IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘එකිනෙකාට ඇගිල්ල දිගු නොකර එක්ව කටයුතු කරන්න’

(ඩයනා උදයංගනී)


එකිනෙකාට ඇගිල්ල දිගු නොකර අන්තවාදී ත‍්‍රස්තවාදය පරාජය කිරීම සදහා එක්ව කටයුතු කරන්නැයි ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු සියළුම දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 

එම ත‍්‍රස්ත ක‍්‍රියාවලින් දේශපාලන වාසි නොගෙන රටක්, ජනතාවක් ලෙස එක්ව එය පරාජය කළ යුතු බව කී ඇමතිවරයා, බුද්ධි අංශ විසින් අනතුරු ඇගවීමක් කර තිබියදීත් රට තුළ ත‍්‍රස්ත ක‍්‍රියාවක් සිදුවීම වළක්වා ගත නොහැකිවීම සම්බන්ධයෙන් සියලූ දෙනා ලජ්ජාවට පත්විය යුතු බවද සඳහන් කළේය.          
 
සිදුවූයේ මිලේච්ඡ ත‍්‍රස්තවාදී උන්මත්තක ආගමික ක‍්‍රියාදාමයක් බව කී ඇමතිවරයා එය තරයේ හෙළා දකින බව ද ප‍්‍රකාශ කළේය.
           

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුම ප‍්‍රධාන කාර්යාලයේදී අද (22)  පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම ත‍්‍රස්ත ක‍්‍රියාදාමයේ පළමු සිදුවීම වූයේ 2018 නත්තලට පසු දිනයේ මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කිහිපයක් හා දේවස්ථානවලට හානි කිරීම් බවත්, ඉන්පසු පුත්තලම, වනාතවිල්ලූව, අරුවක්කාලූ ප‍්‍රදේශයෙන් ඔවුන්ගේ පුහුණු ක`දවුරක් සොයාගෙන අවි ආයුධ විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් කී ඇමතිවරයා පාස්කු ඉරිදා ප‍්‍රහාරය පසුපස සිටින්නේත් එම පිරිසම බව ආරක්‍ෂක අංශ විසින් පෙන්වා දී ඇතැයි කීවේය.

 ආරක්‍ෂක අංශවලට දැන්වත් නිසියාකාරයෙන් නායකත්වය දී, මේ ආගමික පිළිලය සම්පූර්ණයෙන්ම මේ සමාජයෙන් තුරන් කළ යුතු බව ද ඇමතිවරයා කියා සිටියේය.

           



අදහස් (23)

‘එකිනෙකාට ඇගිල්ල දිගු නොකර එක්ව කටයුතු කරන්න’

ගල්කටස් Monday, 22 April 2019 01:16 PM

බොර දියේ මාලු බාන්න අැවිත් මෙන්න වීරයා.., ඔයාටත් අත පිහදාගන්න බැහැ මහත්මයා ඔයත් හිටගෙන වගකියන්නම ඕනෑ... මේ විනාශයට... අැයි දැන්වත් කියන්නේ අවුරුදු 4ක්ම අාරක්ෂාව සම්බන්ධයෙන් පිස්සුද නැටුවේ..?

:       206       1466

BamunuarachchiMonday, 22 April 2019 03:39 PM

යකෝ පැහැදිලිව තිබුන දිය බොර කෙරුවේ කව්ද? ත්‍රස්තයා හඳුනා ගන්න බැරි තරමට බොරකෙරුවා. 2017 දී පාර්ලිමේන්තුවේදීම ඉස්සරහට වෙන්නයනදේ විජේදාස මහතා කිව්වා. කෝ ගොබ්බයින්ට එය ඇසුණාද? ඒ වැරදි පෙන්වුවාම මාළු බාන්න එපාලු. මේ වගේ අම්බරුවෝ වෙන කොහෙද ඉන්නේ? ලෝකෙට පරකාසේ කරන්න ගිහිල්ලා රට මරගාතේ වුණා.

:       0       0

kasun Damintha Monday, 22 April 2019 02:24 PM

අනේ චම්පෝ ඔයාලට හම්බවෙන ඩියුටි ෆ්‍රී වාහනෙත් අපි එකට යමු කියලා කිව්වේ කවදද දන්නේ නැහැ...

:       70       313

TGL Monday, 22 April 2019 02:49 PM

ආරක්ෂක අංශයට නිසි නායකත්වයක් ලැබුණේ නැහැ කියලා පිළිගන්නවා එහෙනම්..

:       0       227

Raveendra Monday, 22 April 2019 02:50 PM

අම්මපා මේ ගොයියා කොහෙද හිටියේ..? දණ්ඩ ගොඩ බැස්සේ? කොහේද අන්තරස්දාන වෙලා හිටියේ හැබෑවටම.. අපට නම් පේන්නේ ගොයියා හීනෙන් බයවෙලා නැගිටලා වගේ...

:       21       378

chamath Monday, 22 April 2019 02:50 PM

මෙයා කියන දේවල් කවුද පිළිගන්නේ..? අනික මෙයා කවුද ඔය වගේ ප්‍රකාශ කරන්න... දැන්වත් ත්‍රිවිධ හමුදාවට, පොලිසියට බලය දෙන්න දීල‍ා ඔයාලා කට පියාගෙන ඉන්න මහත්තයෝ...

:       11       256

චමින්දTuesday, 23 April 2019 01:42 AM

මොහු මොනවා කරන්නද? ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් තියෙන්නෙ ජනාධිපතිගේ අතේනේ. ආරක්ෂක ලේකම් අගමැතිගේවත් නියෝග පිළිගන්නේ නැති රටක මොහු මොනවා කරන්නද?

:       0       0

janahitha Monday, 22 April 2019 04:00 PM

බුද්ධි අංශ අඩපන කිරීමේ විපාක ජනතවට විඳීමට සිදු වීම ගැන අපි බලවත් සේ කණගාටු වෙමු.

:       57       533

මනෝ Monday, 22 April 2019 04:30 PM

කණගාටුයි කියන්න නමුත් මෙම අවස්ථාවේදී සියලුම ඇගිලි අකාර්යක්ෂම හා අදක්ෂ වර්ථමාන පාලනයට පමණක් යොමු වී ඇත. වගකීම බාර ගන්න.

:       11       712

Bamunuarachchi Monday, 22 April 2019 04:40 PM

රනිල් පාක්ෂිකයෝ මොකටද මහින්දගේ පැත්තට ඇඟිල්ල දික්කොරන්නේ? මහින්දයි ඇඟිල්ල දික්කරලා කියන්න ඕනේ මම කීවානේ රටේ ආරක්ෂාව පිරිහිලා කියලා.

:       52       651

Shihan Monday, 22 April 2019 04:40 PM

මෙයා කියන දේවල් කවුද පිළිගන්නේ? අනික මෙයා කවුද ඔය වගේ ප්‍රකාශ කරන්න. දැන්වත් ත්‍රිවිධ හමුදාවට, පොලිසියට බලය දෙන්න දීල‍ා ඔයාල කට පියාගෙන ඉන්න.

:       10       322

BamunuarachchiTuesday, 23 April 2019 12:42 AM

පොලිස්සියට කොහොම වෙතත් පොලිස් බලතල ත්‍රිවිධ හමුදාවට දෙන්න...

:       0       0

Asanga Monday, 22 April 2019 05:56 PM

රටේ ආරක්ෂාව ගැන බයවෙන්න දෙයක් නෑ.. ඒවා බලාගන්න ඉන්නවයි කියපු හාදයාද?

:       0       0

Dhammasiri himi Monday, 22 April 2019 06:41 PM

වරෙල්ලකෝ ලබන සැරේ ඡන්දෙ ඉල්ලන්න අපි ළඟට..

:       0       0

Rasika Monday, 22 April 2019 08:00 PM

ඒකතමයි අපිත් කියන්නේ... දැන් තියෙන්නේ එදා හිටපු හමුදාවමයි.., ඒ කොටි ත්‍රස්තයන් පරාදකරපු වීරෝදාර හමුදාවමයි, ප්‍රශ්නේ තියෙන්නේ දේශපාලන අධිකාරියේ. රටේ තියෙන්නේ කිසිදෙයක් කරන්න බැරි ආණ්ඩුවක්. නායකත්වයක් දෙන්න බැරි ආණ්ඩුවක්. එහෙම එකක් කරන්න මෙලෙස රට දුර්වල කරන්න ඔබතුමාත් මැදිහත් වුණා. එක පිළිගන්න, කණගාටුව ප්‍රකාශ කරන්න, වැරැද්ද නිවැරදි කරන්න, ඇමති කමෙන් ඉල්ලා අස්වෙන්න. රටට නියම නායකත්වයක් ගේන්න කැපවෙන්න. ජාතික ආරක්ෂාව එකඑක දේශපාලකයාට ඕනේ විදියට හෝ ඒ ඒ පක්ෂවලට ඕනේ විදියට වෙනස් නොවන වැඩපිළිවෙලක්, නීති රාමුවක් හදන්න. මොකද අපිට කිසිම දේශපාලකයෙක් විශ්වාස නැති නිසා....

:       0       0

Bandara Monday, 22 April 2019 08:18 PM

මේ ඔක්කොම එකයි..

:       0       0

mf Monday, 22 April 2019 09:21 PM

ශ්‍රී ලංකා බුද්ධි අංශ ලොක්කා නාමල් කුමාරව දැක්කේ නැහැ.

:       0       0

Saman k. athauda Monday, 22 April 2019 10:20 PM

එකා වගේ එකට බේරුණා. කලින් දැනගෙන අපිට කෙලවුණා.

:       0       0

sena Monday, 22 April 2019 11:00 PM

හා හොඳයි.. ඔබ කියනකම් බලන් හිටියේ... අපට මොලයක් නැති නිසා....

:       0       0

SL Tuesday, 23 April 2019 04:02 AM

ඔලුවිල් විශ්ව විද්‍යාලයේ තියෙන රජයේ නීති වලට පරි බාහිර ඉස්ලාමිය නීති, සිකුරාදා නිවාඩුව, සිකුරාදට හෙල්මට් නැතිව බයිසිකල් පැදීමේ අවස්ථා ඉවත් කරන්න, රටේ එකම නීතියක් ක්‍රියාත්මක කරන්න. අන්තවාදීන්ට රිසි සේ හැසිරෙන්න නොදෙන්න

:       0       12

kamaniTuesday, 23 April 2019 10:34 AM

ඔය ජරාව වහාම වසාදමන්න.

:       0       0

Chandima Tuesday, 23 April 2019 09:48 AM

දික්කරන්න ඕනි ඇඟිල්ල නෙමෙයි කකුලයි...

:       0       0

රොහාන් දයාදර පැරිස් . Tuesday, 23 April 2019 10:13 AM

කතාව ඇත්ත මේ වෙලාවෙත් සමහරු බලයට එන්න මේ මියගිය, ගිලන්වූ, අහිංසක ජනතාව අලෙවිකරන්න පටන් අරන්.. මේ අපේ රටේ කාලකන්නි දේශපාලන තරම... ආරක්ෂාව පිළිබඳව ගැටළුවක් තියනවා.. ආරක්ෂක ඇමති ඍජුවම වගකියන්න ඕනෑ.. එ්ක වෙනම කතාවක්... සියලු ඇඟිලි නමාගෙන එකමුතුව මේ ඇතිවුණු ව්‍යවසනයට විසඳුම් සොයන්න... ඉදිරියේදී මෙවැන්නක් නොවෙන්න කටයුතු කරන්න.. කයිවාරු එපා කොයි දේශපාලකයන් දෙසත් ජනතාව අවධියෙන් ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 115 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


ජනපති චමරිට කතා කරයි
2024 අප්‍රේල් මස 18 257 0

දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකින් නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට ජනාධිපති රනිල් වික


ජාජබ - කාදිනල් හිමියන් හමුවෙයි
2024 අප්‍රේල් මස 18 474 0

’පාස්කු ඉරුදින’ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමියන්


අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 471 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 1295 1

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1483 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site