IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එජාපයෙන් රාජපක්ෂ විරෝධී පුළුල් සන්ධානයක්

(නිමල කොඩිතුවක්කු)

රාජපක්ෂ විරුද්ධ බලවේග සියල්ලක්ම එකතු කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණය වෙනුවෙන්  2015 ට වඩා පුළුල් සන්ධානයක් ලබන 5 වැනිදා ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා  මහතා පැවැසීය.

2015 මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුණු බොහෝ පිරිසක් මෙම පුළුල් සන්ධානය වටා එක්රැස් වී ඇතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ   අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා  මහතා මෙසේද කීය.

‘‘මෙයට වසර පහකට පමණ පෙර රාජපක්ෂවරුන් රටේ  විශාල පාලන බලයක් හෙබවූවා. මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති ලෙස කටයුතු කළා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බලයක් ඔවුන්ට තිබුනා.  පළාත් සභා බලය, පළාත් පාලන ආයතනවල  බලය ආදී අති දැවැන්ත බලයක් සහිතව ඔවුන් මේ රට පාලනය කළා.

ඒ කාලයේ ආණ්ඩුව පෙරලනවා කියලා එක්සත් ජාතික පක්ෂ නායකයින් කිව්වහම ගොඩක් අය හිනා වුණා. ගොඩක් අය හිතුවේ මහින්ද රාජපක්ෂ තුන්වන  වතාවටත් ජනාධිපති කරලා බැසිල්  රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ජනාධිපති කරවන්න ඔවුන් සැලසුම් කරලා තිබුණා.

මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සිවිල් සංවිධාන, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පුළුල් දේශපාලන පක්ෂ ගණනාවක් එක්ව පුළුල් සන්ධානයකින් කවදාවත්  හිතපු නැති විදියට රාජපක්ෂ බලය මේ රටින් අතුගා දාන්න අපිට හැකියාව ලැබුණා.

දැන් මේ අවුරුද්ද අවසානයේ දී යළිත් ජනාධිපතිවරණයක් එනවා. මේ අවුරුද්ද  අවසානයේ එන ජනාධිපතිවරණයත් එක්ක අපි මේ රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළ තවත් අවුරුදු 5 කින්  ඉදිරියට ගෙනයනවා. ඒ සඳහා 2015 ඇතිකරගත් පුළුල් සන්ධානයට වඩා පුළුල් සන්ධානයක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සන්ධානය ලබන 5 දා ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

රාජපක්ෂ විරුද්ධ සියලූ බලවේග එකතු කරගෙන ඊළඟ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන ඒ පුළුල් සන්ධානය අපි ගොඩනගනවා. 2015 දී අපිට සහයෝගය ලබා නොදුන් බලවේගත් අපිත් එක්ක එකතු වෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා. අපිත් එක්ක එකතුවෙන්න ඉන්න බලවේග දිහා බලපුවහම තමුන්නාන්සේලා පුදුම වෙයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී   පොහොට්ටුවේ අපේක්ෂකයෙක් මේ රටේ ජනාධිපති වෙනවා කියලා කවුරු හරි හිතනවානම් ඒක සිහිනයක් පමණයි කියලා අපි කියනවා’’ යැයි ද මන්ත‍්‍රීවරයා එහිදී පැවසීය.



අදහස් (9)

එජාපයෙන් රාජපක්ෂ විරෝධී පුළුල් සන්ධානයක්

සේන Monday, 22 July 2019 09:44 AM

මෙතනයි වැරදි තැන. රටේ ජාතියේ උන්නතිය උදෙසා බලය ගන්නවා වෙනුවට පෞද්ගලිකව කෙනෙකු හට විරුද්ධව නැවතත් රටම රවටන්නයි සූදානම. අන්තවාදීන්, ත්‍රස්තවාදීන්, නිවටයින්, කපටින්, හොරුන් එකට එක්වී ජනයා මුලා කීරීම තමයි.

:       99       585

rama Monday, 22 July 2019 09:46 AM

අපිත් බලාගෙන ඉන්නේ ඔයාලට බලය දීලා තව පහක් නොකා නොබී දුක්විඳින්න..., එන්නකෝ 2020දී අපි බලමු.

:       183       582

athuraMonday, 22 July 2019 12:01 PM

ඇයි රජ පාලනේ තියනකොට ගහපු ඒවා දැන් හිඳිලම ගිහින්ද මහත්මයා...

:       0       9

rama Monday, 22 July 2019 10:07 AM

ඉස්සෙල්ලා ඡන්දෙ තියන්නකෝ, අපි බලාගෙන ඉන්නේ හොදට සලකන්න.

:       47       528

thushara Monday, 22 July 2019 10:10 AM

ඔයාලට ඕනේ බලය රැකගෙන සුඛ විහිරණ ලබන්න රට ජාතියට ආගම විනාශයට ගියාට කමක් නැහැ. ඔයාල එකතු කරගන්න හදන්නේ සුළු ජාතික ඡන්ද ටිකනේ. කොහොමත් ඔයාල එක්ක එයාල දීග කන්න කැමති ඉල්ලන ඉල්ලන දේ දෙනවනේ..අවුරු 30 යුද්දේ කරේ ඕකට තමා පින්වතුනි...

:       4       631

Bandara Monday, 22 July 2019 10:14 AM

සූත්තර පුංචාව එළවාගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. එච්චරටම කපටියි.

:       2       121

sirimal Monday, 22 July 2019 11:28 AM

ඔතෙන්ට අර කළුතර පැත්තේ කටට බ්රේක් නැති බලවතාත් එක්වෙනවා කියන්නේ ඇත්තක්ද?

:       1       94

Demuni de silva Monday, 22 July 2019 11:48 AM

මිනිසුන් එක්රැස්වී සිටින්නේ නාගා සමගයි. එ්ක තමයි අලුත් නැඹුරුතාවය..

:       2       43

Bandula. Monday, 22 July 2019 11:49 AM

ඔය මොන වෙට්ටු දැම්මත් ඔය 225න් වැඩි හරියක් මෙදා පාර ගෙදර තමයි. නිකන් හීන දකින්න එපා...

:       38       114

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 8 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1362 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 283 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1389 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1375 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1552 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site