IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් එපා

( තිළිණි ද සිල්වා )
 එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් සහභාගී නොකර ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත යුතු බව කොටි හිතවාදී ජාත්‍යන්තර සංවිධානයක් වන ගෝලීය ද්‍රවිඩ සංසදය යෝජනා කර ඇත.
 
 ශ්‍රී ලංකා හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් එම්මානුවෙල් දේවගතිවරයාගේ නායකත්වයෙන් යුත් ගෝලීය ද්‍රවිඩ සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
 බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර මූලික කර ගත් එම සංවිධානය වැඩිදුරටත් කියා සිටින්නේ ශ්‍රී ලංකා හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම වැනි අසාධාරණ හා අයුක්තිසහගත ක‍්‍රියා , ශ්‍රී ලංකා රජය විසින් ගනිමින් සිටින බැවින් ජාත්‍යන්තරයද ඊට දැනෙන සුළු විරෝධයක් එල්ල කල යුතු බවද එම සංසදය එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.
 
 ඊට මුලික පියවරක් ලෙස තමන්ද ලබන සැප්තැම්බර් මාසයේදී ජිනීවා නුවරදී ඇරඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දක්වන බවද ගෝලීය ද්‍රවිධ සංසදය කියා සිටී.
 
 එැබවින් ලංකාවට ලබාදී ඇති වෙළඳ හා බදු සහන ඉවත්කරගැනීමට ජාත්‍යන්තර කටයුතු කල යුතු බවත්, අන්තර් රාජ්‍ය මිලිටරි සහයෝගීතාවයන් සඳහා ශ්‍රී ලංකා හමුදා සහභාගී කරවා ගැනීම පිළිබඳවද ජාත්‍යන්තර සිතා බැලිය යුතු බව එම සංසදය සිය නිවේදනයෙන් පෙන්වා දේ.



අදහස් (32)

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් එපා

ගල්කටස් Sunday, 25 August 2019 11:28 AM

හා කමක් නැහැ අපි අයින් කරන්නෙම නැහැ.. හමුදාපතිතුමාව ..

:       12       811

Chanak los angelesSunday, 25 August 2019 06:54 PM

අපි ලොව දියුණු රටක් නම් එලෙස ක්‍රියා කිරීමට පුළුවනි . නමුත් රට කෑලි කෑලි වලට පිටරටවලට විකුණමින් ආර්ථිකයේ හිල් වසා ගන්නා අපි කොහොමද එලෙස ජාත්‍යන්තරයට අභියෝග කරන්නේ ?

:       77       50

ගල්කටස් Monday, 26 August 2019 09:14 AM

ඔබ වැන්නවුන් සිටින නිසා තරමක් අපහසු විය හැක. නමුත් ජාතියක් වශයෙන් නැගී සිටීමට නම් කොන්ද කෙලින් තියන් වැඩ කළයුතුය. ඔබ වැනි අය තමා එල්.ටී.ටී.ඊ. එක පරදන්න බැහැ... කෑල්ලක් දුන්නත් කමක් නැහැ කිව්වේ...

:       1       28

සේන Sunday, 25 August 2019 01:05 PM

එතකොට කොටින්ගේත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් අතර වෙනසක් නෑ. දෙකම ත්‍රස්තවාදී සංවිධාන...

:       3       459

ලංකාපුත්‍රMonday, 26 August 2019 12:57 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන්නේ කොටින් කියන ලෙසද නැත්නම් කොටි කියන ලෙසට වැඩ කරන්නේ නම් කොටින්ට නිෂේධ බලයක් දී තිබේදැයි විමසන්න. ඒ වාගේම තම රට වෙනුවෙන් ක්‍රියාකිරීම වරදක් වේදැයි කියාත් විමසන්න.

:       0       31

ලංකාපුත්‍රMonday, 26 August 2019 12:57 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරන්නේ කොටින් කියන ලෙසද නැත්නම් කොටි කියන ලෙසට වැඩ කරන්නේ නම් කොටින්ට නිෂේධ බලයක් දී තිබේදැයි විමසන්න. ඒ වාගේම තම රට වෙනුවෙන් ක්‍රියාකිරීම වරදක් වේදැයි කියාත් විමසන්න.

:       0       4

SL Sunday, 25 August 2019 01:19 PM

හා අර ඊයේ පෙරේදා හම්බවුනු සින්නයියා දොස්තරගේ කෙරුවාවත් එක්කම මෙහෙන් හමුදාව යවන්න වෙන එක කොහොමත්ම කරන්න අමාරුවෙන පාටක් පෙනෙන්නේ. ස්නයිපර්, ක්ලේමෝ ඔක්කොමත් එක්කම්, බුද්ධි අංශවලට ආණ්ඩුවම පහර දුන්නු වෙලාවේ.. නාඩගමක් නටන්නනේ සින්නයිය හදලා තියෙන්නේ... ද්‍රවිඩ සංසදයේ අයියලත්,.. සින්නයියාට ආධාර දීලා ඇතිනේ..

:       2       170

Bamunuarachchi Sunday, 25 August 2019 01:21 PM

උඹලට අපිව ඒ සැරයක් එපානම් අපිට උඹලා 10සැරයක් එපා. අනික් සැරේ කියාවි අහවලා ජනාධිපති කමටත් එපා කියලා. අපිව මේ තත්වයට ගෙනාවේ මංගල... රනිල්ට කොන්දක් නැති වුණාට කමක් නැහැ.. සිරිසේන දැන්වත් ඔහේ කොන්ද කෙලින් තියාගන්න.

:       18       321

එම්.සිරිසේන Sunday, 25 August 2019 09:13 PM

මගේ කොන්ද ගැන මම බලාගන්නම්. බමුණ, තමන් තමන්ට ගැලපෙන අය සමග අදහස් හුවමාරු කරගන්න ඉගෙන ගන්න.

:       1       22

BamunuarachchiMonday, 26 August 2019 06:48 AM

වැඩේ වැරදුනොත් කොන්ද බලන්න ඉස්සෙල්ල අපිට වෙනවා කොන්ද කඩන්න ...

:       16       1

ඉරිසියාවMonday, 26 August 2019 09:55 AM

ඔබ දන්නවද බමුණෝ මේ වෑඩේට යන සොල්දාදුවන්ට ලැබෙන දීමනාවෙන් ඒ අය කර ගන්න වැඩ.. නුඹලාට විතරද රට ගිහින් හම්බ කරන්න පුලුවන්.. මේ අයට අකැපද? මේ අය ගෙවල් දොරවල්, ළමයින්ට උගන්වන්නේ මේ ලැබෙන ආදායම්වලින් තමයි. කට තිබ්බට නිවටයෙක් වෙන්න එපා...

:       3       1

BamunuarachchiMonday, 26 August 2019 11:58 AM

හා හා හමුදාවේ අයට කීයක් හරි හම්බ කරගන්න කොටි ඩයස් පෝරාවට බයවෙලා අපේ හමුදාපති ඉවත් කරගන්නද කියන්නේ? රට ගිය කොල්ලන් ආපසු ඒවි හමුදාපති අයින්කරන්න එපා කියලා. තුම්සේලා වගේ අය මෙරටට බරක් හලෝ... එහෙම හම්බ කරනවා නම් මුළු හමුදාවම රට යවන්න එපැයි... 400ක් ගිහිල්ලා මොන බම්බුවකටද? ඔහෙලා තුට්ටු දෙකකට රටත් පාවලා දේවි. ඔහේ බයිබලයේ කියවෙන ජුදාස්ට දෙවෙනි නැහැ.

:       19       30

PREMARATHNE Sunday, 25 August 2019 02:06 PM

සිංහල ජාතියට කිසිම රටක ආධාර නැතිව ජීවත් වෙන්න පුළුවන්, අපි අවුරුදු තුනක් හතරක් බඩගින්නේ ඉඳිමු. ඉන්න බැරි අයට රට හැර යන්න කියමු.. සිංහල අපි සූදානම්...

:       428       1068

Chanak los angelesSunday, 25 August 2019 06:58 PM

ඔව් ලෙමන් ෆෆ් වත් කාලා ඉන්න බැරිය නැද්ද ?

:       10       2

Chanak los angelesSunday, 25 August 2019 10:52 PM

කොහොමද ඔහොම කියන්නේ සාටකයන් විසින් රටේ වැදගත් නගරයන් ගෙඩිය පිටින්ම චීනට විකුනලානේ ආර්ථිකයේ හිල් බාගෙට වහලා තිබෙන්නේ .

:       56       27

chithranandaSunday, 25 August 2019 11:25 PM

කවදාවත් බැහැ. ඉස්සර හිටපු ශ්‍රී ලාංකිකයා නෙමෙයි දැන් ඉන්නේ. කම්මැලි, අනුන්ගෙන් යැපෙන්න බලා ඉන්න, ගොවිතැනට පයින් ගහලා ස්මාර්ට් පෝන් එක බදාගත්ත තරුණ පරම්පරාවක් සහ කිසිම නිෂ්පාදනයක් කරන්න මහන්සි නොගන්න පාලකයන් ඉන්න රටකට මේ වගේ තර්ජන සාමාන්‍යයි.

:       1       92

maheshika Sunday, 25 August 2019 02:37 PM

ඔය යුරෝපයේ හැමතැනම හැංගිලා ඉන්න කොටි, මිනීමරුවෝ ටිකට ගිහින් UN එකට බැඳිලා හිතේ හැටියට මිනීමරන්න අවස්ථාව උදාකරගන්න පුළුවන්... මොකද ඔවුන්ට කාලෙකින් සමූල ඝාතනයක් කරගන්න බැරිවුණු එකට බොහොම අමාරුවෙන් ඉන්නේ.. මොකද මිනී මැරීමට ඇබ්බැහි ඇෆ්ගනිස්ථානයට, සිරියාවට, ලිබියාවට ගිහින් හිතේ හැටියට යුද්ධ කරපල්ලා ලේ පිපාසේ සන්සිඳෙනකම්... මොකද ඔය රටවල්වල බුරුතු පිටින් ගියත් ඔය UN කියන එක නෙවෙයි අහක් ඇරලා බලන්නේ...

:       0       201

de silva Sunday, 25 August 2019 02:45 PM

එතකොට ඇමරිකන් හමුදාවේ නිලධාරීන්ට මෙහෙම චෝදනා නැද්ද?

:       0       193

Chanak los angelesSunday, 25 August 2019 07:03 PM

ඇමරිකන් හමුදාවේ නිලධාරීන්ට නැහැ හැබැයි ඇමරිකන් පුරවැසිකම ගත් අයට තිබෙනවා ..

:       57       29

ගදාව්දා Monday, 26 August 2019 09:16 AM

මෙයා අැමරිකාවට අල්ලන එකෙක්...

:       0       46

saman Sunday, 25 August 2019 02:53 PM

දැන්වත් ලාංකික අපි මිනිසුන් විදිහට ලෝකය ඉදිරියේ නැගිට ඉන්න බලමු. අපි දුප්පත් නිසා මේ රටේ කාන්තාවෝ මිනිසුන් පිටරටවලට ගෘහසේවිකාවන්, කම්කරුවන්, කුලීහේවායන් විදිහට යවා මුදල් හිඟාකන එක නවත්වා මේ රටතුළ කර්මාන්තශාලා ගොඩනගා ඒවගේ සේවයට යොදාගනිමු. ඕනෙමනම් පුහුණු ශ්‍රමිකයන් පමණක් විදේශවලට යවමු.

:       0       274

ruwanMonday, 26 August 2019 04:42 AM

බොහොම හොදයි ඔබේ මුදලින් කර්මාන්ත ශාලා ඉදිකරමු අපිම ඒවා මිලදී ගමු විදේශයන් තරහා කර ගමු බෙහෙත් පවා අපිම හදාගමු කරත්ත වලින් ගමන් යමු

:       104       1

BamunuarachchiMonday, 26 August 2019 12:04 PM

හලෝ කර්මාන්ත ශාලා දැන් කීයක් හදලා තිබෙනවාද? අර ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවේ හෝ ගාලා කාර් එළියට එනවා.. නිවට නියාලු මානසිකත්වයෙන් මිදෙන්න. මේවා සිදුවන්නේ දෙමල ඩයස්පෝරාවේ වුවමනාවට බව තේරුම් නොගන්න...

:       1       8

Chanak los angeles Sunday, 25 August 2019 03:41 PM

කට්ටිය මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩ ඇඳලා නේද?

:       202       11

BamunuarachchiMonday, 26 August 2019 01:12 AM

සිරිලංකාවේ කොයි පැත්තට ගියත් මුහුද ?

:       2       27

Jaya Sunday, 25 August 2019 11:02 PM

නියම සුද්දන්ට වැඩිය මේ වගේ කළු සුද්දෝ තමයි මේ රටට වැඩිම හානිය කරන්නේ.

:       0       37

sisira Monday, 26 August 2019 12:54 AM

ඔයාලගේ උවමනාවට ඔයාලගේ පදයට නටවන්න පුළුවන් රූකඩයක් වගේ සුදු කොඩි වනන පෙන්දෙක් වගේ හමුදාපති කෙනෙක් එනකන්ද කට බලියාගෙන උන්නේ.

:       0       41

beau Monday, 26 August 2019 01:05 AM

එහෙනම් දෙමල කොටි ත්‍රස්තයෝ පමණක් සාම හමුදාවලට බඳවාගන්න.

:       0       46

සරනපාල Monday, 26 August 2019 02:45 AM

ආර්තික සමිබාදක දැම්මහම ලංකාවේ ඉන්න දෙමල අයට ඒක බලපාන්නෙ නැතැයි....?

:       0       37

sharm warn Monday, 26 August 2019 04:41 AM

ඔයා දන්නවනේ .. දෙමල ඩයස්පෝරාවේ අයට යූ .එන් එක කවදත් උඩ ගෙඩි දුන්නා කියලා . කොහොම උනත් , සිංහල මිනිස්සුන්ට තවම කොන්දක් තියෙනවා කියලා ඒ දෙගොල්ලොම දන්නවා . අතරින් පතර පාවා දෙන්න බලාගෙන ඉන්න අයත් ඉන්නවා කියලත් ඔය දෙපාර්ශවය ම දන්නවා . ඒකයි තියෙන අවුල . අපේ හමුදාව ලෝකයේ සිටින මානුෂීය ම හමුදාව කිව්වෙත් යු.එ.න් අය නේද ?? අපිටත් හරිම ප්‍රශ්නයක් අයි මේ යුධ අපරාධ චෝදනාව ඇමරිකානු හමුදාවන්ට එල්ල වෙන්නේ නැත්තේ ඇයි කියලා . මහේෂිකා ඔයා හරි දෙගොල්ලොම එක ජාතියේ ත්‍රස්තවාදී සංවිධාන දෙකක් තමයි .

:       0       12

සංජීව Monday, 26 August 2019 05:03 AM

චෝදනා කරපු පලියට එහෙම එතුමාව අයින් කරන්න බෑ. මේවා දේශපලකින්ගේ වැරදි. සාදාරන පරීක්ෂණයක් කරලා එතුමා නිර්දෝෂී කියා ඔප්පුකරානම් ඉවරයි නේ . දේශපාලකයන්ට ඕනේ ඔවුන් තමා එතුමාව බේරාගත්තේ කියලා ලකුනුදාගන්න. දක්ෂ නිලදාරීන් බිල්ලට දීලා.

:       0       7

isurandi Monday, 26 August 2019 05:16 AM

මෙච්චර කාලයක් නැමුන හින්ද තමයි කොන්ද කෙලින් තියාගෙන වැඩක් කරන්න නොලැබුණේ. වැඩිම උනොත් අපිට සම්බාධක පනවයි. එතකොටවත් අපේ එකාලගේ ඇස් ඇරේවි අනුන්ගේ කකා නොහිට රටේ ආර්තියකය ගොඩනගන්න මහන්සි විය යුතුයි කියලා.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 140 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 298 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1288 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 180 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 383 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 349 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site