(බී.බී.සී ඇසුරිනි -055)
ජාත්‍යන්තර විවේචන කොතරම් එල්ල වුවද ඇමෙරිකා එක්සත් ජනපදය හා උතුරු කොරියාව අතර යුදමය අර්බුදකාරී තත්ත්වය තව තවත් වර්ධනය වුවද ඉදිරියටත් මිසයිල අත්හදා බලන බව උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු බී.බී.සී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
“අපි සතිපතා , මාසිකව සහ අවුරුදු පතා මිසයිල අත්හදා බැලීම් කරනවා” යැයි උතුරු කොරියාවේ සිටින බී.බී.සී වාර්තාකරු ජෝන් සුද්වර්ත් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එරට උප විදෙස් අමාත්‍ය හන් සෝන්ග් රියෝල් මහතා පැවැසීය.
ඇමෙරිකාව කිසිදු වගකීමකින් තොරව ආයුද භාවිත කළහොත් එහි අවසන් ප්‍රතිඵලය බිහිසුණු යුද්ධයක් ඇතිවීම යැයි උතුරු කොරියා උප විදෙස් අමාත්‍යවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී කීවේය.
උතුරු කොරියාව සම්බන්ධයෙන් අනුගමනය කළ උපායමාර්ගික ඉවසීම දැන් අවසන් වී ඇතැයි මෙම සම්මුඛ සාකච්ඡාව පළ වීමට පැය කිහිපයකට පෙර ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ජනාධිපති මයික් පෙන්ස් මහතා කීවේය. මේ වනවිට ඇමෙරිකා නියෝජ්‍ය ජනාධිපතිවරයා දකුණු කොරියාවේ සංචාරයක නිරත වී සිටියි.
කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙන අතර උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සීතල යුද්ධය උග්‍ර වී තිබේ. ඇමෙරිකාව, රුසියාව හා චීනය ද ඊට මැදිහත් වී ඇත.
දකුණු කොරියාවේ වැඩ බලන ජනාධිපති හ්වාන්ග් කියෝ අහ්න් සමඟ අදහස් දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ජනාධිපති මයික් පෙන්ස් මහතා කීවේ උතුරු කොරියාව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාව පරීක්ෂා නොකළ යුතු බවයි.
“පසුගිය සති දෙකක කාලයේදී ලෝකය අපේ නව ජනාධිපතිවරයාගේ ශක්තිය හා ඔහුගේ ක්‍රියාකාරකම් දුටුවා. ඔහු සිරියාවේත් ඇෆ්ගනිස්තානයේත් සිදුවීම් වලට මැදිහත් වූ ආකාරය ලෝකයම දැක්කා” යැයි මයික් පෙන්ස් මහතා කීය.
උතුරු කොරියාව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ හෝ කලාපයේ ඇමෙරිකා හමුදාවල ශක්තිය පරීක්ෂා කිරීමට උත්සාහ නොකළ යුතු බව ප්‍රකාශ කළ ඇමෙරිකා නියෝජ්‍ය ජනාධිපතිවරයා දකුණු කොරියාවට ඇමෙරිකාවේ 100% සහාය හිමිවන බව ද අවධාරණය කළේය.
(ඡායාරූප-ඒඑෆ්පී)
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උතුරු කොරියාවෙන් හිතුවක්කාර ප්‍රකාශයක්