IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


උතුරු කොරියාවෙන් නිදහස ලැබූ ඇමෙරිකානු සිසුවා මිය යයි

මාස 17කට ආසන්න කාලයක් උතුරු කොරියානු සිර අඩස්සියේ සිට නිදහස ලැබූ ඇමෙරිකානු සරසවි සිසු ඔටෝ වොම්බියර් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කෝමා තත්ත්වයේ පසු 22 හැවිරිදි ඔටෝ ඉන් මිදී දින කිහිපයකට පසු මෙසේ මියගිය බව ඔහුගේ දෙමාපියෝ පවසති.

සංචාරයක යෙදී සිටියදී ඔටෝ උතුරු කොරියාවේදී අත්අඩංගුවට පත්විය. මොළයට දැඩි ලෙස හානි සිදු ව ඇතැයි ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පැවැසූහ. “ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැහැ. ඔහු ඉතා දුර්වල මට්ටමක තමයි පසුවුණේ” වෛද්‍යවරු කීහ.  

“අවාසනාවකට, උතුරු කොරියාවේදී අපේ පුතාට නිසි ප්‍රතිකාර ලැබී නැහැ. නිසි ප්‍රතිකාර වෙනුවට ඔහුට ලැබී තිබෙන්නේ වද හිංසා. මේ දෙය සිදුවේවි කියා අපි දැන සිටියා” වොම්බියර් පවුල නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණි.

වොම්බියර් කෝමා තත්ත්වයට පත්ව තිබෙන්නේ 2016 වසරේ මාර්තු මාසයේදී යැයි ඔහුගේ ඥාතීහූ පවසති.
උතුරු කොරියාවේදී බරපතළ වැඩ සහිතව වසර 15කට සිර දඬුවම් ලැබූ අවස්ථාවේදී එය සිදුව ඇතැයි ද ඔවුහු චෝදනා කරති.

ඔටෝ වොම්බියර් මියගියේ සින්සිනාටි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

“වොම්බියර් කිසිදු භාෂාවක් තේරුම්ගන්නා බවක් හෝ අප පවසන දේවල් තේරුම් ගන්නා බවක් පෙන්නුම් කළේ නැහැ. ඔහුට ඔහුගේ පරිසරය ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. ඔහු කිසිදු චලනයක් දැක්වූයේ නැහැ. එහෙත් ඔහු ස්වඋත්සහයෙන් හුස්ම ගත්තා” යැයි සින්සිනාටි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරු පැවැසූහ.

කෙසේ නමුත් මරණයට මුල් වූ හේතු සම්බන්ධයෙන් වොම්බියර් පවුල කිසිවක් සඳහන් නොතිබිණි.

උතුරු කොරියාවේදී ඔටෝ වොම්බියර්ට කරන ලද ප්‍රතිකාර සහ  ඔහු රඳවා තබා ගත්තේ කෙසේද යන්න අභිරහසකි. එහෙත් උතුරු කොරියාවේදී ඔහුට කායික වදහිංසා පැමිණ වූ බව වොම්බියර්ගේ තත්ත්වයෙන් පෙනී යන බව ඔහුගේ ඥාතීහු පැවැසූහ.

( රොයිටර්-055 )



අදහස් (4)

උතුරු කොරියාවෙන් නිදහස ලැබූ ඇමෙරිකානු සිසුවා මිය යයි

nilmini Tuesday, 20 June 2017 07:33 AM

මේ ළමය හොරකම් කරන්න ගිහින් අහුවෙලා හිරේ ගිය කෙනෙක්. රටකට ගියාම ඒ රටේ නීතියට ගරු කරන්න ඕනේ. ඇමෙරිකානුවෝ හිතන්නේ අනිත් රටවල් වල නීති එයාලට අනුව වෙනස් වෙන්න ඕනේ කියල. සිගප්පූරුවේ දී ඇමරිකන් ළමයෙකුට කස පහර කන්න වුනෙත් ඔය නිසා.

:       56       52

tony-maharagama Tuesday, 20 June 2017 10:10 AM

ඔය වැඩේ මනුස්සකමට නිගාවක් වුනත්, අමරිකානුවන්ගෙන් ලෝකෙට මෙතුවක් කල් වෙච්ච සහ දැනට වෙමින් ඔඅවතින දේවල් දිහා බැලුවම ඔවුන්ට මීට වඩා කෘර දේවල් වෙන්නෝන. මොකද ගොඩක් අයට අනුන්ගේ දුක තේරෙන්නේ නැහැ තමන්ට එය දැනෙනකම්. කටුක වුනත් යතාර්ථය එයයි.

:       27       29

vidya Tuesday, 20 June 2017 02:34 PM

කොමිසිස්ට් වාදය චීනයෙවත් රුසියාවෙත් හරි ගියේ නැහැ. මිනිස් කම හඳුනන්නෙති පාලකයින් ඉන්න රටවල්. උතුරු කොරියාව පාලනය කරන්නේ මානසික ලෙඩෙක්. පුටින් කියන්නේ රුසියාවේ ඉන්න ලෝක තක්කඩියා.

:       158       40

CHANDRA WEERASINGHE Wednesday, 21 June 2017 08:54 PM

ලෝකයේ සියලු රටවල් උතුරු කොරියාව වර්ජනය කල යුතුයි . චන්ද්‍ර

:       98       48

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 145 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 1135 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 508 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 280 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 183 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 329 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site