IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඌව පළාත් මන්ත්‍රීවරුන්ගේ රුසියා ගමන ජනපති නියෝගයෙන් නවතී

(ඩී.කේ.රත්න )


ඌව පළාත් සභාවේ ජනතා විමුත්ති පෙරමුණ මන්ත‍්‍රීවරුන් දෙදෙනා හැර අනෙක් මන්ත‍්‍රීවරුන් තිස් දෙදෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළද එම සංචාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් නතරවී ඇතැයි ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශණ දෙනිපිටිය මහතා අද (19) පැවසීය.


රුසියාවේ මාර්ග සංවර්ධන අධ්‍යයන චාරිකාවක් සදහා ඌව පළාත් සභවේ මන්ත‍්‍රීවරුන් තිස් හතර දෙනාම රුසියාවේ සංචාරයක නිරතවීමට සැලසුම් කළද ඌව පළාත් සභාව මෙ වන විට මුහුණ පා ඇති දැඩි මූල්‍ය අර්බුධකාරී තත්වය මත මෙම සංචාරයේ නිරතවීමට ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරුන් දෙදෙනා කටයුතු නොකළ අතර දැඩි මූල්‍ය අර්බුදකාරී තත්වය මත  අනෙක් මන්ත‍්‍රීවරු තිස් දෙදෙනාද සහභාගීවීම පිළිබදව දැඩි විරෝධය දැක්වූහ.


කෙසේ වෙතත් මේ වන විට මෙම සංචාරය නතර කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දීම සදහා කිසිදු මන්ත‍්‍රීවරයෙකු මෙම සංචාරයේ නොයෙදෙන බවත් පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨයෙක් මෙම සංචාරය සැළසුම් කළ බවත් ඌව පළාත් සභාවේ සභා නායක මේජර් සුදර්ශණ දෙනිපිටිය මහතා  පැවසීය.



අදහස් (9)

ඌව පළාත් මන්ත්‍රීවරුන්ගේ රුසියා ගමන ජනපති නියෝගයෙන් නවතී

Ravendra Sunday, 19 August 2018 10:57 AM

මූල්‍ය අරබුදය නොවෙයි, රටම විනාශ වෙනවා කිව්වත් මේ අයගේ නාස්තිය වැළැක්වීමට නොහැකි බව මෙය තවත් එක් උදාහරණයකි. සාමාන්‍ය දැනුමක් තිබෙන කෙනෙකුට වුණත් තේරුම් ගැනීමට හැකි සරල දෙය මේ නිවටයින්ට නොතේරෙන්නේ මන්ද? එමගින් ස්ථිරවන්නේ දියවන්නා ඔයේ සිටින අම්බරුවන්ගේ සහ මෙම අයගේ වැඩි වෙනසක් නැති බව නොවේද?

:       0       162

Di.lantharasMonday, 20 August 2018 12:27 AM

වැඩේ නිශ්පාදනය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමේ සංචාරයක් කේරළයට දෙමු

:       0       0

ජයන්ත මිලානෝ Sunday, 19 August 2018 11:04 AM

මෙවැනි ලිපි මගින් ජනතාව දැනුවත් කරන එකට ලංකාදීපයට ස්තුතිවන්ත වෙනවා. මෙමඟින් ජනතාව දැනුවත් වී ඉදිරි මැතිවරණවලදී බුද්ධිමත් වේ නම් කොපමණ වැඩියෙන් රටට යහපතක් වේද?

:       0       132

Ruwan Sunday, 19 August 2018 11:39 AM

අර විදුහල්පතිනියට තර්ජනය කරපු ශ්‍රී.ල.නි.පෙ හාදයා සභාපති පුටුවේ ඉන්න මැතිසභාව නේද මේ? අන්තිම පාරනේ කියලා තිබෙන සැප ඔක්කොම ගමු කියලා හිතනවා ඇති.

:       0       72

රවින් Sunday, 19 August 2018 12:29 PM

මේ පළාතේ මහ ඇමති නේද පහුගිය දවස් වල කියලා තිබුනේ බල්ලන්ට කටු දුන්නම වලිගේ වනනවා කියලා... කට්ටියම ලෑස්ති වෙලා ඉන්නැති කටුටික සූප්පන්න. මහ ඇමතියා හොඳ ගැහිල්ලක් ගහලා වගේ...

:       0       49

kalani Sunday, 19 August 2018 12:50 PM

මිහිරි ස්වප්නමය රුසියානු සංචාරය අවලංගු කිරීමට කටයුතු කළ ජවිපෙ මන්ත්‍රීවරුනි. බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරුන් එම දිස්ත්‍රික්කයේත්, මොනරාගල මන්ත්‍රීවරුන් එම දිස්ත්‍රික්කයේත් ගමකින් ගමකටම සංචාරයකට රැගෙන යන්න. විශේෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ පිපාසයට බීමට දිය බිඳක් සොයමින් ඇවිදයන ගැමි දිළිඳු ජනතාවත්, පලු, වීර හෝ කොහොඹ ගස් සෙවනක හාමතින් අකුරු කරන අහිංසක දරුවන් සහ බ්‍රිතන්‍ය පාලකයින් විසින් විනාශ කළ වෙල් ලක්ෂයේ {වෙල්ලස්ස} කැඩී බිඳී ගිය වැව් අමුණු , බිබිලේ දොඩම් වගාවට අත්කළ මහා විනාශය පෙන්වන්න. සයිමන් නවගත්තේගම සුරින්ගේ ' ක්ෂිර සාගරය කැලඹුණි' කෙටි නවකතාවේ සල්ලාල අධිරාජයා ස්වකීය අධිරාජ්‍යයේ ඇවිද ජනතා දුක හඳුනා ගත් අයුරු මොවුන්ට ජනතාවගේ කඳුළු පෙන්වන්න. රුසියානු සංචාරයට වෙන් කළ මුදල වැව් අමුණු හෝ නළ ළිං තුන හතරක අවශ්‍යතාවයට වැය කිරීමෙන් ලබන පින් අනුමෝදන් කරවන්න. නොඑසේ නම් තණමල්විල - හම්බෙගමුව, බලහරුව හරහා ඌව - කුඩාඔය අබලන් පාර සකස් කර දීමට කටයුතු කරවන්න.

:       0       136

Sisili Bisili Sunday, 19 August 2018 01:08 PM

පෙට් ස්කෑනර් එක ගන්න ජනතාවගෙන් මුදල් එකතු කළා. ඒවාට නම් සල්ලි නෑ.

:       0       18

Hafeel Sunday, 19 August 2018 03:30 PM

බස්නාහිර සැප පුටු, රෝසිගේ වැසිකිලි සහ ඌව විදේශ සවාරි, මේ නාස්ති සේරම නැති කිරීමේ ගෞරවය ජවිපයට...

:       0       84

upali Monday, 20 August 2018 02:18 AM

ඔන්න බලන්න තව ටික දවසකින් කට්ටිය යන්නේ නැද්ද කියලා...!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 148 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 314 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1361 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 197 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 408 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 368 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site