IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උපකාරක පන්තිවලට 100කට වැඩියෙන් එන්න අවසර දියහැකි දැයි සළකා බැලේ

(ඩයනා උදයංගනී)


උපකාරක පන්ති සඳහා සිසුන් 100කට වැඩියෙන් සහභාගී කරවා ගැනීමට අවසර දිය හැකිදැයි සළකා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබා දී තිබේ.


සිසුන් 100ක සීමාව තුළ පන්ති පවත්වා උසස් පෙළ විෂය නිර්දේශ ආවරණය කිරීම අසීරු බව පවසමින් උපකාරක පන්ති දේශකවරුන් කර ඇති ඉල්ලීම් සළකා බලා ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


පක්‍ෂ නායකවරයෙක් සහභාගී වන දේශපාලන රැස්වීමකට දුරස්ථභාවය ආරක්ෂා කරගෙන 500ක් සහභාග කරවාගත හැකි අයුරින් සෞඛ්‍ය විධිවිධානවලට යටත්ව උපකාරක පන්ති සඳහා ද වැඩි සිසුන් ප්‍රමාණයක් සහභාගී කරවාගත හැකි දැයි සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.


එමෙන්ම අ.පො.ස උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්විය හැකි නිශ්චිත දින වකවානු හා විභාගය පැවැත්වෙන ආකාරය ඉක්මණින් නියම කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට දැනුම් දුන් බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී  අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.


විභාගයට අදාළ  විවිධ පාර්ශව සමඟ පළාත් හා දිස්ත්‍රික්ක මටට්මින් සාකච්ඡා කර ගුරුවරුන්, සිසුන් හා අධ්‍යාපනඥයින් සමඟත් සාකච්ඡා කර නිශ්චිත දින ඉක්මනින් ලබාදෙන බව මෙහිදී ඩලස් අලහප්පෙරුම මහතා පැවසූ බව ද ගුණවර්ධන මහතා පැවසීය.


සිනමාශාලා ජූලි 2 සිට විවෘත කිරීමේදී ද දැනට නිර්දේශ කර ඇති ආසන සංඛ්‍යාවෙන් 50 කට වඩා ශාලාවකට ඇතුල් කරගත හැකිද යන්න ගැන සාකච්ඡාවක් ද විෂය භාර ඇමැති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා සිනමා ශිල්පීන් අතර හෙට (26) පැවැත්වෙන බව ඇමැතිවරයා කීවේය.

 



අදහස් (4)

උපකාරක පන්තිවලට 100කට වැඩියෙන් එන්න අවසර දියහැකි දැයි සළකා බැලේ

pradeepa Thursday, 25 June 2020 08:34 AM

ඔව් ඒක හොඳ වැඩක්... මොකද මේ දවස්වල ටියුෂන් මාස්ටර්ලා ක්ලාස්වල උගන්වන්නේ නැතිව. අසරණ දෙමව්පියන්ගෙන් මුදල් හම්බකරනවා. ඔන්ලයින් එන්න කියලා එයාගේ නිබන්ධන ගන්න කියලා මුළු මාසික ගාස්තුව අයකරනවා.... හරිම අසාධාරණ විදිහට... එක්කෝ 50% ක් ගත්තා නම් සාධාරණයි. මේ දවස්වල මිනිසුන්ට වැටුප් ලැබෙන්නේ 50% ... හැමතැනම පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් නරකද මේ ටියුෂන් ගුරුවරු...?

:       0       114

de silva Thursday, 25 June 2020 09:22 AM

නිදහස් අධ්‍යාපනය ගොඩගන්න නම් මේ මුදලට කරන ටියුෂන් පන්ති තහනම් කළ යුතුය.

:       1       60

Puppa Thursday, 25 June 2020 09:23 AM

ඔය කොච්චර නීති දැම්මත් නීතිය කොළවල තියෙයි. වැඩ කෙරෙයි ටියුෂන් පන්ති අධිකරණයට ඕනෑ විදිහට... ඒක තමයි තිත්ත ඇත්ත.

:       0       31

nanadana Thursday, 25 June 2020 11:41 AM

ටියුෂන් රටේ සිසුන්ට සහ දෙමව්පියන්ට වින කරන දෙයක්. වැඩි වශයෙන්ම ලංකාවේ ටියුෂන් ඇතිවීමට හේතුව නම් තෘතීය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ඇති සීමිත ඉඩ කඩයි. කළයුත්තේ පුද්ගලික අංශය සමග එකතු වී තෘතීය අධ්‍යාපන අවස්ථා වැඩි කිරීමයි. එවැනි ආයතනවලින් සිසුන්ට දේශීයව හෝ විදේශීයව රැකියා කළහැකි වන අධ්‍යාපනයක් ලබාදිය යුතුයි...

:       0       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 115 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 255 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1081 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 140 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 339 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 314 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site