IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එජාප ප්‍රතිසංවිධාන කමිටුව ලබන සතියේදී රනිල් හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)
 

එක්සත් ජාතික පක්ෂයේ  නව මුහුණුවර සකස් විය යුතු ආකාරය සහ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු  සිදුවන ආකාරයට අදාළ කමිටුව  ප‍්‍රථම වතාවට ලබන සතියේදී එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා  හමුවීමට නියමිතය.
 
ඉහත කමිටුව මෙසේ එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවන්නේ පක්ෂයට සම්බන්ධ විද්වතුන්, වෘත්තීයවේදීන්, තරුණ  සහ කාන්තා සංවිධාන, බල මණ්ඩල ඇතුළු  සියලූ පාර්ශව  සමග පළමු වටයේ අදහස් හුවමාරු  කරගැනීමෙන් පසුවය.
 
හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල,  හිටපු අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, වජිර අබේවර්ධන, මලික් සමරවික‍්‍රම, තලතා අතුකෝරල සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආංශු මාරසිංහ යන මහත්ම මහත්මින්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.
 
සිංහල බෞද්ධ ඡන්ද පදනම දිනාගනිමින් පක්ෂයේ මුහුනුවර නවීකරණය කළ යුතු ආකාරය පිළිබඳව  නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුවට පැවරෙන ප‍්‍රධාන කාර්ය භාර්ය වේ.
 
ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවය නියෝජනය කරන සාමාජිකයන්ද ඉහත කමිටුවට ඇතුළත් කිරීම විශේෂත්වයකි.



අදහස් (5)

එජාප ප්‍රතිසංවිධාන කමිටුව ලබන සතියේදී රනිල් හමුවෙයි

ලියනආරච්චි Thursday, 12 December 2019 11:09 AM

එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයෙන් නෙරපීමට පරාජිතයින් කිහිප දෙනෙකු ගන්නා උත්සාහය අසාර්ථක වුවහොත් පරාජිතයින් කිහිපදෙනා පක්ෂයෙන් ඉවත් වන්නේද? එක්සත් ජාතික පක්ෂයට හොඳ බෞද්ධ පදනමක් තිබේ. නමුත් සිවුරු පොරවාගෙන සිටින ජාතිවාදී, අන්තවාදී රටේ ජනතාවගේ මොළ සෝදන බික්ෂූන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට නොමැත.

:       102       21

Buddika Thursday, 12 December 2019 01:29 PM

හැමදාම කලේ කමිටු පත් කරලා ප්‍රශ්නෙන් පැනලා ගිහින් රනිල් ඉඳීමයි. මේ පක්ෂය රනිල් ඉන්නතාක්කල් ගොඩගන්න බැ.

:       0       60

රොහාන් දයාදර පැරිස් Thursday, 12 December 2019 02:34 PM

ප්‍රතිසංවිධාන, කමිටු, කිය කියා කල් නොමරා ජන මතයට ගරු කරලා ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන්න සියල්ලෝට එකඟ විය හැකි එකඟතාවයකට ඉක්මනින් එන්න මහා මැතිවරණය දිනනවා කොයිහැටි වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100 ක් වත් ගන්න එකතුවෙලා ගමන යන්න කියා මේ අදහස් එක්කරන්නේ එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාවේ සභාපති රොහාන් දයාදර පැරිස් ....!!!

:       19       4

Hafeel Thursday, 12 December 2019 03:25 PM

මෙම කමිටුවේ අවසන් තීරණය වෙන්නේ රනිල් තවදුරටත් නායකත්වයේ ඉන්න ඕනේ. මේ කමිටු සේරම රනිල්ව ආරක්ෂාකිරීම මිස පක්ෂයේ දියුණුව නොවේ.

:       0       10

ranjan Thursday, 12 December 2019 05:46 PM

රනිල් අනිවාර්යයෙන්ම ඉවත් විය යුතුයි. වෙනත් තරුණ නායකයෙක් පත් නොකළහොත් එජාප සංවිධාන සියල්ල විසුරුවා හැර දැමිය යුතුය ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1160 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 235 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1256 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1266 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1487 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1370 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site