IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඌව ප්‍රධාන ඇමති අත්අඩංගුවට ගන්න‘යි ගුරුවරු කියති

විනීතා එම්. ගම⁣ගේ

බදුල්ලේ දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහලපතිනිය දණ ගැස්වූ  හා තර්ජනය කළ ඌව පලාත් ප්‍රධාන අමාත්‍යවරයාව කාන්තා හිංසන චෝදනා යටතේ වහා අත් අඩංගුවට නොගතහොත් ගුරුවරු සහ විදුහල්පතිවරු වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීම⁣ට සුදානම් බව ලංකා ගුරු සංගමය පවසයි.

තර්ජනය කිරීමෙන් නොනැවතී පසුව බිය ගන්වා ඇය ලවා  අසත්‍ය ප්‍රකාශයක් බලෙන් ලබාගැනීම පිළිබඳවද මහඇමතිවරයාට එරෙහිව පියවර ගත යුතුයැයි ලංකා ගුරුසංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.

මේ අතර ඇගෙන් අසත්‍ය ප්‍රකාශයක් බලෙන් ලබා ගැනීමට හවුල් වූ බව කියන ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකාව, පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකාවට එරෙහිවද වහා විනය පියවර ගන්නැයි ඉල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යැවූබව ද⁣ ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කලේය.

මෙම නිලධාරින් සම්බන්ධයෙන් අමාත්‍යංශය ගන්නා පියවර පිළිබඳ විමසිල්ලෙන් සිටින බව ද ලේකම්වරයා තවදුරටත් පැවැසීය.



අදහස් (26)

ඌව ප්‍රධාන ඇමති අත්අඩංගුවට ගන්න‘යි ගුරුවරු කියති

Raveendra Saturday, 20 January 2018 05:28 AM

ආපෝ කීයටවත් මේවගේ " මුසල අම්බරුවන් " ආණ්ඩුවේ බෝඩිමට නම් යවන්න එපා, මහජන මුදල් වලින් එක වේලක්වත් කන්න ඉඩ තියන්න එපා එය ඔබ,අප සැමටත් පාපයකි. මෙවන් කාලකන්නින්ව සමාජයෙන් තුරන් කලයුතුමය.

:       0       88

upali Saturday, 20 January 2018 05:40 AM

ජනාධිපති තුමනි, ඔබගේ ඉතා වටිනා කතා වලට අපි වශී වෙලා ඉන්නේ. ඔබගේ අදහස් ක්‍රියාත්මක වුනානම් අද අපි මීට වැඩ හොද තැනක ඉන්නවා. ඉතින් මම ඉල්ලා සිටින්නේ ඔබ කියන පරිදි නිතිය අකුරටම මේ අයට ක්‍රියාත්මක වෙයිද..?

:       0       58

ජයන්ත මිලානෝ Saturday, 20 January 2018 05:55 AM

කාන්තාවන්ට විරුද්ධව කාන්තාවන් ,දැයේ දැස් එළිය කරන ගුරුවරුන් ගෙ ගරුත්වය කෙළෙහන මේ වගේ ඇමැති ,පාසල් ගියා යැයිද සොයා බලා නූගත් කමින් ඇමති කම් ගත්තාට නඩු දැමීම යුතුයි .

:       0       4

jayasekara Saturday, 20 January 2018 05:57 AM

ඉතා හොද තීරණයක්... දමිල උනත් ඔබ තුමියට වුන අසාදරණයට අපි ඔබේ පැත්තේ ගරු විදුහල්පති තුමියනි ... මේ වගේ දේශපාලන නිසා තමා ජනවාර්ගික ගැටළු පැනනගින්නේ.... රටවල් වල ජාතීන් අතර ගැටළු හදන්නේ මේ අය තමයි.

:       0       37

jayasekara Saturday, 20 January 2018 05:59 AM

ඕකත් අර දිගම සාරි පොටේ කෙස් එක වගේ වෙයි.

:       0       9

Daya Saturday, 20 January 2018 06:17 AM

අනිවාර්යෙන්ම කල යුතු දෙයක්.

:       0       21

සපුමල් බණ්ඩාර. Saturday, 20 January 2018 06:24 AM

රටේ සියළුම ගුරුවරු හා සිසුන් පාරට බැහැලා මේ උද්ධච්ඡ මහ ඇමති ඉල්ලා අස්වී ගෙදර යනතුරු උද්ඝෝෂණය කළ යුතුයි.

:       0       54

shelton Saturday, 20 January 2018 06:31 AM

යහපාලනය කරන්නනම් කෝටුව අතට ගන්න වෙනවනේ. නගුට විසින් බල්ලන්ව නටවන්න වෙනවා.

:       0       2

Daham Saturday, 20 January 2018 06:58 AM

බස් වල මොනවද විකුණන්න යවන්නත් ඕනේලුනේ....

:       1       37

Chandra PodimenikeSaturday, 20 January 2018 09:56 AM

මේ අධම ක්‍රියාව යට ගැසීමට තවත් කාන්තාවන් තිදෙනෙක්ම හවුල් වීම මුළු කාන්තා සංහතියටම නින්ඳාවක්.

:       0       104

සපුමල් බණ්ඩාරSunday, 21 January 2018 03:47 AM

මේ නින්ඳිත ක්‍රියාව රටට හෙළිකළ ජ.වි.පෙ. සමන්ත විධ්‍යාරත්න මන්ත්‍රිතුමනි, ඔබට සමස්ත ගුරු, සිසු පරපුරේම උපහාරය හිමි විය යුතුයි.

:       0       107

Sunil Saturday, 20 January 2018 06:58 AM

ලංකා ගුරු සංගමයට මේ රටේ ශීලාචාර උගත් ජනතාවගේ ප්‍රණාමය.

:       0       86

Di laantharas Saturday, 20 January 2018 06:59 AM

උමා ඔය ඉරිතැල්මකින් මොවුන් අවීචි නරකාදියට යැවිය යුතුයි.

:       6       33

VajiraSunday, 21 January 2018 03:46 AM

නරකාදියට යනකන් බලාගෙන ඉඳලා බෑ. රටේ සියළුම ගුරුවරු පාරට බැහැලා මේ උද්ධච්ඡ මහ ඇමති ඉල්ලා අස්වී ගෙදර යනතුරු උද්ඝෝෂණය කළ යුතුයි.

:       0       104

rocky Saturday, 20 January 2018 07:00 AM

21 වැනි ද ඉරිදා ලංකාදීපයේ නිම්තෙර අතිරේකයේ, බදුල්ලේ පාලිත ආරියවංශ නම් වාර්තාකරුගේ නමින් පලවී ඇති ලිපියෙන් කියවෙන්නේ වෙනත් කතාවකි. ඔහු පෙන්වන්නේ මේ කතාව ජවිපෙ අය ගොතපු බොරුවක් බවයි! සමහර විට මහා ඇමැතිගෙන් ජරාව කාපු කෙනෙක් වියහැකියි. ඔය විදිහේ දේශපාලන අතකොලු හැටියට වැටෙනවා! මහා ඇමතිට, අදාළ නිලධාරීන්ට මෙන්ම මේ අයටත් එරෙහිව නඩු පැවරීම සුදුසුයි !

:       1       114

සපුමල් බණ්ඩාර.Saturday, 20 January 2018 09:45 AM

කිව්වේ ජ.වි.පෙ. සමන්ත විධ්‍යාරත්න මන්ත්‍රි බොරුවට අපහාස කරනවා. කීර්තිනාමය විනාශ කළා කියලාට මිලියන 500ක් වන්ඳි ඉල්ලලා නඩු දානවා කියලා. නඩු කෙසේ වෙතත් දැන් එයාට රෙද්දක් ඇඳගෙන පාරට බහින්න බැරි වෙනවා. ආයිත් වතාවක් සමන්ත මන්ත්‍රිතුමාගෙන් කෑවා අමතක නොවෙන පරිප්පුවක්.

:       0       105

Prase Saturday, 20 January 2018 07:08 AM

ඒක ඇත්තක් නෙමෙයි... ඇමැතිවරු ඒ ගැන ඇගෙන් අහන්නේ නැහැ. ඇය පවසන්නේ කෙදිනකවත් එසේ නොකළ බවයි.

:       163       154

sam Saturday, 20 January 2018 07:54 AM

ගුරුවරියෙක් දන ගස්සවලා, අවමන් කරලා, උසාවියෙනුත් වැරදිකරුවෙකු කරලා දඬුවම් ලබාපු දේශපාලකයකුට පක්ෂ සංවිධායක කමක් ප්‍රධානය කරපු (ඇඳුම් ඇඳගෙන ඒක ප්‍රදානය කළා වුණාට හිටියේ නිකන් බව නොකිවමනායි) නායකයෙකුගෙන් මේවාට විසඳුම් බලාපොරොත්තු වීම විහිළුවක්...

:       1       760

PerakumSaturday, 20 January 2018 09:25 AM

sam විතරයි මෙතන හරි කමෙන්ට් එකක් දාල තියෙන්නේ. අපි අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන හිටියට වැඩක් නැහැ. හැම දේශපාලුවෙක්ම එක වගෙයි මට පෙනෙන්නේ.

:       0       37

NissankaSunday, 21 January 2018 03:51 AM

මෙවැනි මිනිස්සුන්ට ඡන්දය දී වැඩිම මනාපයෙන් පත්කර හරින්නේ අපේ රටේ උගත් බුද්ධිමත් චන්දදායකයොම තමා. අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඕන.

:       0       75

NDS silva Saturday, 20 January 2018 08:08 AM

අනිවාර්යයෙන් පාඩමක් ඉගැන්වීම කල යුතුමයි. ජනාධිපතිතුමනි, මොහුව අපායටම යවන්න.

:       24       19

vipulaSaturday, 20 January 2018 04:51 PM

ඇයි ඔයාට අමතක උනාද මේ වගේ වැරද්දක් කරපු දේශපලකයෙක්ට ප්‍රාදේශීය පක්ෂ සංවිධාන කමක් දුන්න බව.

:       0       34

Shan Saturday, 20 January 2018 08:34 AM

මෙන්න ගන්නවා නම් තීරණ. පක්ෂෙන්වත් එලවලා දාන්න.

:       0       35

de silva Saturday, 20 January 2018 10:48 AM

මේ දවස්වල ලොකු මහත්මය කඩුව බටේ දමාගෙන ඉන්නේ ඕව ගැන සොයල බලල කොමිසම් පත්කරලා , කඩු මුවහත් කරගෙන එනකොට , පෙරහැර ගිහින් ඉවරය ,

:       0       54

parakkrama Saturday, 20 January 2018 01:21 PM

වැරදි කළ අය හිරේ දාල, අවීචි මහා නරකාදියට ගියදාටයි ගෙදර යන්නේ කියන්න ඉස්සරවෙලා වතාවක් කිව්වේ එහෙම අයට මඩු වලිගෙන් තලනවා කියලයි . පුංච් ඡන්දය ළඟ හින්දා පාඩුවක් වීමට ඉඩ ඇති නිසාත් , මඩු වලිගයක්වත් හොයා ගන්න මඩුවෙක් අල්ලගන්න ඕනෑ නිසාත් , මෙතෙක් කල් ගත්ත ක්‍රියා මාර්ග , වගේ තව ටිකක් කල් යයි නේද?

:       0       1

පිටිගල මිලානෝ Saturday, 20 January 2018 03:38 PM

උමා ඔය ව්‍යාපෘතිය වේගයෙන් ක්‍රියාත්මක කලේ මහින්ද රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ.

:       217       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 61 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 96 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 503 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 425 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 151 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1543 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site