IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


එක්දින සේවාවෙන් පැය 4ක දී හැඳුනුම්පතක්

(දසුන් රාජපක්ෂ) 

පැය හතරක කාලයක් තුළදී එක් දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ සේවාව මගින් හැඳුනුම්පත නිකුත් කරන වේලාව මෙම ක්‍රමවේදය යටතේ දැනුම්දෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා අද (21) පැවසීය.

මෙම සේවාව නිසා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට පෝලිම්වල සිට අපහසුතාවයන්ට මුහුණ දෙමින් දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ සිටීමට අවශ්‍ය නොවන බව ද වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.

එක් දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට දිනකට පුද්ගලයන් 150 ක් අධික පිරිසක් පැමිණෙන අතර ඒ හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තුළ ඇති වන අධික තදබදය මෙම සේවාව නිසා නැති වන බවද ඒ මහතා කීය.



අදහස් (14)

එක්දින සේවාවෙන් පැය 4ක දී හැඳුනුම්පතක්

jayamathi Friday, 21 February 2020 12:54 PM

"ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට දිනකට පුද්ගලයින් 150ක් අධික පිරිසක් පැමිණෙන අතර" 150ක්...? වෙන්න බැහැ. මම හිතන්නේ දහස් ගණනින් එනවා.

:       0       0

herath Friday, 21 February 2020 01:13 PM

මගේ හැඳුනුම් පත තවම ලැබුනේ නැහැ දැන් මාස 6ක් ඔවුන් කියන්නේ මුද්‍රණයට කාර්ඩ් නැති බව. මේවා බොරු සෝබන වැඩ.

:       0       0

CHANDIMA Friday, 21 February 2020 03:40 PM

වැඩේ තරමක් හොඳයි, ඒ වුණත් අර වෙන රටවල වගේ විනාඩි පහළොවෙන් කවුන්ටරෙන්ම හැඳුනුම්පත මුද්‍රණය කරලා දෙන ක්‍රමේ පටන්ගන්න පුළුවන් ඉල්ලුම්පත්තරේ පියුන් කෙනෙක් අතේ සිතල කාමරේකට ටයි පොලු දාගෙන ඉන්න කෙනෙක්අ ලඟට අරන් ගිහින් අනු අත්සන ගහන වැඩෙත් නතර කරලා, කවුන්ටරේ ඉන්න කෙනාටම බලතල දුන්න නම්. මොකද අනු අත්සන ගහන කෙනා ගොට්ට අල්ලාගෙන ගොයන් කපන්න ගිහින් උන්නොත් මලා.

:       9       67

sirimewanSaturday, 22 February 2020 09:19 AM

වැඩේනම් හොදයි. නමුත් ජාතික හැදුනුම්පත ගන්නට යාමේදී උප්පැන්න සහතිකයක් නැවත රැගෙන යෑමට අවශ්‍යවේ. ඒකත් මාස 6 කට කලින් ගත්තු එකක් වෙන්න ඕනා. ඒ ගත්තු උප්පැන්නයත් වලංගු මාස 6 යි. (ඔර්ජිනල් තිබ්බත් වැඩක් නැහැ), මේක මහා විහිළුවක් මොකද මිනිස්සු මාස 6 න් කල් ඉකුත් වෙනවාද ? අලුත් උප්පැන්නෙට රු 100/- මුදලක් ගන්නවා. දවස් දෙකක් රස්තියාදු වෙන්න වෙනවා.

:       0       18

රට වැසියා Friday, 21 February 2020 04:05 PM

ක්ෂනික කොත්තු රොටි විකුනනවා වගේ ජාතික හැඳුනුම්පත් රජය විසින් මිනිස්සුන්ට විකුනන කාලයකුත් එයි වගේ !!! - ජාතික හැඳුනුම් පතක් පැය හතරෙන් අරන් කරන්න තියෙන මහ ලොකු වැඩේ මොකක්ද?

:       232       8

chandimaFriday, 21 February 2020 06:23 PM

ඔන්න කිව්වා. මොන රටේ වැසියෙක්ද මේ? ලංකාවේ කෙනෙක් නම් වෙන්න බැහැ.

:       1       0

JanakaSaturday, 22 February 2020 03:10 AM

මේ වගේ හිතන කාලකන්නිත්... මේ රටේ විතරක් නෙමේ... ලෝකේ හැම රටකම ඉන්නවා. මේ අය දන්නෙත් නැහැ... හිතන්නෙත් නැහැ මේ පැය 4 කට අඩුවෙලා තියෙන්නේ පැය 8කින් ලබාදීපු සේවය කියලා. එක මිනිහෙකුගේ කාලය පැය 4ක් ඉතිරි වෙනවා කියන්නේ මිනිසුන් 100දෙනෙකුට පැය 400 ක්. දවස් 16.50ක්. මේ රටට සුළු සේවයක් හරි සලසන මිනිසුන්ටත් මේ රටටත් තේරුමක් නැතිව දියවෙලා යන කාලය හුඟක් වටිනවා... මේ හෙළ දිවයින ලෝකයේ උසස් තත්වයකට රැගෙන යන්නට.

:       2       20

RDSaturday, 22 February 2020 04:53 AM

මම දන්නවා රට වැසියා මෝඩයි කියලා... නමුත් අද ඔප්පු වුණා.

:       0       1

athuraSunday, 23 February 2020 02:40 PM

ජනක, ඔහේ ලංකාවේ නෙමෙයිද? මේ තනිකරම බොරුවක්... මම හැඳුනුම්පත හදන්න බාර දීලා පැය හයකිනුත් ගන්න බැරි වුණා.

:       0       1

Sujeewa Friday, 21 February 2020 05:44 PM

ඉහත අදහස් අනුවනම් මට හිතෙන්නේ ජනතාවට සෙතක් කලත් එයටත් විරුද්ධ වන අපි, වචනයේ අර්ථයෙන්ම කුහක ජාතියක් බවයී. මා, හැදුනුම් පතක් ඉල්ලා දැමු අයදුම්පත මාස කිහිපයකට වඩා කල්ගොස් තමා මට හැදුනුම්පත නිකුත් කලේ. ඒ හේතුවෙන් මටනම් පුදුම සන්තෝසයක් මේ ප්‍රවෘත්තිය සමග දැනුනේ. ඇයී අප ජාතියක් හැටියට මෙතරම් කුහක සහ සෑම දෙයකම වැරැද්ද පමණක් හොයන්නේ ?

:       0       0

lanka Friday, 21 February 2020 09:36 PM

ඕක මහා ලොකු කජ්ජක්ද? ඕක හරි නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් කළයුතු වැඩක්... කරන්න තියෙන්නේ සියලු ලිපි ලේඛන ලේකම් කාර්යාලයේ අදාළ නිලදාරියෙක් විසින් බාරගෙන ඔහු ගිහින් හැඳුනුම්පත් ලබාගෙන ජනතාවට බාර දීමයි. ඕක කරගන්න බැරුව ලතැවෙන රජයේ සේවයක් සහ සිස්ටම් එකක්නේ තාම ලංකාවේ තියෙන්නේ... උදාහරණයකට එක ලේකම් කාර්යාලයකට අයත් මිනිස්සු 10 දෙනෙක් වෙනවෙනම හැඳුනුම්පත් ගන්න එකම දවසේ ගියාම වැයවෙන මුදල කීයද.., කාලය කොපමණද? එම ලියකියවිලි 10ම එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් රැගෙන ගොස් පැමිණියොත් කොතරම් මුදලක් සහ කාලයක් ඉතුරු වෙනවද..? සංකීර්ණ ප්‍රශ්නයක් සහ ඉතාම සරල උත්තරයක්... ගැඹුරින් හිතන්න. වැඩේ ලේසියි. පිට රටවල් වල ජනතාව අපහසුතාවයට පත්කරන්නේ නැහැ. අනිත් ලොකුම දේ තමයි... මගේ හැඳුනුම්පත අරගත්තේ වයස 16දී... දැන් මගේ වයස 54 යි. අදටත් මම පාවිච්චි කරන්නේ වයස 16දී ගත්ත පින්තූරය සහිත හැඳුනුම්පත...

:       0       23

එරා Saturday, 22 February 2020 04:32 AM

මෙය වෙන රටවල වගේ විනාඩි කිහිපයකින් ලබාගත හැකි විය යුතුයි. නිලධාරිවාදය නිසා බැහැ. දවසකට 1000 කට වඩා හැඳුනුම්පත් සඳහා එනවා. 150 ක් නෙවෙයි.

:       0       1

de silva Saturday, 22 February 2020 10:20 AM

අඩු පහසුකම් යටතේ ජංගම සේවයෙන් පැය 4 වැනි මුද්‍රණය කරලා හැදුනුම්පත් නිකුත් කරන්න පුලුවන්නම් සියලු පහසුකම් සහිත නිත්‍ය කාර්යාලය තුල මාස 3-4 ගතවෙන්නේ කොහොමද ? මේවා ඔක්කොම උවමනාවෙන්ම පගාව ගන්න මිනිස්සු රස්තියාදු කරන්න කරන වැඩ. මේ රට හදන්න නම් ඔක්කොටම ඉස්සරවෙලා පගාව මර්ධනයට වෙනමම ඒකකයක් ස්ථාපිත කරලා එකවර අල්ලස් නඩු 10 වත් අහන්න පුළුවන් විදහට නඩුකාරයෝ 10 වත් සහිත විශේෂ උසාවියක් ස්ථාපිත කරන්න ඕනේ.

:       0       22

de silva Sunday, 23 February 2020 08:42 PM

ලංකා මහත්මයාගේ අදහස මමත් අනුමත කරනවා... හැඳුනුම්පත්..., ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත් සඳහා අයදුම්පත් ඉතා ලෙහෙසියෙන්ම පරීක්ෂාකර බලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරගන්න පුළුවන්..., ඉන්පසුව සතියකට වරක් හෝ දෙවරක් අවට තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල 7-8 කම මෙම ලිපි ලේඛන එකතු කරගෙන රජයේ වාහනයකින් කොළඹ අදාල කාර්යාලයට ගෙනත් බාරදෙන්න පුළුවන්.... වාහනය ආපසු යනවිට කලින් සතියේ බාරදුන්නු වැඩ නිමකළ හැඳුනුම්පත්, ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍ර නැවත රැගෙන යන්න පුළුවන්..., එතකොට කොළඹ වාහන තදබදයත් අඩු වේවි...!!! මිනිස්සු බොරුවට රස්තියාදු වෙන එක අඩු වෙනවා.. ජනපතිතුමනි, කරුණාකර මෙවැනි ක්‍රමයක් ක්‍රියාවට නගන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 96 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 147 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 177 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 444 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 397 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1689 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1525 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site