IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එජාපය ආපසු හැරෙයි

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද පාර්ලිමේන්තු රැස්වීම  වර්ජනය   කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.

අගමැතිවරයා විසින් කැඳවන ලද මෙම රැස්වීම සඳහා පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාට අමතරව ඊට පෙර විශ්‍රාමික සියලු මන්ත්‍රීවරුන්ටත්, දේශපාලන ක්‍රියාකාරීන්ටත් අරාධනා කර තිබෙන බව කී මහලේකම් වරයා මෙවැනි රැස්වීමකදී අර්ථවත් සංවාදයක් පැවැත්වීය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ මතය යැයිද සඳහන් කළේය.  අර්ථවත් සංවාදයක් පවත්වනවා වෙනුවට රාජපක්ෂ තන්ත්‍රය අවධානය යොමු කර ඇත්තේ නායකත්වයට ජාතික සමගිය අවශ්‍ය මොහොතක පක්ෂ දේශපාලනය කිරීම බවද පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුව නිල වශයෙන් යලි රැස්වීමට විකල්පයක් ලෙස අදාළ රැස්වීම පිළිගත්තේ නැතත් කොවිඩ් - 19 අර්බුදය හමුවේ දේශපාලනය පසෙකට දැමිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බැවින් යළිත් වරක් ඒ බව ප්‍රකාශ කිරීම සඳහා එම රැස්වීමට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබුනද ඉහත සඳහන් හේතු මත එම තීරණය වෙනස් කරගත් බවද පක්ෂ  මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

කෙසේ වෙතත් කොවිඩ් - 19 උවදුර හමුවේ රට අස්ථාවර වී ඇති අවස්ථාවක රජය ගන්නා  උත්සාහයන්ට සහාය වීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් නමුත් එය ඵලදායි ලෙස සිදු කිරීම සඳහා ගනු ලබන සියලු ක්‍රියා මාර්ග රටේ ව්‍යවස්ථාවට අනුකුල වන බවට රජය සහතික වියයුතුයැයිද පක්ෂ  මහලේකම්වරයා ප්‍රකාශ කළේය.



අදහස් (36)

එජාපය ආපසු හැරෙයි

සමන්ත Sunday, 03 May 2020 03:02 PM

එම තීරණය නිවැරදිය. කොරෝනා අස්සේ දේශපාලනය කිරීම හෙළා දකිමු. එහෙත් කොරෝනා අවසන් වීමත් සමගම යළිත් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස උදෙසා වන ජන බලය ගොඩ නගමු. විධායකයේ අත්තනෝමතික ඒකාධිපති පාලනය පරාජය කරමු. අරලියගහ මන්දිරයේ ජෝගි නැටිල්ලෙන් ජනතාවට වන සෙතක් නැත. බොරු කාරයන්ට ඉඩ නොදෙමු.

:       743       665

RaveendraMonday, 04 May 2020 07:17 AM

මෙම 225ට ගහන්න ඕනේ මඩු වල්ගෙන්...

:       0       0

විනිවිද Monday, 04 May 2020 08:09 PM

අගමැති නිලනිවසේ පැවති රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත පැමිණි පොහොට්ටුවේ කිහිපදෙනෙක් එක හඩින් කියා සිටියේ T.N.A. සංවිදානය රට නොබෙදෙන, ෆෙඩරල් නොඉල්ලන, දෙමල DIASPORA වේ අතකොළුවක් නොවන, N.G.O. කාරයන්ගේ අවශ්‍යතා ඉටු නොකරන, බටහිර රටවල ඒජන්තවරයකු නොව ඔවුන් සැබෑ දෙසප්‍රෙමින් බවය. එමනිසා පොහොට්ටුවේ මන්ත‍්‍රීවරු කියා සිටියේ T.N.A. සංවිධානය පිලිබදව ඔවුන් සිටියේ වැරදි මතයක බවය. යථාර්තය තේරුම් ගැනීමෙන් පසු වර්තමාන රජයේ නායකයන් උපදෙස් ලබාදී ඇත්තේ උතුරු නැගෙනහිර දෙමල ජනතාව ශ්‍රී ලාංකිකයන් බවත් ඔවුන්ගේ සියලු අවශ්‍යතා ඉක්මනිම ඉටු කරදෙන මෙන්ය.

:       0       0

උකුස්සාMonday, 04 May 2020 09:52 AM

ඒ විතරක් නොවෙයි... මිත්‍යාදෘෂ්ටික මහින්දලා ලොකු මන්තර ගුරුකම් කාරයෝ වගයක් ගෙනල්ලා අරලිය ගහ මන්දිරයේ පුටු ඔක්කොටම මතුරලා වශී තෙල් ගාලාලු. ඒවාවල වාඩිවුන කෙනාගේ හිත වෙනස් වෙනවාලු.. මේ බව දැනගෙන තමයි මේ කවුරුත් යන්නේ නැත්තේ. මැදමුලන කබරයෝ මේ අන්තිම උත්සාහය කරන්නේ ලංකාව ඒකාධිපති තත්වයට ගන්න. රටේ සල්ලි නැතිනිසා ආර්ථික ඔස්තාර්ලා රුපියල් බිලියන 200 අච්චුගහලා බව ඔබ දන්නවාද...ඒවා නිකම්ම නිකම් කඩදාසි පමණයි, වටිනාකමක් නැහැ.මේ අය මේ රවටන්නේ කාවද ...?

:       45       102

සමන්ත Sunday, 03 May 2020 03:02 PM

එම තීරණය නිවැරදිය. කොරෝනා අස්සේ දේශපාලනය කිරීම හෙලා දකිමු. එහෙත් කොරෝනා අවසන් වීමත් සමගම යලිත් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස උදෙසා වන ජන බලය ගොඩ නගමු. විධායකයේ අත්තනෝමතික ඒකාධිපති පාලනය පරාජය කරමු. අරලියගහ මන්දිරයේ ජෝගි නැටිල්ලෙන් ජනතාවට වන සෙතක් නැත.

:       0       0

lalithm Sunday, 03 May 2020 03:10 PM

හේතුව ඒකද? නැතිනම් සජිත් නොයන එකට ගිහින් පස්ස බිම ඇන ගන්න වේවි කියලද?

:       0       0

ලැවොයිසියර් Sunday, 03 May 2020 03:27 PM

එතකොට ඩීල්වලට මොකද වෙන්නේ?

:       272       304

lanka Sunday, 03 May 2020 03:41 PM

සජිත්ටයි අජිත්ටයි බයේද මෙයාලත් රට කරන්න හිතන්නේ...? මදැයි පරිනත නායකයෙක් හැටියට රනිල් ගැන හිතුව අපිට වෙච්චදේ...

:       2250       1428

ලියනගේ Sunday, 03 May 2020 04:45 PM

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද ඔහුගේ නිල නිවසේ රැස්වීමේ අවසාන ප්‍රතිපලය නම් මුදල් නාස්ති කිරිම සහ කාලය විනාශකරනවා හැර වෙනත් දෙයක් නොමැත. මේ වනවිට රජය සිටින්නේ වතුර නැතිව සිටින මාළුවකු මෙනි. ප්‍රජාතන්ත‍්‍රවාදීව පාර්ලිමේන්තුව නොකැදවා මෙවරත් පස්සා දොරෙන් දේශපාලනය කිරීමට උත්සහ කිරීම මහින්දගේ අබිලාශය උවත් ඔවුන් රටේ ජනතාවට සහ ජාත්‍යන්තරයට ලබාදෙන පණිවුඩය එතරම් සුබවාදී නැත. ප්‍රජතන්ට්‍රවදිව පාර්ලිමේන්තුව නොකැදවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද ඔහුගේ නිල නිවසේ රැස්වීමට රනිල් සහබාගි නොවිමෙන්ම පෙනීයන්නේ ඔහු ප්‍රජතන්ත‍්‍රවාදයට ගරුකරන පාර්ලිමේන්තුව සම්ප්‍රදයන් ගරුකරන පරිනත නායකයකු බව සෑම අවස්ථාවකදීම රටට පෙන්වා ඇත.

:       3290       4550

samanthaMonday, 04 May 2020 06:34 AM

රනිල් පරිනත නම් මොන බම්බුවකටද මුලින් යනවා කියල පස්සේ බැහැ කියන්නේ. අනික අවුරුදු හතරක් චන්ද නොතිබ්බේ මොකක් පරිනත නිසාද..? සජිත් නම් මුලින්ම බෑ කිව්වා.

:       1       35

raviSunday, 03 May 2020 05:50 PM

පරිනත නිසාද අවුරුදු 25 ක්ම චන්ද පැරදුනේ....?

:       2160       1265

දයාවතී Sunday, 03 May 2020 08:26 PM

එකසත් ජාතික පක්ෂයේ හිටියා පරිනත කියල හිතපු තරුණ පණ්ඩිත සෙට් එකක්. ඒ සෙට් එක පක්ෂය කෑවා. මේ ගොයියන්ට උවමනා උනේ පක්ෂය දින්නවන්න නෙමේ. කල්ලි කණ්ඩායම් හදාගෙන පොරවල් වෙන්න නේ. මේ වෙනකොට ආරංචියක් තියෙනවා නැවත එකසත් ජාතික පක්ෂයට එන්න උතසහකරනවා කියලා. අපි බලමු මොකාටද මේ කටුස්සෝ ටික සුදානම් වෙන්නේ කියලා. දැන් මේවෙනකොට රටේ ජනතාවට තේරිලා තියෙන්නේ කටුස්සෝ කවුද? කෛවාරු කාරයෝ කවුද ? ප්‍රජතන්ට්‍රවාදයට පිටින් යන්නේ කවුද ? ඒ වගේම පරිනත නායකයෝ කවුද ?

:       52       1182

Raju Sunday, 03 May 2020 04:27 PM

පිස්සෝ රගති... මෝඩයෝ බලා සිටිති.

:       61       278

ranaMonday, 04 May 2020 06:16 AM

අපරාදේ නේ ? ඔක්කොම එක තැනකදී බලා ගන්න තුබුන නේද ?

:       0       7

pradeepa Sunday, 03 May 2020 05:10 PM

සෙල්ලම් පාර්ලිමෙන්තුවෙ වියදම් කොහොමද? දවසකට වියදම් අඩුනම් සැමදා සෙල්ලම් එකේ තියමු...

:       39       272

ධම්ම Sunday, 03 May 2020 05:58 PM

කෙලින් තීරණ ගන්න මෙයා.

:       11       75

chandima Sunday, 03 May 2020 06:04 PM

මේ ගොල්ලෝ ආව කියල මෙයාල ළඟ කොරෝන වලට බේත් තියෙනවද? ඕනනම් අයෙත් අලුතින් ඩියුටි ෆ්‍රී වාහන ඉල්ලයි, බෙහෙත් ගන්න සිංගප්පුරු යයි, තවත් අවුරුදු හතර හමාරක් කලින් උන්න වගේ උඩ බලාගෙන අහසේ තරු ගනියි. කමිටු දහයක් දොළහක් පත් කරයි. අන්තිමේ පින් බත් කෙලලා යද්දී ජනතා මුදලින් මැරෙනකල් පන්සෝන් එකකුත් ගනියි ඒමදිවට තමුන්ගේ පුතාටත් තාත්තගේ පරණ ජොබ් එක හදල දෙයි එයාටත් අවුරුදු පහකින් පැන්සොන් ගන්න පුළුවන් වෙන්න. ඔන්න ඔහේ යන මලදානෙක යන්න කියන්න.

:       1032       1268

SL Monday, 04 May 2020 02:57 AM

මයේ අම්මේ අපිට තියෙන ආදරේ, කියන්න මොනවත් ම නැතිනම් මොකක් හරි කියනවා ............ඒ තමයි හැටි. කෙනෙක් මාසෙකට පාර්ලිමේන්තු ඇවිත් වාහන පර්මිට් ගත්තා, මීක් කියන්න කවුරුත් හිටියේ නැහැ . ඔහොම්මම ගෙවල් වලට වෙලාම ඉන්න, එතකොට ලොකු සේවයක්.

:       0       66

RasiMonday, 04 May 2020 03:57 AM

තව තියෙනවා. පැන්ෂන් එක හදා ගනියි. මොකද අවුරුදු 5 හරිනේ. තව නඩු වලින් අත්අඩංගුවට ගැනීම් වලින් බේරෙන්න මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරයි. මොකද අත්අඩංගුවට ගන්න කලින් කතානායකට කියන්න ඕනනනේ.

:       1       46

Thilina Sunday, 03 May 2020 07:50 PM

ලියනගේ මහතාණනි, ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී නායකයා නේද පහුගිය අවුරුදු 4ක් තිස්සේ පළාත් සභා ජන්දය නොතියා හිටියේ. මම අදටත් විශ්වාස කරනවා ජනාධිපති ඇතුළු රජය විසින් කොරෝනා වසංගතය දියුණු යයි කියාගන්නා අනිත් රටවල් වලට වඩා ඉතා උසස් අන්දමින් අපේ රටේ කළමනාකරණය කල බව සහ ඉතා සාර්ථක බව. දේශපාලන කුහකයෙක් නොවී යථාර්ථය පිළිගන්න. මේ අවස්ථාවේ පරණ පාර්ලිමේන්තුව රැස් කරලා මොනවා කරන්නද? ඔය පාර්ලිමේන්තුව තිබ්බනං අද මේ රට ඉතාලිය ඇමරිකාවට එහා ගිහින් මෙ රටේ මිනිස්සු මැරිලා. එහෙම වුනානම් අද ඔය ප්‍රජාතන්ත්‍රවාදී නායකයෝ ටික හිනාවෙවී මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියයි ඇමරිකාවේ දවසට මෙච්චර මැරෙනවනම් අපේ දවසට 500ක් මැරුණත් කමක් නැහැ කියලා .

:       168       313

AnuruddaMonday, 04 May 2020 04:38 PM

ඔයාට රනිල් පරිණතයි කියද්දි අවුල් වගේද? අතීතය කෙසේ වුවත් අවිවාදයෙන්ම පිළිගන්න පුළුවන් එකම පරිණත මෙ රට ගොඩගතහැකි නායකයා ඔහුයි. නමුත් ඔහුගේ මෙන්ම රටෙත් කරුමයකට බලය ගත්විට එය රුකගැනීමට ඔහු දක්ෂයකු නොවෙ...

:       0       142

chandanaTuesday, 05 May 2020 09:21 PM

බලය රැකගත නොහැකි වීමේ කරුමය කුමක්ද. ඔහු පොදු ජනතාවගේ හදගැස්ම නොහඳුනයි. මේ රටේ අභිමානවත් ඉතිහාසය සහ සභ්‍ය වූ සංස්කෘතිය නොහඳුනයි. අපේ බුද්ධිමතුන්ගේ මතය විශ්වාස නොකරයී පිටරැටියන්වම විශ්වාස කරයි. එකිනෙකාගේ චින්තනයන් ගොඩගසාගෙන අවුල් කරගනී, තමන්ටම කියා ඉදිර දැක්මක් හෝ චින්තනයක් හෝ නැත. රටේ සම්පත් විකුණා දැමීමට විනා එකතු කර දීමට උවමනාවක් නැත. ප්‍රශ්ණ වලින් ලිස්සා යෑමක් විනා දේශයේ දෘෂ්ඨියකින් නිවැරදි සෘජු තීරණ ගැනීමේ හැකියාවක් දක්නට නැත. වැරැද්ද සකසා ගැනීමට වඩා එහිම එල්ලී සිටීමට උත්සාහ දරයි. ඉතින් ඔහු එකම වරද නැවත කරමින් පරාජයට පත් වේ.

:       0       0

මුණසිංහ Monday, 04 May 2020 12:28 AM

සජිත්-රනිල්-අනුර පිල් සියල්ලම දැන් මුහුණදී සිටින බරපතලම අභියෝගය එයාලට එළියට බැහැල දේශපාලනය කිරීමට නොහැකි වීම. එයාල දන්නව ඡන්දයක් තිබ්බොතින් ලැබෙන ප්‍රතිඵලය. මේ වෙලාවේ ගෝඨාගේ පැත්තට අලුතින් දේශපාලනය කරන්න ඕන නැහැ. ඒකයි මේ හැම ට්‍රයි එකක්ම. ඡන්දෙ අවලංගු කරන්න. ඕක සාමාන්‍ය ජනතාවට නම් ප්‍රශ්නයක වී ඇති පාටක් නැහැ. ඒක තමා මේ යන ක්‍රමරය හොඳා කියලා මතයක් යන්නේ.

:       1130       494

Buddika Monday, 04 May 2020 01:59 AM

අවසානේ හරි මොලේ පෑදීම හොඳයි.

:       10       102

ගැමුණු Monday, 04 May 2020 02:24 AM

මුලින්ම පුදුමත් හිතුනා එජාපය පාර්ලිමේන්තු රැස්වීම සහභාගි වන බව පැවසුවම. එසේ වන්නට ඇත්තේ කාලීන තත්වයන් අනුව වෙන්නට ඇති. ඒත් දැන් ! ..... කොරෝනා රෝගය හොඳින් පාලනය කෙරෙනවා. ඉතින් ඔය රැස්වීමට ගොස් මොනවා කතා කරන්නද!

:       639       150

Pradeep Monday, 04 May 2020 02:37 AM

අර්ථවත් සංවාදයක් පැවැත්විය නොහැකියි කියා රැස්වීමට සහභාගී නොවී කල් තබාම දැනගැනීමට තරම් මහා ප්‍රාඥයෙකු වූ අකිල විරාජ් මහතාට සුභ පැතුම්.. මෙය කල්තබා දැනගැනීමට තරම් ප්‍රඥාවන්ත වූ ඔබට පාස්කු ප්‍රහාරය (තොරතුරු ලැබී තිබියදීත්) වලක්වා ගැනීමට නොහැකි වීම ගැන කණගාටුයි. ඔබලාගේ අරමුණ පැහැදිලියි මහත්තයෝ. තවදුරටත් ජනතාව මෝඩයින් ලෙස සැලකීම නවත්වන්න. මේ මොහොතේ රට ගැන, ජනතාව ගැන හැගීමක් නිබුනා නම් ඔබලාට ඔය හමුවට සහභාගී වෙන්න තිබුනා. ජනතාව වෙනුවෙන් සැබෑ විපක්ෂයක් ලෙස කටයුතු කරන්නට තිබුනා. මේ මොහොතේදීවත් ඔය පක්ෂ බේදය දුරලලා ජනතාව ගැන හිතන්න ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න. ඒ වෙනුවෙන් හඩ නගන්න. එහෙම කලොත් ජනතාව ඉදිවී ඔබලා සමග.

:       651       162

Amula Monday, 04 May 2020 03:46 AM

බලයට ඇති තණ්හාව නිසා තමයි මේ හැම කරදරයක්ම.

:       14       52

prabhash Monday, 04 May 2020 03:52 AM

මේ වෙලාවේ කොයි කවුරුත් සමගියෙන් එකතුවෙලා රජය ගෙන යන වැඩ පිළිවෙලට සහය දක්වලා කොරෝනා ජය ගෙන ඉවර වෙලා කරපු වැඩ වල හරි වැරැද්ද පස්සේ විවේචන කරා නම් වැඩිය හොඳයි.

:       3       108

suren madanayaka Monday, 04 May 2020 05:19 AM

අලියා ආපසු හැරෙන එක ලෙහෙසි වෙන්නේ නැහැ. ඒ තරම් බුද්ධියක් ඇති සතෙකි.

:       0       18

Samitha Senaka Aluthgamage. Monday, 04 May 2020 05:25 AM

ආපසූ ... හැරේන් ... වම දකුණ වම

:       27       122

saali Monday, 04 May 2020 05:29 AM

ඉතින් මොකටද එන්න කියන්නේ

:       0       1

samareMonday, 04 May 2020 09:53 AM

මතුරපු මැදමුලන කෝපි බොන්න.

:       0       14

samantha Monday, 04 May 2020 06:31 AM

මදැයි, ඔය වගේ අලියන් සහ සීනු 87 - 89 කාලෙදිත් එකට හිටියනම් අර 60,000ක් කොල්ලෝ කෙල්ලෝ කටුකම්බි සහ ටයර් මාල කන්නේ නැහැ නේද?

:       0       71

rathnayake Monday, 04 May 2020 08:00 AM

මමද? එජාපයට චන්දය දෙන කෙනෙක්. ඒ උනත් සමුළුවට එජාපයට ගියානම් යන්න වෙන්නේ මන්ත‍්‍රීවරු 10ක් පමණි. ඒ නිසා මෙම සමුළුවට එජාපය ගියේ නැත.

:       2       1

Nishan Monday, 04 May 2020 09:42 AM

කොරෝනා බිය සහ පීඩාව අතරේ පාටි දාන්න හදන අගමැතිගේ සූදානම රට වැසියෝ සියලු දෙනා හෙලා දැකිය යුතුයි.

:       45       25

de silva Tuesday, 05 May 2020 11:51 AM

Ranil කණ්ඩායම යටින් ඩිල් දැම්මට උඩින් ඩිල් දමන බව නොපෙන්වීමට වගබලා ගනිති , ඕකට ගියානම් එක ඕනෙම මෝඩයෙකුට තේරෙන නිසා ඔවුන්ට සිදුවන්නේ දැනට ඉතිරිව තිබෙන කැපුවත් කොළ කියල හැමදාම අලියට කතිරේ ගසන මෝඩයන්ගේ චන්ද සෙට් එකෙන් භාගයකුත් නැති වෙන එකය... එවිට දැනට අලියට තිබෙන 4%-6% අතර චන්ද ප්‍රතිශතය 2%-4% ප්‍රමාණයට පහල බැහැල ඇපත් රාජසන්තක වෙනු ඇත...

:       8       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 235 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1012 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 127 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 318 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 294 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site