IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායලයේ සිර වූ ලාංකිකයන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

(තිළිණි ද සිල්වා)

පවතින කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් යළි දිවයිනට පැමිණීමට නොහැකිව සිටින තමන්ව හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගන්නැයි ඊශ්‍රාලයේ රැකියා සදහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයෝ 100කට ආසන්න පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර සිටිති.


මෙම පිරිස යළි දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේද ලියාපදිංචිව සිටින අතර ශ්‍රී ලංකාවේ හෝටල්වල සිට නිරෝධායනය වීමට කැමති බවත්, ජනාධිපතිවරයා වෙත ලිඛිතව කළ ඉල්ලීමේ මේ බව සදහන් කළ බවත් එම ලාංකිකයන් පිරිස අතර සිටින ජනත් විමල මහතා ලංකාදීපයට පැවසීය.

කොවිඞ් වසංගත තත්ත්වය නිසා නැවත ලංකාවට පැමිණීමට නොහැකිව සිටින මෙම පිරිසෙහි ගර්භනී කාන්තාවන්, හෘද රෝග, පිළිකා, අවදානම් සහිත සෞඛ්‍ය තත්වයේ පසුවන අය, වීසා කල් ඉකුත් වූ අය, රැකියා වීසා අවලංගු වූ අයද සිටින බව ජනත් විමල මහතා වැඩිදුරටත් පැවසීය.

එබැවින් මෙම ලාංකිකයින්ගේ ගැටලු ගැන සානුකම්පිත වෙමින් නොවැම්බර් මාසය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් යානයක් ලබා දෙන්නැයිද තමා ඇතුළු මෙම ලාංකිකයින් පිරිස ජනාධිපතිවරයා ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් කීය.



අදහස් (14)

ඊශ්‍රායලයේ සිර වූ ලාංකිකයන්ගෙන් ජනපතිට ඉල්ලීමක්

අජිත් Wednesday, 25 November 2020 12:20 PM

අපිත් රෙජිස්ටර් වෙලා සෑහෙන කල් ඉඳන් බලන් ඉන්නේ... තාමත් මේ ගැන සද්දයක්වත් නෑ. කට්ටිය ගෙන්වන බව නම් කිව්වා. එ්ත් ඉතින් කවුරු කොහෙන් ගෙන්වනවද කියන්න දෙයියෝ තමයි දන්නේ...

:       0       20

කුසුම් Wednesday, 25 November 2020 03:23 PM

අපෝ මේ ජනාධිපතිට ඔයිට වඩා කරන්න වැඩ තියනවා. රට ඉන්න ගොඩක් අයගේ හිතේ එයාලා දාන වීඩියෝ බල බල ඉන්න එක ඇර ජනාධිපතිට වෙන වැඩක් නෑ කියලා.

:       13       6

බද්රානිWednesday, 25 November 2020 09:03 PM

අන්න හරි කුසුමා, ඔයාගේ ඔය ජනාධිපතිට මේ කොහේ හෝ පිටරටක ඉඳගෙන, කොඩි දාගෙන ඡන්දෙ දාන්න ලංකාවට ආපු කැළණි හිඟන්නන්ගෙන් දැන් වැඩක් නැහැ. එතුමාට උපකාර කළ ගජ මිතුරන් කීපදෙනෙක් ඉන්නවා. ඒ අයට සැලකුවාම අර කැළණි හිඟන්නන් නිකම්ම දපනේ වැටෙනවා. පහුගිය කාලේ මුස්ලිම් රටවලින් හා සුද්දන්ගේ රටවලින් කාලා බඩ පුම්බගෙන උඩ පැනගෙන දඟලපු දැඟලිල්ලට ඔහොම වෙලා මදි ඔහෙලට....

:       0       1

Amila Nuwan Wednesday, 25 November 2020 03:25 PM

අපෝ මේ කොරෝනා අස්සෙ ලංකාවට එන්න එපා. මෙහෙ ඉස්පිරිතාල පිරුණම මෙහෙ අහුවෙන ලෙඩ්ඩු මුහුදටද දාන්නෙ. කොරෝනා ඉවරයක් වුනහම එන්න.

:       17       3

DharmasiriThursday, 26 November 2020 07:07 AM

ලංකාව තුළ කොරෝනා ව්‍යාප්ත වෙන්නේ ලංකාවේම ඉන්න අයගෙන්... රටින් ආව අයගෙන් නොවේ. මම අවධානයෙන් කියන්නේ.... මොකද රට ඉඳන් එන කෙනෙක් PCR ටෙස්ට් 4ක් වත් කරනවා. ඒ හැම ටෙස්ට් එකක්ම නෙගටිව් නම් තමයි ගෙදර යන්න ලැබෙන්නේ... නමුත් ටෙස්ට් කීයක් කරලා තියෙනවද? සමහර විට ඔබලාටත් කොරෝනා ඇති නොදුනුවත්වම... PCR ටෙස්ට් එකක් කරලා බලන්න.

:       0       1

අෆ්ෂීන් Wednesday, 25 November 2020 03:27 PM

නිරෝධානය කඳවුරු වල ඉඩ නැති නිසා හෝටල්වල තමයි නිරෝධායනය කරන්නේ... එහෙම හෝටල්වල නිරෝධානය වෙන්න කැමති අයට තමයි එන්න පුළුවන්... අනිත් අයට කොරෝනා ඉවර වුණාම තමයි එන්න වෙන්නේ...

:       8       3

කැලුම් Wednesday, 25 November 2020 03:28 PM

අපෝ අපෝ මෙහෙ එන්න එපා. ගුවන් තොටුපළ ඇරලා තමයි ලංකාවට කෙළවුනේ. ඕක වහන්න. මෙහෙ ගෙන්වන්න එපා කිසිම කෙනෙක්ව... විශේෂයෙන් මැදපෙරදිග අය...

:       17       1

RaveendraThursday, 26 November 2020 01:39 AM

පළමුව ඔබ ලංකා මාතාවගේ දරුවෙකුද යන්න ගැටලුවකි. දෙවනුව තමන්ට තුන්වේල කුසගිනි නිවීමට ඍජුවම දායකවුණු ඒ මිනිසුන් (විශේෂයෙන් මැදපෙරදිග) අමතක කිරීමට තරම් ඔබ කුහකවීම පුදුමයෙකි. ඒ මිනිසුන් ලංකාමාතාවගේ දුදරුවන් නොවේද? ඔබ පමණක් ලක්මවගේ දරුවෙකුද? මේ වසංගතය හේතුවෙන් රැකියා අහිමි වී අපා දුක් විඳින ඒ අහිංසක මිනිසුන් අමාරුවේ වැටී සිටිනවිට අහලා බලන්න තරමට ඔබ වැන්නන් "අධමයන් වී" සිටීම කණගාටුවකි. මේ අවදානම් අවස්ථාවේ තම පුරවැසියන්ට තමන් උපන් රටට ඇතුළුවීමට නොදී ගුවන්තොටුපල වසා දැමූ ලෝකයේ එකම එක රට ශ්‍රී ලංකාව වීම අවාසනාවකි. ඔබ වැනි තමන් ගැනම පමණක් හිතන නිවට පාහරයින් පිළිබඳව ස්වභාවධර්මය වගකීම බාරගනු නියතයි. එසේ නොවීමට ඔබට ඉක්මණින් ඥාණය පහළ වේවා...!!

:       0       0

Hafeel Wednesday, 25 November 2020 03:52 PM

ඡන්දයක් ළඟ නම්, මේ වනවිට ගෙනැල්ලා අවසන්...

:       0       18

isurandiThursday, 26 November 2020 04:24 AM

වැඩක් නැහැ ඒ ගැන කියලා...

:       0       4

Bayiya Thursday, 26 November 2020 02:33 AM

මැදපෙරදිග පැත්තේ මොනවා වුණත් කමක් නෑ.. මේ ගොල්ලො ලංකාවට නම් ගෙන්නන්න එපා. මෙයාලා එහෙන් කෝවිඩ් හදාගෙන අැවිල්ලා මෙහෙ මොනවා හරි වුණොත් ලංකාවේදී වුණා කියලනේ කියන්නේ... දැන් බලන්නකෝ අර 90ක්ද කොහෙද පිටරටවල මැරිලා තියෙනවා ඔය ටික ලංකාවට ආවා නම් ආණ්ඩුවටනේ අවුල වෙන්නේ.. ඒක හින්දා මෙයාලා මේ කෝවිඩ් ඉවර වෙනකන් ගෙන්නන්න එපා.

:       1       0

sakalabujan Thursday, 26 November 2020 05:53 AM

බෙහෙතක් හොයා ගන්න බැරි කොරෝනා දැන්මම ලෝකයෙන් ඉවත් වෙන්නේ නැහැ. පිටරට වැඩකරන ඉන්දියාවේ අයටත් එයාලගේ රටට යන්න එන්න දෙනවා වගේම ගෙදර නිරෝධායනය වෙන්න දෙනවා. ලංකාවේ විතරයි අහිංසක පිටරට ඉඳලා එන අයව තරු හෝටල් වල නිරෝධායනය වෙන්න කියලා සල්ලි හූරාගෙන කන්නේ... මැද පෙරදිග ඉඳලා රස්සාවෙන් අස්වෙලාම ගෙදර එන්න වෙලා තියෙන්නේ... ලංකාවට ඇවිත් නිරෝධායනය කියලා වද දෙන නිසා... අනිත් රටවල මිනිස්සු හිනාවෙනවා ලංකාවේ ගුවන්තොටුපල ලංකාවේ අයටම වහලා එන්න යන්න බැරි කරලා තියෙන එකට දවසට රු 7,500 හෝ 9,000 ගානේ දවස් 14ක් රු 105,000 හෝ 126,000ක් දීලා හෝටලයක ඉඳලා ගෙදර එන්න පුළුවනි.. නමුත් සැප නැහැ අපට රස්සාවේ රස්නෙයි දුකයි තමා මැද පෙරදිග. රටට වැඩිම විදේශ විනිමය ගෙන එන ශ්‍රමිකයින්ට කරපු කැත වැඩේට සාප වේවා... අහිංකයාගේ මුදල් සූරා කන අයටත් ඒවාට උඩ ගෙඩි දෙන අයටත්....

:       0       7

fairoos Thursday, 26 November 2020 07:17 AM

ඕවා දැන් ජනාධිපතිතුමාට කියලා වැඩක් නැහැ. පගාවක් දීලා එන්න බලන්න.

:       0       2

Rata Perata Thursday, 26 November 2020 07:31 AM

අපෝ , මේ දවස්වල ඇමතිකම් ‍බෙදනවා. ඕවා ගැන බලන්න වෙලාවක් නැහැ. ඊට ඉස්සරවෙලා 20 සම්මත කරගෙන නඩුවලින් බේරෙන වැඩේ තිබුණා. ඒක නිසා විරුවා වියරුවෙන් රට කාලා ඉවර වෙනකම් ඉන්න රටකට වෙලා ඉන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 282 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 324 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 89 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1118 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 284 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 347 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site