IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එක්සත් රාජධානියේ අගමැතිනියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

එක්සත් රාජධානියේ අගමැතිනි තෙරේසා මේ මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත යැයි වාර්තා වේ.
 
විශ්වාසභංග යෝජනාව පක්ෂ අභ්‍යන්තරයෙන් ඉදිරිපත් කෙරුණු එකක් වන අතර අගමැතිනිය නියෝජනය කරන කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන් අද (12) පස්වරුවේ ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය. 
 
මේ අනුව කන්සර්වේටිව් පක්ෂයේ නායිකාව වන තෙරේසා මේ මහත්මියගේ නායකත්වය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පැවසේ. 
 
විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ විශ්වාසභංග යෝජනාවකට සහ ඡන්ද විමසීමකට අවශ්‍ය ඉල්ලීම් (ලිපි) 48 යොමු වීමෙන් පසුවය. 

අගමැතිනි තෙරේසේ මේ මහත්මිය එම ධුරයට පත්වූයේ 2016 වසරේදීය. යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා එම වසරේ පැවැති ජනමත විමසුමෙන් පසුව ඇය එම ධුරයට පත්විය. යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා ඇය එම සංගමය සමඟ සාකච්ඡා කළ ගිවිසුමට කන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ම විරෝධය සහ විවේචන එල්ල විය. 

ඡන්ද විමසීමේ ප්‍රතිඵල කොතරම් ඉක්මනින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇත්දැයි නිශ්චිත නැති නමුත් තෙරේසා මේ මහත්මියට විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට පක්ෂයේ බහුතරයේ කැමැත්ත අවශ්‍ය වේ. තෙරේසා මේ මහත්මිය විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කරමින් පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය දිනාගැනීමට සමත් වුවහොත් වසරක් යනතුරු ඇය අභියෝගයට ලක් කළ නොහැක. 

විශ්වාසභංග යෝජනාවෙන් තෙරේසා මේ මහත්මිය පරාජයට පත්වුවහොත් කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් ඡන්ද විමසීමක් පැවැත්වෙන අතර ඇයට ඊට තරග කළ නොහැක. 

මෙහිදි තවත් විකල්පයක් ඇති අතර තෙරේසා මේ මහත්මිය ඡන්ද විමසීමෙන් ජයගත්තද, එම ජයග්‍රහණය ප්‍රබල ජයග්‍රහණය එකක් නොවූහොත් ඇයට පක්ෂ නායකත්වයෙන් ඉවත් විය හැකිය. 

බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ බහුතරය හිමි පක්ෂය කන්සර්වේටිව් පක්ෂය වන බැවින් එම පක්ෂයේ නායකත්වයට පත්වන කාට වුවද අග්‍රාමාත්‍ය ධුරය හිමි වේ.   

ඒ.එෆ්.පී සහ රොයිටර් ඇසුරිනි

(055)



අදහස් (8)

එක්සත් රාජධානියේ අගමැතිනියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

de silva Wednesday, 12 December 2018 09:09 AM

දේශපාලන පොරොන්දු දීලා බලයට ඇවිත් ඒවා ඉෂ්ට කරන්න බැරි වෙනකොට ලංකාවේ වගේ නොවේ, එංගලන්තේදී... රාජ්‍ය නායකයාට වුණත් ඉතා ඉක්මණින් තනතුර අහිමි වෙන්න පුළුවන්.., මෙහෙ රනිල් කරනවා වගේ ඡන්ද පැරදුණත් කූඩැල්ලෝ වගේ පක්ෂ නායකකමේ එල්ලිලා ඉන්න එහෙ ඉඩක් නැහැ. මෙහෙ වගේ පියාගෙන් හෝ මවගෙන් පුතාට, දුවට පක්ෂනායකකම දෙන සිරිතක් එහෙ නැහැ. එමනිසා එම රටවල් දියුණුවෙලා තිබෙන්නේ.

:       3       26

athuraWednesday, 12 December 2018 10:26 AM

මේ වගේ පක්ෂ නායක කමේ එල්ලිලා ඉන්න ඉඩක් නැහැ..... වගේම යුද්දෙ දින්නා කියල මැරෙනකම් බලේ ඉන්නත් එහේ ඉඩ නැහැ.

:       0       0

sandy123Wednesday, 12 December 2018 12:23 PM

ඒ අතින් මහින්ද මහත්තයා හරි පිළිවෙලයි නේද? අනේ මගේ කට..

:       323       13

sirimal Wednesday, 12 December 2018 10:00 AM

අද රාත්‍රියේ තෙරේසා මේ විශ්වාස භංගයෙන් පරාජය වුවහොත් බ්‍රිතාන්‍යයේ පළමුවෙනි වතාවට ඉස්ලාම් භක්තික අගමැතිවරයෙකු පත්වෙන්නටද බොහෝවිට ඉඩ ඇති බව වාර්තා වෙනවා. දැනට අගමැති තනතුර සඳහා වැඩි අවස්ථාවක් ඇත්තේ දැනට තෙරේසා මේ රජයේ ස්වදේශ කටයුතු බාර රාජ්‍ය ලේකම් තනතුර හොබවන සජිඩ් ජාවිඩ්ට බවත් ඩොමිනික් රාබ්, බෝරිස් ජොන්සන් සහ මයිකල් ගෝව් යන අයටද කොන්සර්වේටිව් පක්ෂයේ බොහෝ දෙනෙකුගේ කැමැත්ත ඇති බවත් වාර්තා වී තිබෙනවා.

:       0       5

මොහම්මඩ් ගවුස් Wednesday, 12 December 2018 02:41 PM

අපේ එක්කෙනෙක් අගමැති වුනොත් අපිලට තමයි වාසි...

:       0       1

Hafeel Wednesday, 12 December 2018 12:02 PM

එහේ මිරිස් කුඩු ප්‍රහාරවල් එල්ලවුනත්, අපේ පාර්ලිමේන්තුවේ එහම නැහැ. අපේ මන්ත්‍රීලා ඉතා විනයගරුකයි.

:       0       15

Hafeel Wednesday, 12 December 2018 12:08 PM

අපේ ජනාධිපති වගේ තෙරේසා මහත්මිය පසුව කියාවිද, අර කෑල්ල අයින්කරලා, මේ කෑල්ල අයින්කරලා ආයිත් සම්මත කරන්නයි කියලා...

:       9       6

JayaWednesday, 12 December 2018 03:10 PM

ඔන්න ඉතින් මෝඩ කතාවක් කිව්වා...

:       9       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 225 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 616 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1587 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1807 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 558 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 257 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site