ඒ.එෆ්.පී
ලබන මස පැවත්වෙන ශීත ඍතු ඔලිම්පික් උලළේ දී එකම ධජයක් යටතේ ආචාර පෙළපාලියේ ගමන් කිරීමට උතුරු හා දකුණු කොරියාව එකඟ වී තිබේ.
එමෙන්ම ‘අයිස් හොකී’ කාන්තා තරග ඉසව්ව සඳහා දෙරටේම ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත එක් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ද දෙරට අතර එකඟතාව පළ වී තිබේ.
ඉකුත් 9 වැනිදා උතුරු හා දකුණු කොරියාව වෙන් කරන දේශසීමා යුද මුක්ත කලාපයේ පිහිටි පන්මුන්ජොම් ගම්මානයේ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙරටේ අතර එලෙස එකඟතා ඇති වී තිබේ. වසර දෙකකට පසු දෙරට අතර පැවැති සාකච්ඡා සාර්ථකව අවසන් විය.
ශීත ඍතු ඔලිම්පික් උලෙළට උතුරු කොරියාවෙන් කණ්ඩායමක් එවීමට සූදානම් බවට එරට තරුණ නායකයා ජනවාරි 1 වැනිදා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. එහිදි ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට අනතුරු ඇඟවුව ද දකුණු කොරියාව සමඟ සාම සාකච්ඡා පැවත්වීමට තමා සූදානම් බවට ඉඟි කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර දෙකකට පසු ජනවාරි 9 වැනිදා දෙරට අතර සාකච්ඡා පැවත්විණි.
ශීත ඍතු ඔලිම්පික් උළෙල පෙබරවාරි 9 වැනිදා සිට 25 වැනිදා දක්වා දකුණු කොරියාවේ දී පැවත්වීමට නියමිතව තිබේ.
055
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උතුරු හා දකුණු කොරියාව එක ධජයක් යට
pakeer Friday, 19 January 2018 07:31 PM
හොඳ ප්‍රවේශයක්. ඒ වගේම ඉදිරි අවුරුදු කිහිපය අනුන්ගේ වැරදි හොයනවට වඩා ඇමෙරිකාවට තමන්ගේ ප්‍රශ්න විසඳගන්න වෙනවා. විශේෂයෙන්ම ලෝක ත්රස්තවාදයට හොට දමනවාට වඩා ඇමෙරිකාව තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා අන්දම ගැන පිඹුරුපත් සකසන්න වේවි..!!!
siri Friday, 19 January 2018 09:22 PM
මේ අන්දමට 1992 දීත් මේ රටවල් දෙක එකාබද්ධව ප්රමුඛ පෙලේ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ සඳහා කණ්ඩායම් යවනු ලැබුවා. මේ රටවල් දෙකේම ඉන්නේ එකම ජාතියක්, මේ දෙගොල්ලෝ මොන ක්‍රමයකින් හෝ එකතු වෙනවා නම් එය ඉතා සුභවාදී දෙයක් වෙන්නට පුළුවන්. එහෙම වුණොත් ආර්ථික වශයෙන් කොරියාව තවදුරටත් ශක්තිමත් වනුඇති. මෙය උතුරු කොරියාවට පැනවී ඇති සම්බාධක වලින් බේරීමට කරන උප්පර වැට්ටියක් නොවේවා කියා ප්‍රාර්ථනා කරමු.
Perakum Friday, 19 January 2018 11:14 PM
ජර්මනිය ඒකාබද්ධ වූ පරිදි කොරියාවද යලි එක රටක් බවට පත් වේවා යයි පතමු.
ෂන්මුගම් Friday, 19 January 2018 11:54 PM
මේ ක්‍රියාදාමය පිළිබඳ ප්‍රවෘත්තිය අපේ උතුරේ දකුණේ දෙමස්සිනාලාට පෙන්නුවොත් නරකද?
gunaratna Saturday, 20 January 2018 12:56 AM
අනේ දෙවියනේ අපේ රටෙත් මේවගේ මහින්ද මෛත්‍රි එකතු වුණොත් රට දිව්‍යලෝකයක් වෙනවා අනිවාර්යයෙන්...
C.K.Lankaputhra Saturday, 20 January 2018 01:12 AM
භයානක යුද්ධයක් වළක්වා ගැනීමේ යහපත් ප්‍රවණතාවයක් බව හැඟෙයි.
චාමර Saturday, 20 January 2018 01:37 AM
වෙන්වුණු ජාතිය එක්වේවා!
අමිල Saturday, 20 January 2018 02:02 AM
ආඩම්බරයි ..... ජය වෙවා
Upali Saturday, 20 January 2018 03:51 AM
ඉතාම සතුටු දායක පුවතක්. මේ අයුරින් සමගි සන්ධාන වීමෙන් න්‍යෂ්ටික යුධ බිය දුරු වෙනු ඇතැයි විශ්වාස කරමි.
daham Saturday, 20 January 2018 06:22 AM
ජය වේවා. ඇමෙරිකන් උන්මාදය පිටු දකින්න මේ වගේ රටවල් සමගි විය යුතුයි. එය ලෝකෙටම සාමය සඳහා හේතු වෙනවා.
daham Saturday, 20 January 2018 10:25 AM
ජය වේවා. එක රටක් ලෙස එක් වන්න. මුළු රටම එකට දියුණු වෙනවා එතකොට. ඇමෙරිකාවට බැහැ එතකොට ඔය රටවල් අතකොලු කර ගන්න.
Bamunuarachchi Saturday, 20 January 2018 01:20 PM
ඔය දෙගොල්ල අතර යුද්දයක් නොවන බව මම කලින්ම කීවා මගේ කොමෙන්ට් එක ගැන මටම සන්තෝසයි.
Bamunuarachchi Sunday, 21 January 2018 06:44 AM
ප්රශ්නය මේ දෙගොල්ලගෙ මිතුදමට ඇමරිකානුවා පොල්ලක් දමයිද? කොරියන් මිත්‍රවරුනි, ඇමරිකන් ගැටවලට අසුවෙන්න එපා. 2015 දී අපේ රටේ 62ක් මිනිස්සු ඇමරිකන් ගැටවලට අසු වුණා..
de silva Sunday, 21 January 2018 10:24 AM
ගුණරත්න මහත්මයා කියනවා මහින්ද මෛත්‍රී එකතු වුණොත් අපේ රට දිව්‍යලෝකයක් කරන්න පුළුවන් කියලා. ඔහුට අමතකද දන්නේ නැහැ. 2015 වෙනකම් අවුරුදු 30ක් විතර මේ දෙන්න එකම පක්ෂේ හිටියේ.. අවුරුදු 20ක් විතර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් එකම කැබිනට් එකේ දෙන්න වාඩිවෙලා ඉඳල තිබෙනවා. එතකොට මේක සුරපුරක් වුණාද? මගේ නම් අදහස මහින්ද, මෛත්‍රී, රනිල් යන තුන්දෙනාම පැන්ෂන් යැවිය යුතු කාලය එලැඹ ඇති බවයි.
BamunuarachchiSunday, 21 January 2018 01:01 PM
හලෝ ඊයේ පෙරේදා ඉපදුණු නිසා දන්නේ නැතුව ඇති මෙරට අවුරුදු 30ක ත්‍රස්තවාදයෙන් බැටකෑවා. එතකොට කට්ටිය කීවේ මේ යුද්ධය දිනන්න බැහැ කියලා. එහෙව් නායකයෝ සිට මෙරටේ අපිව නිදහස් ලෝකයකට ගෙන ගියේ මහින්ද මහතා. ඔබ දන්නේ නැතිනම් ඔබේ තාත්තාගෙන් හෝ සීයා ගෙන් වැඩි විස්තර දැනගන්න. මෙවැනි සිංහලයෝ සිටින රටක් සක්කරයාගේ පුතා වයිමා අාවත් දිව්‍ය ලෝකයක් කරන්න බැරිය.
BamunuarachchiMonday, 22 January 2018 01:17 PM
පැන්ෂන් යවලා රට බාර දෙන්නේ කාටද. විහිලුවට වගේ ඒකත් කියන්නකෝ. ජ.වී.පෙ එක කියනවා එගොල්ලෝ තාම රට බාරගන්න සූදානම් නැහැ කියලා.