IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඌවේ දෙමළ පාසලක සිංහල ගුරුවරුන්ගේ ස්ථානමාරුවීම් ගැන පැමිණිල්ලක්

(එෆ්.අස්ලම්)
 
ඌවේ ප්‍රබල  අමාත්‍යවරයෙකුගේ නියෝග මත තමන් ස්ථාන මාරු කර යැවීමට සැරසෙන බවට බදුල්ලේ දෙමළ විදුහහලක සියලුම සිංහල ගුරුවරියන් බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.
 
මේ සම්බන්ධයෙන් සොයා බැලිම සදහා බදුල්ල කළාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එම විද්‍යාලය වෙත ගොස් විමර්ශනයක් සිදුකිරීමටද පියවර ගෙන තිබේ.
 
ඌවේ ප්‍රබල දමිළ අමාත්‍යවරයෙකු සිය පළාත් අමාත්‍යංශයේදී දෙමළ බාලිකා විදුහලේ විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලය කැඳවා මෙම විද්‍යාලයේ ඉංග්‍රීසි හා දෙවන බස සිංහල විෂය ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරියන් සිව් දෙනාම විද්‍යාලයේ බලධාරීන්ගේ ඉල්ලීම මත වෙනත් පාසල් වෙත ස්ථාන මාරු කර යවන බව ප්‍රකාශ කර තිබිණි.
 
මේ සම්බන්ධයෙන් අදාල පියවර ගන්නා ලෙසට එකී අමාත්‍යවරයා ඌවේ අධ්‍යාපන බලධාරීන්ටද නියෝග කර ඇති අතර මේ පිළිබද සැලවූ එම ගුරුවරියන් මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කර ඇත්තේ ඒ අනුවය
 
මෙම විද්‍යාලයේ විදුහල්පතිනිය සහ නියෝජ්‍ය විදුහල්පතිනිය ජාතිවාදී ස්වරූපයෙන් කටයුතු කරන බවත් ඔවුන් විද්‍යාලයේ සේවය කරන සිංහල හා මුස්ලිම් ගුරුවරියන්ට කෙනෙහිලිකම් සිදුකරන බවත් මෙම ගුරුවරියන් චෝදනා කර සිටිති.
 
මේ සම්බන්ධයෙන් බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදි සදහන් කර සිටියේ ඒ ආකාරයේ රාජකාරීමය පැමිණිල්ලක් තමන් වෙත ලැබී ඇති බවත් තමන් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත්ය.
 



අදහස් (3)

ඌවේ දෙමළ පාසලක සිංහල ගුරුවරුන්ගේ ස්ථානමාරුවීම් ගැන පැමිණිල්ලක්

ජයන්ත මිලානෝ Sunday, 20 January 2019 11:01 AM

සිංහල මිනිසුන් කොපමණ සුහදශීලි වුවත්, ගුණවන්ත වුවත්, දෙමළ අය තමන්ගේ ජාතිය සහ ඔවුන්ගේ පැවැත්ම ගැන බොහෝ නුවණින් හිතලා ඉදිරි අනාගතය සැලසුම් කරන ජාතියක්. ඒ අය කපටි ලෙස සිංහල නායකයන් හසුරවන්න දන්නවා. අතීතයේ සිට බැලුවොත් සාක්ෂි එපමණයි. සිංහල නායකයන් ජාතිය ගැන නොසිතා තම පැවත්ම උදෙසා කටයුතු කළ ජාතියක්...

:       0       155

vipula Monday, 21 January 2019 03:21 AM

සිංහල වූ අප අනෙකුත් ජාතීන් වෙනුවෙන් කොපමණ දේ කැප කරාද? සිංහ කොඩියට තවත් පාට දැම්ම . විශාල බදු මුදලක් යොදවල පළාත්සභා පටන්ගත්ත. වාහන වල නොම්මර තහඩුවේ ශ්‍රී අකුර නැති කරගත්ත.සිංහලෙන් විතරක් ගායනා කල ජාතික ගීය දෙමළෙනුත් ගායනා කරන්න ඉඩ දුන්න. නමුත් කනක් ඇහිලා ඉන්න නැහැ.

:       0       0

Kirthi Monday, 21 January 2019 05:33 AM

සිංහල පළාත්වල තිබෙන සියලුම පාසල්වල මාධ්‍ය සිංහල භාෂාවට හරවන්න. තව අවුරුදු විස්සකින් විතර භාෂා ප්‍රශ්නේ නිකම්ම විසදේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 312 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 324 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 64 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1403 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3077 5

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 3698 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site