IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


උමා ඔයේ ජලයෙන් ස්වභාවික ජල ධාරා විනාශ වෙනවාලු

(විනීතා එම් ගමගේ)

උමා ඔය ඉහළ උමගෙන් පිටතට එන ජල දහරට වැඩ බිමෙන් එකතු වන කැලි කසල හා රසායනික මුසු වී එම ජලය පහළින් ඇති ස්වභාවික ජල මූලාශ‍්‍ර හා එක්ව ප‍්‍රදේශයේ  ජල දුෂණයක් සිදුවෙතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
ගල්කුඩු සිමෙන්ති ඉදිකිරිම් වැඩ බිමෙන් ඉවතලන විවිධ රසායනික අඩංගු ටින් මලූ සිලිකන් විවිධ රසායන ද්‍රව්‍ය ආදිය නිසා ජල දුෂණය  වන අන්දම එහි කළ අධ්‍යයන චාරිකාවක දී දුටු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා  පැවැසීය. 
මේ වන විට කරඳගොල්ල සිට පහළට සියලූ ජල මූලාශ‍්‍ර දුෂණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
විෂ සහිත ජලය ගලා එන මාර්ගවල සියලූ මසුන් කුඩා ජීවීන් කූඩාල්ලන් වත් කූරන් පෙද පාසි දිය සෙවෙල සියල්ල මේ වනවිට මැරී ගොස් ඇතැයි කී තෙන්නකෝන් මහතා උමගේ ජලය මිශ‍්‍ර වීමට පෙර ප‍්‍රදේශවල ජලය හොඳන් ඇති බව ද කීය. 
ජල දහරේ ඉහළ කොටසින් සතුන් ජලය නොබොන බව තමන් නිරික්ෂණය කළේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
මෙම පරිසර විනාශය වැළැක්වීමට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවලට ලිපි යැවූ බව කී තෙන්නකෝන් මහතා ඉක්මණින් පියවරක් නොගතහොත් බරපතල විනාශයක් වන බව සඳහන් කළේය. 



අදහස් (4)

උමා ඔයේ ජලයෙන් ස්වභාවික ජල ධාරා විනාශ වෙනවාලු

PITIGALA MILANO Monday, 21 August 2017 01:00 PM

ආත්මාර්ථය මුලික අරමුණ ලෙස තබාගෙන ලංකාවේ සුන්දරතම ප්‍රදේශයක් සහ ස්වයංපොෂිත සහ උසස් මානව ගුණධර්ම වලින් පිරුණු ජන කොටසක් විනාශ කල මෙම විනාශකාරී ව්‍යාපෘතිය පටන් ගත් දේශපාලකයින් මතු ආත්මවලත් හම්බන්තොටට ආසන්නවම උපදීවා..!

:       124       466

sahan Monday, 21 August 2017 02:29 PM

බණ්ඩාරවෙලට මේ විනාශය කල හොර පවුලේ අයියලාට, මල්ලිලාට, වතුර නැති සහරා කාන්තාරේ ඉපදිලා දුක් විඳින්න වෙයි...

:       70       257

Bandara Tuesday, 22 August 2017 12:26 AM

මෙම විනාශකාරී ව්‍යාපෘතිය යෝජනා කලේ ජ වී පෙ 2004 දී , ඔවු වග කිය යුතුයි

:       158       67

indunil priyanthaTuesday, 22 August 2017 02:49 AM

හම්බන්තොට හොරා කරපු පව් නිකන් ජවිපෙ පිට පටවන්න එපා. පුලුවන්නම් ඔප්පු කරන්න සමන්ත සහෝදරයා නෙත්තම් ඒ මිනිස්සුන්ට කවුද හිටියේ?

:       3       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 399 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 776 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 670 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 942 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 753 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 108 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site