( තිළිණි ද සිල්වා )
සංචාරක වීසා මත ඊශ්‍රායලයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු ශ්‍රී ලාංකිකයන් 13 දෙනා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට විදේශ රැකියා අමාත්‍යාංශය මැදිහත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මේ සතිය තුළ මොවුන් හමුවීමට යාමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසට විදේශ රැකියා අමාත්‍ය ගාමීණී ලොකුගේ මහතා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම්දී ඇති බවද සඳහන් වේ.
නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට පැමිණි ලාංකිකයින් 13 දෙනෙකු අධිකරණ විභාගයකින් තොරව එරට සිරගත කර ඇති අතර ,ඔවුන්ට සති දෙකක කාලයකට අයිතිවාසිකම් අහිමි කර ඇති බව ඊශ්‍රායලයේ පළවන ‘‘ ද ජෙරුසලම් පෝස්ට් ’’ වෙබ් අඩවිය විසින් ඉකුත් සතියේ වාර්තා කර තිබිණි.මෙලෙස සිරගත කොට ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ ලංකාවේ සිදුවු දේශපාලන වෙනසින් පසු මරණීය තර්ජන ඇති බව පවසමින් සංචාරක වීසා මත ඊශ්‍රායලය වෙත පලා ගොස් ඇති ලාංකිකයින් පිරිසකි.
අදාළ පුද්ගලයින්ට ටෙල්අවිව් නුවර බෙන්-ගුරියන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ප්‍රශ්න කිරීම සඳහා පරිවර්තකයෙකු නොමැතිවීම හේතුවෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි එක් සාමාජිකයෙකු සමඟ 11 දෙනා සහ කාන්තාවන් දෙදෙනා ඊශ්‍රායලයේ රැඳවුම් ම්‍යස්ථානයක් වෙත ගෙන ගොස් ඇති බවට එරට පළවන ජෙරුසලම් පෝස්ට් පුවත්පත් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් දැක්විණි.
මේ අතර සතියක් පුරා අදාළ සැකරුවන්ගේ මූලික අයිතිවාසිකම් අහිමිකරමින් ඔවුන්ට දුරකථන ඇමතුම් ලබා ගැනීමට හෝ ඔවුන්ට ඇඳුම් මාරු කළ ගැනීමට පවා නොහැකි වූ බව අදාළ පුද්ගලයින් සඳහන් කර තිබිණි.ඔවුන්ට ඖෂධ ලබාගැනීමට අවසර නොලැබුණ අතර වකුගඩු රෝගය හා දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයෙකු රෝග උත්සන්න වීම හේතුවෙන් වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වෙයි.
අදාළ සැකකරුවන් සිරගත කිරීමට ගෙන යන අවස්ථාවේදී එක් පුද්ගලයෙක් විසින් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වෙත සිය ජංගම දුරකථනයෙන් පණිවුඩයක් ලබා දී ඇති අතර අදාළ එම ලාංකිකයා විසින් මෙම 13දෙනා නීතිඥයෙකු වෙත යොමු කර ඇත.පසුව අදාළ නීතිඥවරයා සමඟ පැවති සාකච්ඡුාවලින් අනතුරුව,
ඔවුන් එරට ආරක්ෂක අංශවෙත පවසතා ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේ සිදුවු දේශපාලන වෙනසින් පසු මරණීය තර්ජන හේතුවෙන් ඊශ්‍රායලය වෙත පැමිණි බවයි.
නමුත් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඊශ්‍රායලය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත පවසා ඇත්තේ රැකියාවක් ලබා ගැනීම පිණිස ඊශ්‍රායලට පැමිණි බවයි.කෙසේ වෙතත් සිරගත කර සිටින ලාංකිකයින් පිරිස තමන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීම හා සිරගත කිරීම සම්බන්ධයෙන් එරට දිසා අධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමටද කටයුතු කර ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඊශ්‍රායල් බන්ධනාගාරයේ සිටින ලාංකිකයින් 13 බේරා ගැනීමට අමාත්‍යංශය මැදිහත් වෙයි
නාමල් පෙරේරා Sunday, 18 November 2018 02:10 PM
ෂුවර් එකටම මේ අය කොටි තමයි ...
Sugandhi Sunday, 18 November 2018 03:10 PM
ලැජ්ජාවක් නැහැ...
rasika Sunday, 18 November 2018 09:55 PM
මොවුන් නිසා තමයි ලංකාවේ ප්‍රතිරූපේ විනාශ වෙන්නේ. මොවුන් බොරු ගොතල කියනවා සරණාගත වීසා ගන්න.
Nimal Monday, 19 November 2018 07:12 AM
යම්කිසි රටකට සංචාරකයින් හැටියට ඇතුළුවෙනවා නම් ඔවුන් තම විසා කොන්දේසි අනුව වැඩ කළයුතුයි. සංචාරක කාලය අවසන් වූ පසුව රටෙන් පිටවිය යුතුයි. ශ්‍රී ලංකාවේත් වීසා නීති කඩ කළොත් ඕනෑම සංචාරකයෙකුට ශ්‍රී ලංකාවේ නීති අනුව කටයුතු කරනවා. ඊශ්‍රායලයත් එසේයි. මොවුන් ශුද්ධවූ දේශයේ සංචාරයට කියා ඊශ්‍රායෙල් දේශයට විසා අරගෙන සංචාරය අතරතුර අතුරුදහන් වෙනවා.. අද ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායෙල් රටින්, සීනයි අර්ධද්වීපය හරහා ගොඩබිමෙන් ඊජිප්තුවට යන්නට අවසර දෙන්නේ නැහැ...