IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එජාප මහලේකම් ධූරය අකිලගේ අතළඟ

 
(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය ඉදිරි සති දෙක ඇතුළත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

පක්‍ෂ ප්‍රති සංවිධානයේදී එක්සත් ජාතික පක්‍ෂ නිලධාරී මණ්ඩලයේ කැපී පෙනෙන වෙනසක් කිරීමට නියමිත අතර පක්‍ෂ මහලේකම් ධූරය සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමටත් නියෝජ්‍ය මහලේකම් ධූරය සඳහා අළුත්ම මුහුණක් ඉදිරිපත් කිරීමටත් තීරණය වී තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් පණිවිඩය තේරුම් ගෙන 2020 මැතිවරණ එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි පසුබිම සකස් කිරීම සඳහා මෙම ප්‍රතිසංවිධානය කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා නිර්දේශ ලබා ගැනීමට පක්ෂනායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතාගේ නියමයෙන් පත් කෙරුණු කමිටු තුනේ අදහස්ද මෙම පුර්ණ ප්‍රතිසංවිධානයේදී සලකා බැලීමට නියමිතය.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ,ආරක්ෂකරාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු තුන පත් කෙරුණු අතර මෙම කමිටු වල නිර්දේශ මෙන්ම පක්ෂයේ බිම් මට්ටමේ අදහස් පිළිබඳව සැලකීම යොමුකර නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ.

පළාත් පාලන මැතිවරණය නිමා විමත් සමඟ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කිරීමට තීරණය වී තිබුණද පසුගිය දින වල මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුවූ නොසන්සුන්කාරී තත්වය නිසා එම කටයුතු පමා විය.
 



අදහස් (13)

එජාප මහලේකම් ධූරය අකිලගේ අතළඟ

de silva Sunday, 18 March 2018 09:31 AM

කවුරු මහා ලේකම් වුනත් ජනාධිපතිවරණයකදී රනිල්ව මර්කෙට් කරන්න ඉතාම අමාරුයි.... එක එතුමත් දන්නවා එජාපෙ පහුගිය ජනාධිපතිවරණ දෙකටම ඉදිරිපත් කලේ පොදු අපේක්ෂකයෙක් , එම නිසා දැන් ඉඳන්ම 2020 ජනාධිපතිවරණය සදහා සුදුස්සෙක් තෝරාගෙන සුදානම් වෙන එක නුවනට හුරුය .

:       0       1

Buddika Sunday, 18 March 2018 09:59 AM

මේක වැරැදි තීරණයක්... යූ.එන්.පී. එක තවත් වලපල්ලට යන වැඩක්. රනිල්ගේ යාළුවොයි, ගෝලයොයි මේ පක්ෂය විනාශ කළා. තවත් කරන්නේ ඒකමයි. අකිල මේකට හරියන්නේ නැහැ. අවුරුදු 25ක් නායකයා වෙලා ඉඳලා තනි පක්ෂයක් ලෙස බලයන එන්නට නොහැකි වීම දුර්වලකමක් නොවෙයිද? අකිල ලේකම් කළේ රනිල්ගේ ගෝලයකු නායකයකු කිරීම අරබයායි. මැරෙනකම් ඔබතුමාට අපි ගරු කරනවා. දෙයියන්ගේ නාමයෙන් එජාපයෙන් ඉවත් වෙන්න. අපිට එජාපය ඕනේ...

:       134       518

TDSunday, 18 March 2018 04:19 PM

මේසන් බාස් සහ වඩුවකු වී ගෙවල් හැදුවට, සෙරෙප්පු නොදැමීම හා රෙද්ද, බැනියම ඇඳීම පමණක් නායකයකු වීමට තිබෙන එකම සුදුසුකම මේ නූතන ලෝකයේ ලංකාවේම පමණක් සිටින ළිං ගෙම්බන්ටම පමණක්වූ ගොන් තර්කයකි. 21 වන ශතවර්ෂයේ රටක නායකයකු වීමට උගත්කම නැතිවම බැරිය. ඔබ සිතාසිටින නායකත්වයට සුදුසු කෙනාගේ අධ්‍යාපන සුදුසුකම් ටික කරුණාකර ප්‍රසිද්ධ කරන්න. ඔබ සිතාසිටින නායකයා එජාප එකේ නායකයා වූ දවසට විපක්ෂය (එසේ නොවන බව සිකුරුය) මුළු දාස යුගය... පෙරට ගෙන එජාප පක්ෂය නැති වීමට මඩ ගසනු ඇත. කලකට පෙර පැවැති දාස යුගය අවසාන යුගයේ රටේ මිනිසුන් මල්වෙඩි ගසමින්ය. වසර 70 ක් පැරණි ලංකාවේ පළමු දේශපාලන පක්ෂය නූගත් මෝඩයින්ට බාරකිරීමට සූදානම් වෙන්නේ නම් එය පක්ෂයට සහ රටට කරන විශාල ද්‍රෝහීකමකි.

:       0       0

Bamunuarachchi Sunday, 18 March 2018 10:10 AM

මෙයාට මහලේකම්කම ලැබුණු ගමන් රට පටස් ගාලා දියුණු වේවි. හැබැයි මෙයාට තිබෙන්නේ නිදිමත ලුක් එකක්...

:       68       54

සතයපාල Sunday, 18 March 2018 11:36 AM

අද රනිල්ට පක්ෂය තුල ඉන්න විශ්වාසවන්ත හා හිතවත්ම සාමාජිකයා අකිල නිසා එයාව මහ ලේකම් ධුරයට පත්කරගෙන තම බලය තහවුරු කරගෙන පක්ෂය තුළ දිගටම නායකත්වයේ ඉන්න හදන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් විදියට තමයි මේක හඳුන්වන්න වෙන්නේ.

:       0       323

Mahesh Sunday, 18 March 2018 11:40 AM

මෙගා කුලියාපිටියේ දුප්පත් ගම්මානවලට ඡන්දෙන් පස්සේ ආවේ නැහැ. අපේ පිටිසර ගම්මානෙට කබල් බස් එකක්වත් දමලා නැහැ. ඒත් ඡන්දෙ දවසට බස් එකක් දුවනවා.

:       0       63

Buddika Sunday, 18 March 2018 02:46 PM

අපි එජාපයේ මිනිස්සු. ඒත් කිව යුතුයි මේ මිනිස්සු එජාපය විනාශ කළා. දෙයියන්ගේ නාමෙන් මේ පක්ෂය විනාශ කරන්න එපා. එජාප එකට නැවත ජනතා ආකර්ෂණය ඇතිකර දිනවීමට සජිත් නායකයා විය යුතුයි.අකිල රනිල්ගේ හොඳම ගෝලයා... තමන්ට පාලනය කළ හැකි අය තනතුරුවලට දාලා මැරෙනකම් ඉන්නයි ප්ලෑන් එක. හැමදාමත් කළේ මිනිස්සු වටේ යවලා ප්‍රබල වෙනසක් කරලා, පාරම්බාලා නායකත්වයේ ඉන්න එකනේ. අපිට පුදුමේ තමන්ට බැරි බව දැනගෙනත් කාගෙන ඉන්න එකයි.

:       25       35

TDSunday, 18 March 2018 05:35 PM

නම බුද්ධික වුනාට කරන කියන දේවලදී නම් එතරම් බුද්ධිකක් තියෙනවා කියල කියන්න බැහැ.

:       13       1

ජගත් ලියනගේ Sunday, 18 March 2018 02:50 PM

තනතුරුත් එක ජාතියේ කට්ටියටයි. අයියෝ සල්ලි...!!!

:       0       48

td Sunday, 18 March 2018 03:49 PM

එජාප මූලස්ථානය වන සිරිකොත් වඩාත් ක්‍රියාකාරි තැනක් විය යුතුය.

:       0       0

td Sunday, 18 March 2018 03:49 PM

ජාතික සංවිධායකවයා බොහෝ වේලාවට එහි සිටිය යුතුයි. ඔහු මූලික මට්ටමේ දේශපාලකයින් පක්ෂයට කැඳවා කතා කළ යුතුයි.

:       0       0

Lalith Monday, 19 March 2018 03:13 AM

ඇම්බැට්ටයෙක් දාල අලුතෙන් පත්වෙන කෙනාව පස්සෙන් ඉඳන් පාලනය කරන්න වගේ යන්නේ.

:       0       0

Chanak Los angeles Monday, 19 March 2018 05:58 AM

ඔව් ඉතින් රටට ජනතාවට හෙන ගැසුවත් කමක් නැහැ තනතුරු ලබාගෙන ඔවුන්ට පමණක් සැපසේ ජීවත් වෙන්න ලැබුනම මදැයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1019 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1050 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 593 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1570 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 79 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2663 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site