IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


එක්සත් ජාතින්ගේ 73 වැනි සැසිය සඳහා ජනපති හෙට නිව්යෝක් බලා පිටත් වෙයි

( තිළිණි ද සිල්වා )

එක්සත්  ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන මහසභා සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හෙට ( 22 ) ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

එක්සත් ජාතීන් සියලූම ජනතාවට සමීප කරවීම හා සාධාරණ, සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්වේ.

එහි ප‍්‍රධාන සැසිවාරය ලබන 25 වැනිදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිවු වන අවස්ථාව මෙය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටී.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සැසිවාරයට සහභාගීවන  ලෝක නායකයන් කිහිප පළක් සමඟ සහ එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා අන්තෝනියෝ ගුටරෙස් , පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් සමග ද විශේෂ සාකච්ඡා පවත්වනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභාව ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ති‍්‍රවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව මෙහිදී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා මීට පෙර ස`දහන් කර තිබුණි.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල ප‍්‍රධාන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව 24 වැනදා පැවැත්වෙන අතර ජනාධිපතුමා එම සමුළුව ද අමතා කෙටි දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා එදිනම පැවැත්වෙන ලෝක මත්ද්‍රව්‍ය ගැටලූව පිළිබඳ  ගෝලීය කි‍්‍රයාමාර්ගයක් සඳහා වූ විශේෂ හමුවට ද සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

ක්ෂය රෝගය මැඩලීමේ ව්‍යාපාරය සඳහා වූ සැසියක් සියලූ රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් ලබන 26 වැනදා පැවැත්වෙන අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එම සැසියට ද එක්වීමට නියමිතය.



අදහස් (4)

එක්සත් ජාතින්ගේ 73 වැනි සැසිය සඳහා ජනපති හෙට නිව්යෝක් බලා පිටත් වෙයි

ලුම්බිණි Friday, 21 September 2018 03:30 AM

හැම සැසියටම යා යුතුමද?

:       0       0

Gihan Friday, 21 September 2018 03:11 PM

ඕං රට විතරක් නෙවේ... ජාත්‍යන්තරේම හිනස්සන්න චාන්ස් එක...

:       0       0

Lalith Saturday, 22 September 2018 01:55 AM

එනකොට අරයා මොනවා කරලා තියෙයිද මන්දා?

:       0       0

Lalith Saturday, 22 September 2018 01:55 AM

එනකොට අරයා මොනවා කරලා තියෙයිද මන්දා?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 12 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 117 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 185 3

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 259 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1424 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 604 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 271 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site