(එෆ්.අස්ලම්)
සේවක වැටුප් ගෙවීම පවා අසීරු තත්වයකට පත්ව ඇති ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් පළාත් සභාවට රුපියල් කෝටි ගණනාවක පාඩුවක් සිදුව ඇතැයි පළාත් විගණන දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයෙන් අනාවරණය වී තිබේ.
මෙකී දූෂණ අක්රමිකතාවන් අධ්යක්ෂ මණ්ඩලයේ ඍජු අධීක්ෂණය යටතේ හෝ නිහඩ අධීක්ෂණය යටතේ සිදුව ඇති බව නිරීක්ෂණය වන බවට ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දෙමින් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
මේ අනුව ඌව පළාත් ප්‍රවාහන හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ රාජ්‍ය සාමාජිකයෙන් හය දෙනෙකුට ලබන 6 වැනිදාට පෙර නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ලෙසට ද ආණ්ඩුකාරවරයා සිය ලිපිය මගින් තවදුරටත් දැනුම් දී තිබේ.
අනුමත කාර්ය මණ්ඩලයට අමතරව බදවා ගැනීමේ පටිපාටියට පටහැනිව අධිකාරියේ මූල්‍යමය තත්වය නොසළකා සුදුසුකම් නොමැති අය සේවයට බදවා ගැනීම,ප්‍රඥාප්ති සංශෝධනයට පෙර හා පසුව බදවා ගත් කාර්ය මණ්ඩලය වෙත වැටුප් දීමනා ගෙවීමේදී වැටුප් හා සේවක කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන නොතිබීම හා අධිකාරියේ මූල්‍යමය තත්වය නොසළකා හැරීම,බලපත්‍ර අලුත් නොකර ධාවනය වන බස් රථවල ගාස්තු අය නොකිරීම හා මාර්ග බලපත්‍ර අවලංගු නොකිරීම, බලපත්‍ර අලුත් නොකර ධාවනය වන බස් රථවල ගාස්තු අය නොකිරීම හා මාර්ග බලපත්‍ර අවලංගු නොකිරීම මගින් ප්‍රවාහන අධිකාරිය වෙත හිමිවීමට ඇති විශාල මුදල් ප්‍රමාණයක ආදායමක් අහිමි වීම,මාසික ලොග් බලපත්‍ර ගාස්තුව විධිමත් පරිදි අයකර නොගැනීම මත අධිකාරියේ මූල්‍ය ශක්තිය වර්ධනය කරගැනීම පිළිබද නොසැළකිල්ලක් දැක්වීම,රියදුරු කොන්දොස්තර බලපත්‍ර නිසි පරිදි අලුත් නොකිරීමට කටයුතු කිරීමෙන් අධිකාරිය වෙත ලැබීමට ඇති විශාල මුදල් ප්‍රමාණයක ආදායමක් නොගැනීම යන චෝදනාවන් මෙම පාර්ශවය වෙත එල්ල වී තිබේ.
මීට අමතරව බස් රථධාවනයේදී සිදුවන එක්එක් අඩුපාඩු මත අයකරනු ලබන දඩ මුදල් නියමිත දඩ මුදලට වඩා අඩුවෙන් අයකිරීමෙන් අධිකාරියට පාඩුවක් සිදුකිරීම,බස්රථ සදචහා ටිකට් පොත් අලෙවි නොකිරීම හා බස් රථ හිමියන් ටිකට් පොත් ලබා නොගැනීම මත ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම හා ටිකට් පොත් අලෙවියෙන් අධිකාරියට ලැබීමට ඇති අදායමක් අහිමි කිරීම,මාර්ග බලපත්‍ර අළුත් කිරීම,මාරුකිරීම යනාදී කටයුතු වලදී නිසි අනුමැතියෙන් තොරව කටයුතු කිරීම,ඉහත කාරණාවන්ට අනුව අධිකාරිය වෙත ලැබිය යතු දාදායම් ලබානොගැනීමට කටයුතු කිරීම මත කාර්ය මණ්ඩල වැටුප් හා දීමනා ගෙවීමට බැංකු අයිරා පහසුකම් හා ණය අත්තිකාරම් ලබාගැනීමට කටයුතු කිරීම,මෙම අධිකාරියේ තීරණ ඝන පූර්ණයක් නොමැතිව ගෙන යෝජනා අනුමත කර ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් චෝදනා 11ක් අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වෙත එල්ල කර තිබේ.
ඉහත හේතුන් මත ඌව පළාත් ප්‍රවාහන අධිකාරිය පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති අතර සේවක වැටුප් ගෙවීමට නොහැකි තත්වයක් ද උද්ගත වී ඇතැයි ආණ්ඩුකාරවරයා ප්‍රවාහන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
ඉහත සඳහන් අක්රමිකතාවන් සම්බන්ධයෙන් ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් දසයානන්ද රත්නායක, ක්‍රීඩා අමාත්‍යංශයේ ගණකාධිකාරී එච්.එන්.ඩී.ජයලත්,අධ්‍යාපන අමාත්‍යංශයේ ගණකාධිකාරී කේ.ඒ.ඒ.සංජීව,පළාත් පාලන කොමසාරිස් එම්.එම්. විජේනායක,ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය චරිත බන්ඩාර,සහකාර පොලිස් අධිකාරී ඩබ්.එම්.පී.කේ.වීරසේකර අයට ඌව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ලිඛිතව දැනුම් දී තිබේ.
පසුගිය කාලය පුරාම සිදුවූ සිද්ධීන් මෙලෙස ආණ්ඩුකාරවරයාගේ අධීක්ෂණය මත විමර්ශනයට ලක්ව ඇතැයිද ඌව පළාත් සභාවේ ආරංචිමාර්ග ලංකාදීපයට සදහන් කර සිටීයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඌව ප්‍රවාහන අධිකාරියේ කෝටි ගණනක පාඩුවක්
රවින් Thursday, 31 October 2019 12:23 PM
2015 සිට මේ දක්වා ඔය පළාතට ආණ්ඩුකාරවරු කීදෙනෙක් හිටියද? මහඇමති මොනවද කලේ? පිටරට සවාරි කීයක් ගියාද? ඒවායින් පළාතට වූ සේවය ඇගයීමක් කළාද? දූෂිතයන් කොපමණ මහජන මුදල් කොල්ල කාලාද? සවිස්තරව පළකලොත් තමයි පිස්සුවේ තරම හොයාගන්න පුළුවන්...