IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


උදයංග වීරතුංග ගැන විදේශ අමාත්‍යංශයෙන් පරීක්ෂණ නැහැ

( තිළිණි ද සිල්වා)

මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 ක මහජන මුදල් අවභාවිත කළේ යැයි කියන චෝදනාවලට ලක්ව සිටින රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සිදු නොකරන බව එම අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මෙනවිය අද (16) ලංකාදීපයට පැවසුවාය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර ගැනීමේ අරමුණින් ගිය රජයේ බලධාරීන් හිස් අතින් පැමිණීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී ඇය මේ බව කියා සිටියාය.

උදයංග වීරතුංග සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය පරීක්ෂණ සිදු නොකරන බැවින් ඒ සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් අමාත්‍යාංශය සතු නොවන බවත් මහිෂිනී කොළොන්නේ මහත්මිය කීවාය.

එම පරික්ෂණ කටයුතු සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හා  නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය එක්ව ඉකුත් 09 වැනිදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ බවත්  එම නිවේදනයේ සඳහන් කරුණු හැරෙන්නට ඒ පිළිබඳ වෙනත් යාවත්කාලීන තොරතුරු විදේශ කටයුතු අමාතයාංශය සතු නොවන බවද ඇය පැවසුවාය.

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නීතිය හා සාමය අමාත්‍යාංශය විසින් ඉකුත් 09 වැනිදා නිකුත් කළ නිවේදනයෙන් කියා සිටියේ උදයංග වීරතුංග මහතා ශ‍්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීමේ අරමුණින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

මේ කරුණ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයට උපදෙස් ලබාගැනීම සඳහා අබුඩාබියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ආගමනික කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතීඥයන්ගේ සේවය ලබාගෙන ඇතැයි එම අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබිණි.
 



අදහස් (5)

උදයංග වීරතුංග ගැන විදේශ අමාත්‍යංශයෙන් පරීක්ෂණ නැහැ

Missaka Friday, 16 February 2018 07:56 AM

මුළු රටටම, පක්ෂ විපක්ෂ බේදයක් නැතිව උඩ සිට පලට යනකම් හැමෝම බොරු කියනවා. අනේ මෙහෙම කාලයක්.

:       0       0

maal Friday, 16 February 2018 09:14 AM

විදේශ ඇමති මාරපන පවා වහාම ඉවත්කළ යුතුබව ජනපතිට තවමනොතෙරෙන්නේ ඇයි. ජනපති තුමනි වහාම ක්‍රියාකාරී වන්න. එජාපය සහයෝගය දුන් පලියට හැම වැදගත් අමතිකමක්ම ඒ යට දෙන්න එපා රට වෙනුවෙන් සිතන්න.

:       0       0

Tissa Friday, 16 February 2018 09:46 AM

පෙබරවාරි 10 ජනතාව තීරණය දුන්නේ... උදයංග වීරතුංග අල්ලන්න එපා. නඩු දන්නා එපා.

:       0       0

R.Liyanage Friday, 16 February 2018 11:16 AM

ලංකාව හොරුන්ගේ පාරාදීසයක් වේගෙන එන්නේ. මේ හොරු කාගේ කව්රුන්ද ? රටට දෙවියන්ගේ පිහිටයි !

:       0       0

Chanak Los angeles Friday, 16 February 2018 05:29 PM

නමුත් බඩගින්නට පොල් ගෙඩියක් අනවසරයෙන් කඩාගත් අහිංසකයෙකුට නම් පරීක්ෂණයක් නැතුව වුනත් හිරේට දාන නීති රටේ තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 206 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 183 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 367 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 245 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 202 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 490 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 298 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site