අතු පතර විහිදී ගිය කොළ අතු ඉති මිනිසුන්ට සෙවන දෙමින් තව දුරටත් පවතිනු ඇත. රනිල් නොව ඕනෑම කෙනෙකු තමන්ගේ කාලය ඉකුත්වූ පසු යා යුතුයි. එය රනිල්ට පමණක් නොව මහින්දටද පොදුයි. මහින්ද අතීතයේ යුද්ධය අත නොහැර රට ජයග්‍රහණය කරා ගෙන ගියේය. රනිල් යනු ආර්ථික යුද්ධය ජයගත හැකි අත්දැකීම් සහිත නායකයාය. ඔහු එකම මන්ත්‍රී ධුරයට නම් කළා හෝ නොකලා වුවද එදා පාර්ලිමේන්තුවෙන් එලවා දැම්මේ මාධ්‍ය සමග ජාතිවාදී නඩය මිස ජනතාව නොවේ. ඔහු පාර්ලිමේන්තුවේ නොසිටීමෙන් පාඩු වූයේ එක්සත් ජාතික පක්ෂයට නොවේ. ජනතාවටය. ආණ්ඩුවටය. ණය බරෙන් කරවටක් ගිලී සිටින ජාතියක් එයින් මුදවා ගත හැක්කේ බොක්කේ දඩමස් තබාගෙන හක්කෙන් බුදුරැස් විහිදෙන හොරුන්ට නොව... දැක්මක් ඇති නායකයෙකුටයි. එනම් දැනට රනිල්මයි.

:       1       16

Bandara Tuesday, 24 November 2020 12:03 AM

බොරුව සිය වතාවක් කිව්වම ඇත්තක් වෙනවා කියන කාරණය දැන් හොඳටම ඔප්පු වෙනවා. ගොබෙල්ස් නියමය ලංකාවේ යහපත් දේශපාලන සංස්කෘතිය විනාශයට මූලිකම හේතුවයි. දේශපාලුවන් හා මාධ්‍ය මෙය තම අරමුණු වෙනුවෙන් මෙය හොඳින්ම භාවිතා කරනවා. මෙතුමා පිළිබඳව කොතරම් මඩ ගැසුවද, එතුමාගේ ඇති දැනුම සහ වැදගත් පවුල් පසුබිම නිසා එවා නිහතමානීව අලුයම ලූ කෙල පිඩක් සේ ඉවත දැමිමට සමත් වුණා. දැන් මෙතුමාගේ අවශ්‍යතාව සමාජය විසින්ම හඳුනාගෙන තියනවා. හිස් මිනිසුන් දේශපාලනයට වැඩි වැඩියෙන් එන විට, මෙතුමා වැනි විශිෂ්ඨයින්ගේ අඩුව තදින්ම දැනෙනවා.

:       1       10

Bandara Tuesday, 24 November 2020 12:07 AM

දැන් රටට මෙයා විතරයි අඩු. දැන් ගොඩක් උදව් කරන්නත් කට්ටිය ඉන්නවනේ. මම කියන්නේ ලංකාවේ විතරක් නොවේ. බටහිරත් ඉන්නවනේ...

:       2       3

C.K.Lankaputhra Tuesday, 24 November 2020 01:02 AM

නිවැරදි තීරණයක්. ඔහු ලඟ යම්යම් දුර්වලකම් තිබුණත් ඔහු තක්කඩියෙක් හෝ හොරෙක් නොවේ. දැන හෝ නොදැන රනිල් අතින් වරදක් වී ඇති බව සැබෑය. නමුත් ඔහු හොරෙක් බව පෙන්වීමට කවුරුන් හෝ කොතෙක් උත්සාහ කළත් අද වනතුරුත් කිසිවෙකුටත් එය කළ නොහැකි වී ද නැත. රනිල් වික්‍රමසිංහ යනු මුලු ලෝකයම පිළිගත් නායකයෙකි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රනිල් පාර්ලිමේන්තුවේ අද වාඩිවිය යුතු නායකයෙකි. තවමත් රට වෙනුවෙන් කල හැකි දේ බොහෝය. අද වැනි කාල වකවානුවකදී රනිල් වික්‍රමසිංහ යන සලකුණ පාර්ලිමේන්තුවට අත්‍යාවශ්‍යය.

:       4       11

Anura Tuesday, 24 November 2020 01:19 AM

මේක අපිට නම් ප්‍රවෘත්තියක් නොවේ. මොකද ඡන්දෙ දාට පසුදින ඉඳලා අපි දන්නවා. ඔය මන්ත්‍රීකමට එන්නේ... මෙයා කියලා...

:       4       7

mp Tuesday, 24 November 2020 02:30 AM

ලැජ්ජා භය කොහේද? තුට්ටුවක වැඩක් නැති හාල්පාරුවෙක්...

:       19       10

Perera Tuesday, 24 November 2020 03:45 AM

මෙයා පාර්ලිමේන්තු යන්නේ කාව නියෝජනය කරන්නද?

:       25       12

ලුම්බිණි Tuesday, 24 November 2020 04:21 AM

මෙය බාර ගන්නවා කියන්නේ ඉතාම ලජ්ජා විය යුතු දෙයක්. මුළු රටේම ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙද්දී යූ.එන්.පී එකත් නැත්තටම නැති කරපු කෙනෙක් යෝජනා කරන එකත් ලැජ්ජා විය යුතු දෙයක්...

:       26       12

kamal Tuesday, 24 November 2020 04:23 AM

දැන් ඉතින් රට දියුණු කරන්නට තිබුණු එකම අඩුපාඩුවත් හරි...

:       6       12

Raveendra Tuesday, 24 November 2020 04:25 AM

පිං මාමා ලෙස නම් පටබැදුනේ කාටද.. පරාදයේ ලෝක වාර්තා තැබුවේ කව්රුන්ද... හමුදාවන් පාවාදුන්නේ "කවුද"... වෙන කව්රුත් නොව මේ මම ඇම්ඩන්නේ......

:       14       15

Asanga Tuesday, 24 November 2020 04:56 AM

ජනතාව ප්‍රතික්ෂේප කළ අය පාර්ලිමේන්තු නොයැවිය යුතු ක්‍රමයක් නැද්ද? මොකද මේක අපේ ඡන්ද අයිතියටත් කරන නිගාවක්.. කොච්චරවත් ලැජ්ජාවක් නැති හැටි... අපේ රට තව අවුරුදු 50ක් ගියත්... මේ රටාව වෙනස් නොවෙයි වගේ. මොකද 2/3 බලය දීලත් මොවුන් කරන්නේ එකම දේනේ...

:       5       11

vidya Tuesday, 24 November 2020 06:03 AM

මගේ අදහසට බොහෝ අය අකමැති වෙයි. මෙතුමා හවුල් ආණ්ඩුවක් කරන්නට ගොස් අමාරුවේ වැටුණට... මෙවැනි උගතුන් කී දෙනෙක්ද පාර්ලිමේන්තුවේ ඉන්නේ? ජනාධිපතිතුමා මෙතුමාව හවුල් කරගෙන යම්කිසි හොඳ වැඩ පිළිවෙළක් කරනවා නම් ඉතාම අගෙයි. මෙතුමා බුද්ධිමතෙක්. ගුණගරුක මහත්මයෙක්. බොරු වාමාංශිකයා එක්ක පාඨලීට පැරදිලාම ගියේ. මොනවා නැතත් නීතියේ ආධිපත්‍යය රැකිය යුතුයි.

:       8       16

kamalTuesday, 24 November 2020 07:43 AM

දශක ගණනාවක් මහජන මුදලින් යැපෙමින්, පිටරට සවාරි ගැසූ මෙතුමා කළ දේවල් 5ක් නම් කරන්න.

:       9       6

සමන්ත Tuesday, 24 November 2020 07:33 PM

ඔබ එක්කෝ නොදැන හෝ අඥාණ භාවය නිසා දොඩවනවා විය යුතුයි. එසේ නොමැතිනම් දේශපාලන කුහකකම ඉහවහා ගොස් තිබීම නිසා අන්ධව කියවනවා විය යුතුයි. තමන් නොදන්නා දේවල් නොදන්නා බව පැවසිමම ඥාණවන්ත කමකි. ඔබ කිව්වේ පහක් නිසා මෙසේ අසාගන්න. 1. නිදහස් වෙළඳ කලාප 2. ජාතික තරුණ සේවා සභාව 3. අධ්‍යාපන විද්‍යාපීඨ ඇති කිරීම 4. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 5. 2002 ප්‍රථම වරට A 9 මාර්ගය විවෘත කොට හමුදා ප්‍රතිසංස්කරණය කොට නැගෙනහිර නිදහස් කරගනිමින් යුද්ධය ජයගැනීමට කටයුතු කිරීම... රනිල් මොනවද රටට කලේ?

:       0       0

AnaTuesday, 24 November 2020 08:16 PM

ඇයි මම බැංකුව ශුද්ධ කළා...

:       0       0

Nandalal DE SILVA - FranceWednesday, 25 November 2020 04:08 PM

රනිල් මැතිතුමාට 4 පැත්තෙන් මඩගහන අය ඒ මොකද කියාවත් දන්නේ නැහැ වගේ. ඒ අය කුලියට මඩගහන පවුලට අයත් ගොට්ටෝ රැළක් කියා මගේ සීයා කියනවා. රනිල්, පොලොන්නරුවේ ගොයියාත් එක්ක රට පාලනය කළ කාලය තුළ පමණක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේද? රනිල් රට ගියේ රටට සේවයක් කිරීම සඳහා සාකච්ඡා කිරීමට මිසක් රටවල් බලන්න නොවේ.

:       0       0

Kooralage Tuesday, 24 November 2020 06:20 AM

ලෝකයේ හිනස්සන දේවල් නොකර ... එජාපය සජිත්ට දීලා ගෙදරට වෙලා පින් අතේ වැඩක් කරගෙන ඉන්න. සජිත් එජාපය හොඳට පණගහලා ගනීවි.

:       9       11

Damith Tuesday, 24 November 2020 07:22 AM

මෙයාට කියන්න ඇත්තේ මහින්ද...

:       1       7

banda Tuesday, 24 November 2020 08:52 AM

මෙයා එන්නේ මහින්දගේ දෑත ශක්තිමත් කරන්න.

:       1       3

Liyanage Tuesday, 24 November 2020 10:16 AM

හොඳම දේ තමයි සජිත්ට එජාපය දෙන එක..

:       2       3

Appuhami Tuesday, 24 November 2020 02:28 PM

පක්ෂය බිංදුවටම දාලා, ලැබුණු පිං මන්ත්‍රී ධුරයත් අරගෙන... දැන් ඉතින් හිතන්නකෝ පින්පියා වගේ...

:       1       2

akila Tuesday, 24 November 2020 04:51 PM

මිනිස්සු වස්තරයත් නැතිව ගෙදර යැව්වට පස්සේ පින් ටිකට් එකෙන් පාර්ලිමේන්තු ඇවිත් දැන් පටන්ගනීවි රට හදන හැටි.. විදේශ ප්‍රතිපත්ති හදන හැටි.. ආණ්ඩුවට කියලා දෙන්න. මාලු කඩේට කොරෝනා එවලා හරි නොගිය දේ කරගන්න නූල අදින අදින ගානේ නටන්න කෙනෙක් පාර්ලිමේන්තුවට එවන්න යනවා වගේ. අපේ රටට තවත් අවුරුදු ගණනාවකට දෙවියන්ගේම පිහිටයි.

:       0       0

දුටුගැමුණු Wednesday, 25 November 2020 12:54 AM

හුරේ ... අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා... !!!

:       0       0

dayan Wednesday, 25 November 2020 09:36 AM

ඒක රටටත් පක්ෂයටත් ජාත්‍යන්තරවත් දේශපාලන වටපිටවාටත් ඉතා හොඳ තීන්දුවක්.

:       0       0

iraan Wednesday, 25 November 2020 10:16 AM

ලියනගේ, සජිත්ට දෙනවට වඩා හොඳයි හම්බන්තොට කුඹුරක ඉන්න පඹයෙක්ට දුන්නානම්.

:       0       0

thisara Wednesday, 25 November 2020 10:17 AM

මේ වෙලාවේ ඉතා හොඳ තීන්දුවක්.

:       0       0

daya Wednesday, 25 November 2020 10:19 AM

සුපිරි තීන්දුවක්.

:       0       0

isara Wednesday, 25 November 2020 06:30 PM

අපි කැට තියලා මේ කියන්නේ තව ටික දිනකින් මේ ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ ඇමැති... රනිල් වික්‍රමසිංහ බව මම යෝජනා කරනවා.

:       0       0

jinasiri Wednesday, 25 November 2020 06:32 PM

මේ රට වැටී ඇති තත්වය මත ලෝකයම පිළිගත් එකම දේශපාලනඥයා තමයි රනිල්... එමනිසා රනිල්ට විදේශ ඇමැතිකම දුන්නොත් රට ගොඩගන්න පුළුවන්.

:       0       0

dayan Wednesday, 25 November 2020 06:36 PM

විදෙස් ආධාර, ආයෝජන, දශම ගණන් වලට මුදල්, රටට පොම්ප කරගන්න නම් රනිල්ව විදේශ ඇමැති කළ යුතුමයි. මහින්ද අගමැතිතුමා හා ගෝඨාභය ජනාධිපතිතුමන්ලා මේ මොහොතේ ඒ බුද්ධිමත් තීරණය ගනීවි කියා අපි සිතමු.

:       0       0

tharindi Wednesday, 25 November 2020 07:13 PM

ගරු ජනාධිපතිතුමනි, රට ගොඩගන්න නම් රනිල්ට විදේශ ඇමැතිකම බාරදෙන්න මේ වෙලාවේ රට ගැන හිතන්න.

:       0       1

kamani Wednesday, 25 November 2020 07:34 PM

සර් රට ගොඩගන්න රනිල්ව විදේශ ඇමැති කරන්න.. ඒක සජිත්ටත් හොඳ ටොක්කක්...

:       0       0

kumaari Wednesday, 25 November 2020 07:36 PM

ලෝකෙම පිළිගත් රනිල්ට විදේශ ඇමැතිකම දීලා රට ගොඩගන්න.

:       0       0

isuruni Wednesday, 25 November 2020 07:58 PM

මේ පත්වීම මහින්දගේ පත්වීමක් බව නිසැකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1720 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 854 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 699 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 341 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 598 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 541 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site