IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඌව පළාත් සෞඛ්‍ය සේවක වර්ජනය අවසන්

ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ
 
තමන්ගේ හිඟ අතිකාල දීමනා වහා ලබාදෙන දෙසට බලකරමින් ඌව පළාත් සභාව තුළට කඩාවැදී පැය 3 ක් පමණ කාලයක් ‍විරෝධය පළ කළ ඌව පළාතේ සෞඛ්‍ය සේවකයෝ  ප.ව. 2.30  විරෝධතාව නවතා පළාත් සභා පරිශ්‍රයෙන් ඉවත්වූ‍හ.                                                   
ඌව පළාත් සභා රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන් හැර අනෙකුත් සියලුම කාර්ය මණ්ඩලවලට මාස තුනක කාලයක් අතිකාල නොලැබීම මෙම විරෝධතාවට හේතු වී ඇත.
 
අද(12) දිනය පුරා එම සේවකයින් පළාත් සභාවේ නිලධාරීට හා සේවා ලබා ගැනීමට පැමිණි
මහජනතාවට බාධා වන අයුරින් පැයකට අධික කාලයක් උද්ඝෝෂණයක නිරතව සිටියහ.
 
මෙහි හෙද හෙදියන්,කනිෂ්ඨ කාර්ය්‍ය මණ්ඩලය,රියදුරන්, ඖෂධවේදීන්,විකිරණ ශීල්පීන් ඇතුලු රෝහල් සේවකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 
ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා සහ සෞඛ්‍ය ලේකම් අනිල් විජේසිරි මහතා පළාත් සභාවේදී හමුවී සාකච්ජාවක නිරත විය.
 
එහිදී වෘත්තීය සමිති 15ක නියෝජිතයින් ප්‍රධාන අමාත්‍යවරයාට කියා සිටියේ මාස තුනක අතිකාල නොලැබීම නිසා වැඩ වර්ජනයේ හා උද්ඝෝෂණයේ නිරත වන බවයි.
 
එහිදී  චාමර සම්පත් දසනායක මහතා මෙසේ කියා සිටියාය.
 
“මට මේ ප්‍රශ්නය අද වෙනකම් කවුරුත් කිව්වේ නෑ. මම මිලියන 940ක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා තිබෙනවා. එයින් 350ක් ලැබුනා. ඉතිරි මුදල ලැබුනාම මේ ප්‍රශ්නය විසඳන්නම්. ජනවාරි 15ට කලින් ප්‍රශ්නය විසඳනවා. 2019 දී මෙවැනි මුදල් හිඟයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ” 
 
මෙහිදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ලේකම් අනුරුද්ධ ඉන්දික මහතා කියා සිටියේඅතිකාල දීමනා ලැබෙනතෙක් අඛණ්ඩව උද්ඝෝෂණවල නිරත වන බවයි.

(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)



අදහස් (0)

ඌව පළාත් සෞඛ්‍ය සේවක වර්ජනය අවසන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 220 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 593 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1510 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1753 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 547 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 255 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site