(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාත් සභාවේ පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන් නව අමාත්‍යවරු දෙදෙනෙක් අද (23) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දුන්හ.
උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය,පරිවාස හා ළමාරක්ෂක සේවා නව අමාත්‍යවරයා වශයෙන් වෛද්‍ය ආචාර්ය ඥානශීලන් ගුණසීලන් මහතාද කෘෂිකර්ම හා ගොවිජන සේවා ,සත්ව පාලන ,වාරිමාර්ග ,ධීවර , ජල සම්පත් හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කන්දයියා සිවනේශන් මහතා අද පත් කෙරිණ.
ඊට අමතරව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාද මුදල් හා ක්‍රම සම්පාදන , නීතිය හා සාමය , ඉඩම් විදුලිබල ,නිවාස හා ඉදිකිරීම්, සංචාරක ,පළාත් පාලන, පළාත් පරිපාලන ,ග්‍රාම සංවර්ධන , මාර්ග සංවර්ධන , මෝටර් රථ ප්‍රවාහන හා ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන්නේය.
තවද උතුරු පළාත් කාන්තා කටයුතු ,පුනරුත්තාපන , සමාජ සේවා ,සමූපාකාර, ආහාර සැපයුම් හා බෙදාහැරීම් කර්මාන්ත හා ව්‍යවසාය ප්‍රවර්ධන ,වෙළෙඳ හා වානිජ අමාත්‍යවරිය වශයෙන් ආනන්දි ශෂිධරන් මහත්මියද දිවුරුම් දුන්නාය.
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරට නව අමාත්‍යවරු දෙදෙනෙක්