IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උතුරේ හෙද සේවා සහයක නව පත්වීම් අවලංගු කරන්න ආණ්ඩුකාරගෙන් නියෝගයක්

(රොමේෂ් මධුෂංඛ)

උතුරු පළාතේ  සෞඛ්‍ය සේවා සහයකයින් බඳවා ගැනීමේදී පැවැති සම්මුඛ පරීක්ෂණයේ  ප්‍රතිඵල වහාම අවලංගු කරන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිලධාරීන්ට නියෝග  කර ඇත.
 
සෞඛ්‍ය සේවා සහයකයින්  454 දෙනෙකු සඳහා පැවති පුරප්පාඩු වලට බඳවා ගැනීම සඳහා අපේක්ෂකයින් 1923 ක් අයදුම් කර තිබූ අතර  බඳවා ගැනීමේදී සිදුවූ බව  කියන අක්‍රමිකතා හේතුවෙන්  මෙලෙස ප්‍රතිඵල  අත්හිටුවීමට  නියෝග කර  තිබේ.
 
ප්‍රතිඵල අවලංගු කරන ලෙස නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වා මාසයක් ඇතුළත අදාළ පුරප්පාඩු වූ තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගැනීමට ආණ්ඩුකාරවරයා උපදෙස් දී  තිබේ.
 
ඒ අතර එහි  විනිවිදභාවය ආරක්ෂා වීම සඳහා කණ්ඩායම් 24ක් පත් කර ඇති අතර සෑම කණ්ඩායමකටම නිලධාරීන් 3 දෙනෙකු සිටින සිටී.
 
ඊට අමතරව උතුරු පළාත් මහජන නියෝජිතයන්ගෙන් එක් නියෝජිතවරයෙකු සහ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වන අයදුම්කරුවන් විසින් නම් කරන අයෙකු  නිරීක්ෂකයන් ලෙස සහභාගී වේ.
 
ව්‍යාජ සහතික සහ ලියකියවිලි සහිතව ඉදිරිපත් වන්නන් සඳහා නීතිමය පියවර ගන්නා බවට ආණ්ඩුකාරවරයා විසින් අනතුරු අඟවා ද ඇත.
 
එමෙන්ම මෙම රැකියාවලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක් ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5 ක් ද අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා සියයට 3 ක්  සහ සංක්‍රාන්තික ලිංගිකයන් සඳහා සියයට එකක් ලෙස වෙන් කිරීමට තමා බලාපොරොත්තු වන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත්  පවසා ඇත.



අදහස් (13)

උතුරේ හෙද සේවා සහයක නව පත්වීම් අවලංගු කරන්න ආණ්ඩුකාරගෙන් නියෝගයක්

Amara Monday, 09 September 2019 07:38 AM

පට්ට, මෙහෙම අය තමයි රටට ඕනේ...

:       0       62

Fellow SriLankan Monday, 09 September 2019 07:48 AM

"එමෙන්ම මෙම රැකියාවලට බඳවා ගැනීමේදී 2020 ජනවාරි 1 වන දින සිට ආබාධිත පුද්ගලයින් සඳහා උතුරු පළාත් බඳවා ගැනීමේ කෝටාව සියයට 6 ක්ද, කාන්තා මූලික පවුල් සඳහා සියයට 5 ක්ද අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා සියයට 3 ක් සහ සියයට එකක් ලෙස වෙන් කිරීමට තමා බලාපොරොත්තු වන බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පවසා ඇත." මේ විදිහටම ක්‍රියාත්මක කරනවා නම් එ්ක ඇත්තෙන්ම විශිෂ්ඨ ආරංචියක් මහත්මයාණෙනි...

:       0       272

Chandana F Monday, 09 September 2019 08:13 AM

අවංකවම සාධාරණයි.

:       0       341

rim Monday, 09 September 2019 09:58 AM

මෙන්න යහපාලනය. නියමයි ජයවේවා…!!!

:       0       23

isurandi Monday, 09 September 2019 11:20 AM

ජාති, ආගම්, කුලමල නොතකන මෙවැනි මිනිස්සු තමයි රටකට ඕනේ...

:       0       79

abaran Monday, 09 September 2019 12:06 PM

ජාති, ආගම් භේද නොසලකා මෙතුමා ජනපති කළ යුතුයි.. නැත්නම් මෙවන් පුද්ගලයෙකු පත්කළ යුතුයි.

:       102       322

CHANDIMA Monday, 09 September 2019 12:32 PM

එ් කියන්නේ සංක්‍රාන්තිකයිනුත් සෑහෙන්න ඉන්නවා වගේ යාපනේ...

:       203       65

ලසන්තMonday, 09 September 2019 02:21 PM

ඇයි මිත්‍රයා නිකන් අවුල් වගේද? ලෝකෙ කොහෙත් ඒ වගේ අය ඉන්නවා. ඒක තමයි ලෝක සොබාව... හැබැයි කෙනෙකුට වෙනස් ලෙස සැලකීමට ඒක හේතුවක් නොවෙයි.

:       1       24

CHANDIMAMonday, 09 September 2019 02:23 PM

මේ මොකද එ්කට කට්ටියට කේන්ති යන්නේ? සියයට එකක් රැකියා සංක්‍රාන්තිකයින්ට දෙනවා කියන්නේ වෙනත් විදියකින්උතුරේ මුළු ජනගහනයෙන් සියයට එකක් සංක්‍රාන්තිකයින් කියන එක නෙවෙයිද? අපේ අයට මම කියන්නේ දැකපු ගමන් යාළුවෙලා කසාද බඳින්න පොරොන්දුවෙන්න ඉස්සරවෙලා ටිකක් හොයලා බලපල්ලා කියලා, පස්සේ පසුතැවෙනවට වඩා..

:       27       12

kamaniMonday, 09 September 2019 06:07 PM

රැකියා අවස්ථා 100 කින් 1ක් සංක්‍රාන්ති අයට දෙනබවයි මෙයින් කියවෙන්නේ. ඒ නැතිව උතුරේ ජනගහනයෙන් 1%ක් ඒ අය කියලා නොවෙයි කියවෙන්නේ.ඔබ පාසල් අධ්‍යාපනය ලබපු කෙනෙක්ද..?නැතිනම් රැට රැට හොර පොල් කඩපු කෙනෙක්ද...?

:       0       27

චිත්රසේන Monday, 09 September 2019 01:33 PM

සිංහල පත්වීම් දීපුවා අවලංගු කරන්න හදන්නේ... සිරිසේන සහ රාගවන් එකතුවෙලා කරන වැඩ මේවා..!!!

:       43       22

chandimaMonday, 09 September 2019 04:27 PM

ඔන්න ඉතින් රෙද්දක් කියවනවා. ඒ කියන්නේ මේ දක්වා වෙන පළාත් වල පත්වීම් දෙන එක අවලංගු කරලා තියෙන්නේ දෙමල පත්වීම් අවලංගු කරන්නද? අම්මප මුන් වගේ මොලේ නැති උන්ට හරියන්නේ මේ දෙසිය විසිපහම තමයි.

:       0       2

sandy123 Monday, 09 September 2019 01:36 PM

ඔබට ජයවේවා..!!! ඉතා අගනා පැසසිය යුතු ක්‍රියාවක්.

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 189 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 770 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 648 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 581 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 291 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 737 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site