එෆ්.අස්ලම්
උතුරු පළාතේ අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලුකාරී තත්ත්වයට හොඳම සහ පැහැදිලිම විසඳුම සමස්ථ අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්වී නව අමාත්‍යවරුන් නම් කර දිව්රුම් දීම යැයි එම පළාතේ ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
අමාත්‍යවරුන් පත්කිරීමට හෝ ඉවත් කිරීමට තමාට ප්‍රතිපාදන නැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අමාත්‍යවරුන් නම් කිරීම හා පත්කිරීමේ බලතල ඇත්තේ ප්‍රධාන අමාත්‍යවරයාට බවත් පළාත් ප්‍රධාන අමාත්‍යවරයා තමන් වෙත කඩිනමින් මෙම ගැටලුවට විසදුම් ඉදිරිපත් කළ යුතු බවත් හෙතෙම සදහන් කළේය.
‘උතුරු පළාත් සභාවේ වර්තමාන අමාත්‍ය මණ්ඩල සංයුතිය මුළුමනින්ම වෙනස් වී තිබෙනවා. හිටපු අමාත්‍ය පී.ටෙනීස්වරන් මහතා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් වෙනුවෙන් ලබාදී ඇති අභායාචනාධිකරණ තීන්දුව අනුව ටෙනීස්වරන් මහතාගේ අමාත්‍ය ධූරය සක්‍රීය කරන ලෙස ලබා දී ඇති අධිකරණ නියෝගය සමගින් අද වනවිට උතුරු පළාත් සභාවට අමාත්‍යවරුන් 06 දෙනෙකු සිටිනවා.
අද වනවිට උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ට රැස්වී පළාත් සභාවේ පරිපාලනයට අදාල නීති රීති ප්‍රතිපත්ති සැකසීමට පුළුවන් කමක් නැහැ.එයට හේතුවී තිබෙන්නේ අභියාචනාධිකරණය මගින් ලබාදී ඇති අතුරු තහනම් නියෝගය අනුව ඩෙනීෂ්වරන් මහතාට සිය අමාත්‍යංශයේ බාධාවකින් තොරව වැඩ කිරීමට පහසුකම් සලසන ලෙස දුන් නියෝගය ක්‍රියාත්මක් කිරීමයි.
මේ සදහා ගතයුතු හොදම පැහැදිලිම විසදුම පළාත් සභාවේ සියළු අමාත්‍යවරුන් ඉල්ලා අස්වී නව අමාත්‍ය මා වෙත නම් කර දිව්රුම් දීමයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තියට අනුව ඕනෑම පළාතක ප්‍රධාන ඇමතිවරයා විසින් තමයි අමාත්‍යවරුන් නම් කළ යුත්තේත් පත්කළ යුත්තේත්.කිසිම අමාත්‍යවරයෙකු පත්කිරීම හෝ ඉවත් කිරිම සදහා මා වෙත ප්‍රතිපාදන නැහැ.ඒ අනුව ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා මෙම ගැටලුවට විසදුම් කඩිනමින් මා වෙත ඉදිරිපත් කළ යුතුයි.‘‘
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උතුරු ඇමැති ගැටලුවට ආණ්ඩුකාරවරයා මහ ඇමැතිගෙන් විසදුම් ඉල්ලයි
සතයපාල Monday, 13 August 2018 02:45 PM
මේ මනුස්සයා මහා ඇමැතිවරයා වූ දවසේ ඉඳලා හැමදාම උතුරු පළාත් සභාවේ ප්‍රශ්න... දැන් බලාගෙන ගියාම මෙයාව පළාත් සභාවක මහාඇමති තනතුරට නොවේ... ගමේ මරණාධාර සමිතියේ සභාපති තනතුර දරන්නවත් සුදුසු අයෙක් නොවේ.
Bamunuarachchi Monday, 13 August 2018 06:15 PM
ඔය පළාත් සබා වලින් රටට උන සේවයක් නැත. සිදු උනේ බඩගෝස්තරය සොයා ගැනීම පමණි. එමනිසා රටේ උන්නතිය සඳහා පළාත් සබා නැතිකර දමන්න.